ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද?

    ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද?

    voters.jpg



    ලිපියේ මාතෘකාවේ ප්‍රාදේශීය සභා චන්දය යනුවෙන් සඳහන් වුවද ඇත්ත වශයෙන්ම මා අදහස් කරන්නේ පළාත් පාලන චන්දයයි. එයට ප්‍රාදේශීය සභා මෙන්ම නගර සභාද අයත් වෙයි .බොහෝ විට මෙම මැතිවරණය ලබන ජනවාරි මස පැවැත්වීමට ඉඩ තිබේ.


    මේ ලිපියේ සලකා බලන්නේ උතුර සහ නැගෙනහිර හැර අන් ප්‍රදේශයන්ය.ඒවායේ වැඩි වාසිය අත්වන්නේ දෙමල ජාතික සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රසයටය.

    අනෙකුත් ප්‍රදේශ සඳහා ප්‍රධාන වශයෙන් කණ්ඩායම් 4 ක් ඉදිරිපත්වෙනු ඇත. ඒවා සියල්ල හෝ වැඩි ප්‍රමාණයක් සන්ධාන වනු ඇත. එක්සත් ජාතික පක්ෂය පෙරමුණක් ලෙස චන්දයට ඉදිරිපත් විය හැක ,ඉකුත් මහා මැතිවරණයේදීද ඉදිරිපත්වුයේ එක්සත් ජාතික පෙරමුණ ලෙසය . මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රිලනිපයද සන්ධානයකින් තරඟ කරන බවට සැකයක් නැත. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද සන්ධානයකින් තරඟ වැදීම ස්ථිරය .හතර වන කණ්ඩායම වන ජනතා විමුක්ති පෙරමුණ තනිව හෝ නාමික සන්ධානයක් හදාගෙන තරඟ කිරීමට ඉඩ තිබේ.


    මෛත්රිගේ ශ්‍රීලනිපයට සහ එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ තිබෙන වාසිය වන්නේ එම දෙපාර්ශවයම බලයේ සිටීමය .එබැවින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය වටා කුඩා පක්ෂ සහ කණ්ඩායම් සැලකිය යුතු සංඛ්‍යාවක් එක්වී සන්ධාන ගත වී තරඟ කරනු ඇත.

    පොදු ජන පෙරමුණට අවාසි දෙකක් තිබේ. එකක් රාජ්‍ය බලය නොමැතිවීමය . දෙවැන්න ශේෂ්ත්‍ර නිලධාරීන්ට චන්දය ඉල්ලීමට අවසර නොමැති වීමය . මෑතදී සම්මත කළ පළාත් පාලන මැතිවරණ පනත යටතේ ශේස්ත්‍ර නිලධරීන්ට චන්දය ඉල්ලීමට ඉඩක් නොමැත . මහින්ද සමග සිටින හිටපු පළාත් පාලන මන්ත්‍රී වරුන් අතරින් බහුතරය ශේස්ත්‍ර නිලධාරීන් වෙති . ඔවුන් මහින්ද සමග රංචු ගැසීමට බලපෑ ප්‍රධානතම හේතුව වුයේ දුෂිත ක්‍රියා මගින් සාක්කු පුරවා ගැනීමට මහින්ද විවුර්ත ලෙසම ඔවුන් ධයිර්යමත් කළ නිසාය . ඉකුත් ජනාධිපතිවරණයේදී ඔවුන් අරලියගහ මන්දිරයට කැඳවා රුපියල් ලක්ෂ 20 බැගින් බෙදා දුන් අතර ඉන් ලක්ෂ කීපයක් මහින්දගේ චන්දයට වැය කොට ඉතිරි මුදල ( අඩු වශයෙන් ලක්ෂ 15 ක් ) ඔවුන්ගේ සාක්කු වලට දමා ගත්හ. එහෙත් ඔවුන්ගෙන් විශාල පිරිසකට මෙවර තරඟ කිරීමට අවස්ථාවක් නොමැති වීම මහින්දගේ පොදු ජන පෙරමුනේ පපුවට එල්ල වුනු මාරාන්තික පහරකි. හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මහින්ද හිතවාදී සන්ධානයේ ලොක්කා වූ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි උදේනි අතුකෝරලට පවා චන්දය ඉල්ලීමට ඉඩක් නොලැබේ. එයට හේතුව ඔහු සමුර්ධි නිලධාරියෙකු වීමය මහින්ද හිතවාදී ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වරුන් අතරින් සමුර්ධි නිලධාරීන් සංඛ්‍යාව 823 ක් වන අතර පමණ චන්ද අපේක්ෂකයන් වීමට නීතියෙන් අවසර නොමැති බැවින් . ඔවුන්ගේ භාර්යාවන් /දරුවන් මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදානම් වෙමින් සිටිති එහෙත් ඔවුන් ශක්තිමත් අපේක්ෂකයන් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත .


    ජනතා විමුක්ති පෙරමුණ කිසියම් සන්ධානයක් හදාගෙන හෝ නොමැතිව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වෙනු ඇත . 2020 දී ආණ්ඩුවක් පිහිටුවන බව කියමින් තම ක්‍රියාකාරිකයන්ගේ ධයිර්ය දිගටම පවත්වාගෙන යන ජවිපෙට පාලන චන්දයේදී කැපී පෙනෙන මන්ත්‍රී වරු සංඛ්‍යාවක් පත් කර ගැනීම අත්‍යවශ්‍යය. ඒ සඳහා ඔවුන් කිසියම් සන්ධානයක් පිහිටුවා ගැනීමට උත්සාහ කරනු ඇත .එහෙත් ඔවුන්ගේ සන්ධාන අනෙකුත් සන්ධාන මෙන් නොවේ. වමේ කුඩා පක්ෂ එකතු කර ගැනීමට ඔවුන් දිගින් දිගටම බිය වී තිබේ. එබැවින් වාම වාදීන් නොව ජාතික වාදී කණ්ඩායම් එකතු කරගෙන කිසියම් සන්ධානයක් හද ගැනීමට ඔවුන් උත්සාහ කරනු ඇත


    මෙවර මැතිවරණය ක්‍රමය වෙනස්ය . ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වරට මිශ්‍ර (කොට්ඨාශ + අනුපාත ) මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන් බැවින් චන්දය ඉල්ලන අපේක්ෂකයන්ට පවා තම ජයග්‍රහණය ගැන සහතිකයක් නැත .එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් චන්ද දායකයන් පක්ෂයට වඩා පුද්ගලයා පිළිබඳවද සැලකිලිමත්වේ. අපේක්ෂකයා ඥාතියෙකු හෝ හිතවතෙකු වූ විට පක්ෂය අමතක කොට පුද්ගලයාට චන්දය දීමට පෙළඹේ. එහෙත් බහුතරය චන්දය දෙන්නේ තම පක්ෂයටය




    ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ චන්ද, මයිත්‍රී පිල සහ මහින්ද පිල වශයෙන් දෙකට බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසියක් අත්වෙනු බවට අනුමාන කිරීම සාධාරණය එහෙත් එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් හැටියට ගත් කල තවමත් සංවිධානමය වශයෙන් දුර්වලය .තම පාක්ෂිකයන් වත් ශක්තිමත් ලෙස පක්ෂයේ සංවිධාන වටා හරි හැටි ගොනු කොට සංවිධාන ගත කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවී නොමැත. එය එක්තරා අන්දමකින් රාජ්‍ය නොවන සංවිධානයකට තරමක් කිට්ටුය . රාජ්‍ය නොවන සංවිධාන වලට දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධාන නැත .


    එතෙත් ස්ථිර ලෙසම එක අනාවැකියක් කිව හැකිය . මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට සහ මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපයට කිසියම් පළාත් පාලන ආයතනයක බහුතර පළාත් පාලන මන්ත්‍රීවරු සංඛාවක් ජයග්‍රහණය කොට නොමැති වූ විට එම පක්ෂ දෙක ගිවිසුම් ගත වී පළාත් පාලන ආයතනවල බලය අත් පත් කරගනු ඇත .ඇතැම් ඒවායේ බලය මෛත්‍රී කණ්ඩායමටද තවත් ඒවායේ බලය එක්සත් ජාතික පක්ෂයටද හිමි වෙන පරිදි ගිවිසුම් ගසා ගනු ඇත.
    මහින්දගේ පොදු ජන පෙරමුණට පළාත් පාලන ආයතනවල බලය අල්ල ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත .ඇතැම් විටෙක පළාත් පාලන ආයතන කීපයක පමණක් ඔවුන්ට බලය ලැබීමට ඉඩ තිබේ.ඔවුන් එය දන්නා බැවින් මැතිවරණ කටයුතු සඳහා විශාල ලෙස මුදල් වැය කොට හැකි පමණ අපේක්ෂක සංඛ්‍යාවක් දිනවා ගැනීමට උපරිම උත්සාය දරනු ඇත .


    ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුට සහය නොදී විපක්ෂයේ සිටිනු ඇතැයි අනුමාන කිරීම සාධාරණය .එහෙත් ප්‍රාදේශීය සභා කීපයක සභාපති තනතුරු ජවිපෙට ලබා දීමට කැමැත්ත දක්වන පක්ෂයකට ජවිපෙ සහය දීමට ඉඩ නැත්තේද නොවේ. කෙසේ වෙතත් ඔවුන්ට තනියම එකම පළාත් පාලන ආයතනයක හෝ බලය අල්ලා ගැනීමට හැකි වෙනු ඇතැයි සිතීමට කරුණු නැත. කෙසේ හෝ ඔවුනට ආයතන දෙක තුනක හෝ බලය අල්ලාගත හැකි වුවහොත් එය එම පක්ෂයේ ඉදිරි ගමනට හොඳ ගැම්මක් වනු ඇත.

    මෙම මැතිවරණයේදී මනාප පොරයක් නැති බැවින් අපේක්ෂකයන්ට සුළු මුදලකින් තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමට හැකිය. .එබැවින් ස්වාධීන අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් ජයග්‍රහණය කිරීමටද ඉඩ තිබේ. එබැවින් මනාප පොරය ඇතිවන්නේ චන්ද ප්‍රතිඵල ආවිටය . ජයග්‍රහණය කළ ස්වාධීන මන්ත්‍රී වරුන්ගේ මනාපය ලබා ගැනීමට සියලු දේශපාලන කණ්ඩායම් විශාල පොරයකට අවතීර්ණ වනු නිසැකය .

    local%2Bgovernment%2Bresults%2B2011.jpg


    source http://sudukukula.blogspot.com/2017/09/blog-post.html
     
    • Like
    Reactions: anaaa

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    Mokak???

    ජයග්‍රහණය කළ ස්වාධීන මන්ත්‍රී වරුන්ගේ මනාපය ලබා ගැනීමට සියලු දේශපාලන කණ්ඩායම් විශාල පොරයකට අවතීර්ණ වනු නිසැකය .

    Therune na ne???? wena kenekta thamange jayagrahanaya denna puluwnda??
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ජයග්‍රහණය කළ ස්වාධීන මන්ත්‍රී වරුන්ගේ මනාපය ලබා ගැනීමට සියලු දේශපාලන කණ්ඩායම් විශාල පොරයකට අවතීර්ණ වනු නිසැකය .

    Therune na ne???? wena kenekta thamange jayagrahanaya denna puluwnda??

    නැහැ ස්වදින මන්ත්‍රී වරුන්ට පක්ෂයක් නැ දිනපු මන්ත්‍රී කම එක්ක කැමති පක්ෂයකට යන්න පුළුවන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    දෙන්නේ නෑ එක බල්ලෙක්ටවත්.. චන්ද කොලේ කපලා එනවා

    තොපි වගේ හිතන එවුන් නිසා තමයි රටට කෙළවිලා තියෙන්නේ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොන චන්දෙ ආවත් ආයෙත් මේ පොන්නයාටයි පබයටයි චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌ ඈස්, කන්, මොලයක් නෑති එකෙක් වෙන්න ඕන.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන චන්දෙ ආවත් ආයෙත් මේ පොන්නයාටයි පබයටයි චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌ ඈස්, කන්, මොලයක් නෑති එකෙක් වෙන්න ඕන.

    :yes::yes::yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    මොන චන්දෙ ආවත් ආයෙත් මේ පොන්නයාටයි පබයටයි චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌ ඈස්, කන්, මොලයක් නෑති එකෙක් වෙන්න ඕන.

    :yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    මොන චන්දෙ ආවත් ආයෙත් මේ පොන්නයාටයි පබයටයි චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌ ඈස්, කන්, මොලයක් නෑති එකෙක් වෙන්න ඕන.

    එහෙම එවුන් ඕනෑතරම් ඉන්නවා
    ඇයි ගං කබර ඩයල් එකට මිනිහටත් ඉන්නවා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොන චන්දෙ ආවත් ආයෙත් මේ පොන්නයාටයි පබයටයි චන්දෙ දෙන එකෙක් ඉන්නවනම් ඌ ඈස්, කන්, මොලයක් නෑති එකෙක් වෙන්න ඕන.

    :baffled::no:හැබැයි එහෙම උන් ඉන්නවා