හෂිනි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මායි වික්ටරුයි දරු පැටිය සතුටින් බාරගන්නවා - හෂිනි



image_8136f1bbed.jpg



කොහොමද අලුත් ජීවිතේ?
ඇත්තටම අලුත් ජීවිතේ ඉතාම සතුටුදායකයි. ඒ වගේම ඉතාම සතුටින් තමයි අපි දෙන්නා ඉන්නෙ. මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මගේ නිර්මාණකරණයේ මම පොඩ්ඩක්වත් තාම අලස තත්ත්වයේවත්, නෑ. මම දැන් ක්‍රියාශීලියි. මේ දිනවල අලුතින් ගීත කීපයක් නිර්මාණ කරමින් තමයි ඉන්නෙ. ඉතින් මම හිතන්නෙ මගේ නිර්මාණ ජීවිතේ හොඳම කාලය තමයි මේ.

අද පවතින රැල්ලත් එක්ක මොකද හිතෙන්නෙ?
මෙහෙමයි. අපි පරිණත වෙලයි ඉන්නෙ. අද පවතින ප්‍රවණතා දිහා බැලුවම බොහෝ දුරට මේවා තරමක් අප්‍රසන්න තත්ත්වයේ පසුවන දේවල් තමයි අද වෙලා තියෙන්නෙ. අපේකම, අපේ සංස්කෘතිය, අපේ කවිය, අපේ ජන ගීය, කොටින්ම අපේ ශ්‍රී ලාංකික ස්පන්දන කියන ලක්ෂණ බොහෝ දුරට අඩුවේගෙන යන කාලයක් තමයි අද තියෙන්නෙ. නමුත් අපි ඒවාට නතුවෙන්න හොඳ නැහැ. එවැනි ප්‍රවණතාවයක් දැක්කම ඒකට විරුද්ධව යන්නත් බැහැ. ඒත්... පවතින තත්ත්වය අනුව ඒවාට අනුගත වෙන්න තරම් අපි දුර්වල නිර්මාණවේදියෝ නොවිය යුතුයි කියලයි මම හිතන්නෙ. නිර්මාණයක් කරද්දි අපි අපේ ආසියාතික ගුණාත්මක පැත්ත, අපේ ශ්‍රී ලාංකික බව දැනෙනවාද? අපේ සංස්කෘතියට මේක කිට්ටුයිද කියන දේවල් හිතලා තමයි අපි තාම නිර්මාණ කරන්නෙ. ඒවාට නිසි තැන ලැබුණත් නොලැබුණත් අපි පරාද නැහැ කියලයි මම හිතන්නෙ.
මම හැමදාම වික්ටර්ගෙන් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා.

කොහොමද හෂිනිව මුණගැහුණේ... කියමුකෝ ඒ මුණගැහීම ගැනත්...?
ඇත්තටම අපි මුණගැහුණේ 2005 අවුරුද්දේ එක්තරා ප්‍රසංගයකදි. ඒක තිබුණෙ ගාල්ලෙ. ඒක බලන්න හෂිනිත් ඇවිත් හිටියා. හෂිනි එදත් මගේ රසිකාවියක්. අදත් මගේ රසිකාවියක්. අදත් කිට්ටුවක ප්‍රසංගයක් තිබුණොත් ඇය ඒක බලන්න එනවා. කොහොම වුණත් ගෙදර වුණත් එදා මම කරපු නිර්මාණ සහ අද මම කරන නිර්මාණවලට එයත් සම්බන්ධ වෙනවා. ඇයට ඉතාම හොඳ වින්දනයක් ලබන්න පුළුවන්, සාහිත්‍ය සහ කවිය පිළිබඳව, නවකතාව පිළිබඳව, අදටත් පොතපත හොඳට පරිශීලනය කරන කෙනෙක්. හෂිනි මට ගොඩාක්ම කිට්ටුවෙන්න හේතුව වුණෙත් ඒකමයි.




හෂිනි සංගීතය පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවා. එහෙමද...?
ඔව්... ඇය දේශීය සංගීතය හෝ පෙරදිග සංගීතය හදාරලා නෑ. ඒත් බටහිර සංගීතයත් පියානෝ මියුසික් පැත්තෙන් හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා ඇය ඒ පැත්තෙන් මට ගොඩාක් උදවු කරනවා. මගේ නිර්මාණවලදී ස්වර ලිපි සකසා දෙන්නෙ දැන් හෂිනි.

අද හෂිනියි ඔබයි ගත කරන මේ නිවස සුන්දර කරන්නෙ හෂිනිද?
මම හිතන්නෙ මේ ගෙයි කිසියම් ලස්සනක් තියෙනවානම් සුළු සුන්දරත්වයක් දකිනවානම් ඒවාට අත තියන්නෙ මම නෙමේ... හෂිනි. උදේ නැඟිටින වෙලාවෙ ඉඳලා මේවා අස්පස් කරනවා. දූවිලි ගසනවා. පුටු වෙනස් කරනවා.මගේ මව්පියන්ගේ ෆොටෝ රාමු කරලා ගෙනත් ගැහුවෙත් හෂිනි. එහෙම කරලා ගෙදර අලංකරණයේ හැමදෙයක්ම කරන්නෙ එයා. ලස්සන කෙනෙක් ගෙදර ඉඳිද්දි ගෙයක් ලස්සන වෙනවා.

(ඔන්න ඉතින්... මෙච්චර වෙලා අපේ කතාබහ අහගෙන හිටපු හෂිනි එක්කත් අපි කතා කළා.)
හෂිනි... ගෙදර ලස්සන කරන එක විතරක් නෙමෙයිනෙ... වික්ටර්ගේ ආහාරපානත් හදලා දෙන්නෙ ඔයාමයි. නේද...?
වික්ටර් ගමේ කෑම කන්න හරි ආසයි. හැබැයි දෙයක් මම කියන්නට ඕනෙ. මම වික්ටර් ගාවට එද්දි මට හරියට තේ එකක්වත් හදාගන්න බෑ. මම මගේ අඩු වයසෙදි තමයි වික්ටර්ව මුණගැහුණෙ. ඉතින් කෑමක් එකක් තියා තේ එකක්වත් හදන්න බෑ. මම එක එක කෑම හදන්න පොත් බලලා තමයි ඒවා පුරැදු වුණේ. මට මතකයි මම හදපු මුල්ම පොල් සම්බෝලෙ කාලා වික්ටර් මට කිව්වා &මේක රහයි... හැබැයි ඇඹුල් චුට්ටක් වැඩියි කියලා...*අද එයා කියන්නේ මගේ පොල් සම්බොලයයි කරෝල හොද්දයි තරම් ලෝකෙ මොන කෑමක්වත් රහ නෑ කියලා. ඒ වගේ හැම කෑමක්ම කාලා වික්ටර් මට ඒවායෙ අඩුපාඩු හෙමිහිට කියලා දුන්නා. ඉතින් වික්ටර් කියපු විදිහට මම ඒ අඩුපාඩු හදාගත්තා. අද මට ඕනෑම කෑමක් හරි රසට හදන්න පුළුවන්. කැවිලි පවා දැන් මම හදනවා.

හෂිනි හදන කෑමවලින් අද රසම කෑම මොනවද...?
(ඒ ප්‍රශ්නය අපි ඇහුවෙනම් වික්ටර්ගෙන්)
හෂිනි අද කොයි කෑම හැදුවත් දැන් මට හරි රසයි. දේශීය විදිහට අල බතල හැදුවත්, කෑමෙන් පස්සෙ කන වටලප්පන්, පුඩිං වගේ දෙයක් හැදුවත් හෂිනි අද හරි රසට ඒවා හදනවා. ඒ කාලෙ සමහර වෙලාවල ලුණු ටිකක් මදිවෙන වෙලාවල් තිබුණා. ඒවා මම එයාට කිව්වා. එහෙම කිව්වහම එයා ඒ වැරදි හදාගත්තා. අද මම පිට ගිහින් කෑම ගනිද්දි ඒ කෑමවලයි හෂිනිගෙ කෑමවලයි පොඩි වෙනසක් දකිනවා. හෂිනි කෑම පිසින විදිහයි ඒ සුවඳයි බලද්දි අද මට වෙන ආහාරයක් ගන්නවට වඩා හෂිනි හදලා දෙන පොල් සම්බෝලයි කරවල හොද්දයි බතුයි හොඳටෝම ඇති.

හෂිනිට ආදරය කරන්න... ඇයව ජීවිතයට ළංකරගන්න තිබුණු සුවිශේෂීකම මොකක්ද..?ඒකට උත්තරේ මට එකපාරටම කියන්න අමාරුයි. ළෙන්ගතුකම කියන එක කොහොම ඇතිවූවාද කියල කියන්න අමාරුයි. ඇය හොඳ ගීත රසවින්දනයක් ලබන්න පුළුවන් කෙනෙක් විතරක් නෙමේ, සාහිත්‍ය රසවින්දනය, කාව්‍ය රසවින්දනය ගත්තත් හැම පැත්තෙන්ම ඇය ගොඩාක් පොහොසත්. සමහර වෙලාවට ඇයට මටත් වඩා ඒ ගුණය තියෙනවා. ඇය මට වඩා සාහිත්‍ය වගේ ගැඹුරු දේවල් ගැන හොඳට අධ්‍යයනය කරනවා. ඇය හොඳට ඉංග්‍රීසි පොතපත කියවනවා. ඒ නිසා ඇයගේ වින්දනාත්මක පැත්ත හුඟාක් වැඩියි. ඒ අනුව අපේ බැඳීමත් එක්ක ළෙන්ගතුකම, දයාව, කරුණාව, ආදරය, ප්‍රේමය, ආලය මේ හැමදෙයක්ම එන්න එන්නම අපේ ජීවිතයට ළංවුණා.

ඔබෙයි හෂිනිගෙයි අතර වයස් පරතරය ගොඩක් වැඩියි...?
සත්තකින්ම. හෂී වෙලාවකට මගේ බිරිය වෙලා ඉන්න අතරේ හෂී මට වෙලාවකට වැඩිමහල් සහෝදරයෙක්ට වගේ සලකනවා. තවත් වෙලාවකට ඇය පියෙකුට දුවක් දක්වන ආදරෙන් මාව රැකබලා ගන්නවා. ඒ හැම පැත්තම හෂිනි දන්නවා. මමත් ඇයට මමත් වෙලාවකට මගේ නැගණියකට වගේ ආදරය කරනවා. ඒ පරිවර්තනය නියමාකාරයකට සිද්ධ වුණු නිසා තමයි අපි අදත් මේ සුහදතාවය තියාගෙන ඉන්නෙ. ඒ නිසා ඇය නිසා අද


මගේ ජීවිතේ අද හුඟාක් ලස්සන වෙලා තියෙනවා.
හෂිනිගේ පාෙල් සම්බාේලෙයි කරවල හාෙද්දයි බතයි තරම් මට ලාේකෙ කිසිම කෑමක් රහ නෑ

ඔබේ නිරෝගීකම වෙනුවෙන් හෂිනිගේ උනන්දුව කොහොමද...?
මගේ නිරෝගීකම මම බලනවාට වඩා බලන්නෙ හෂිනියි. අද උදේ මට පොඩි කැස්සක් ආවා. ඇය ඉක්මනට බාම් එකක් අරගෙන මගේ පපුවේ ගෑවා. පිටේ ගෑවා.හෂිනි ඒ විදියට සත්කාර කරද්දි මට ඒක හරිම ලොකු දෙයක්. බොහෝ දෙනෙකුට ලබන්න බැරි දෙයක්.

මෑතකදි නිර්මාණ කීපයක්ම වික්ටර් අලුතින් කළා... ඒ ගැනත් කියමුකො හෂිනි..?
ඔව්... පහුගිය අවුරුද්ද ඇතුළත වික්ටර් ගීත තිහක් පමණ කළා. මඟතොට යද්දි මිනිස්සු ගොඩාක් වික්ටර්ගෙන් අලුත් නිර්මාණ ගැන අහනවා. ඇත්තටම වික්ටර් නිර්මාණ කළා. ඒ හැමදේකදිම මාත් වික්ටර් ළඟ හිටියා. එදාට වඩා අද වික්ටර් නිර්මාණ කරනවා.

පහුගිය කාලෙදි ඔබ දෙපළ විදෙස් සංචාර කීපයකටම සහභාගි වුණා. කොහොමද ලැබුණු ප්‍රතිචාර?
අපි ලන්ඩන් සංචාරයක් කළා, මැයි මාසෙදි. එහෙදි වික්ටර්ගෙ රසික රසිකාවියන් මාවත් සෑහෙන ආදරෙන් පිළිගත්තා. විශේෂයෙන් කාන්තාවන් මා ළඟට ඇවිත් මාව අගය කළා. ඔවුන් මගේ කැපකිරීම අගය කළා. මම ඒ හැමෝටම කිව්වෙ මම කැපකිරීමක් නෙමේ කළේ. වික්ටර් ඒ තරමටම ආදරෙයි. කියලා.

හෂිනි සින්දු කියන්න ආසා නැද්ද...?
අනේ... නෑ. මට ගායන හැකියාවක් කොහොමටවත් නෑ. මම සින්දු කියනවා වික්ටර් අහලත් නෑ.

හෂිනි... විවේක වෙලාවකදි ඔය දෙන්නා මොනවද කරන්න කැමති?
විවේකය තමයි අපි දෙන්නට හරිම අඩු. අපි දෙන්නම තදින් පොත් කියවනවනෙ. ඉතින් අපි පොත් කියවනවා. මම රුසියානු පොත්, පරිවර්තන පොත් කියවනවා. ඒ පොත්වල තියෙන රසමුසු තැන් අපි කතා කරනවා. අපි හොඳ සින්දු අහනවා. සම්භාව්‍ය සංගීතය රස විඳිනවා. ගෙදර ඉඳිද්දි මම රස කෑමත් හදනවා. ඒ විවේකය විනෝදයෙන් ගත කරනවා.

ඕනෑම විවාහ වුණු කෙනෙකුගේ ඊළඟ හීනය දරුපැටියෙක්...?
මගේ හිතෙත් ඒ හීනය තියෙනවා. දරු පැටියෙක් ලැබු‍ණොත් මායි වික්ටරුයි ඒ දේ සතුටින් බාරගන්නවා.

ඔය හිතේ තව බලාපොරොත්තු ඇති...?
වික්ටර්ට මේ දෙන සහයෝගය මීටත් වඩා දෙන්න ආසයි. මම හැමදාම වික්ටර්ගෙන් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. අපේ ඇසුර දැන් අවුරුදු අටකට කිට්ටුයි. හැම තත්ත්පරයකදිම මම වික්ටර්ගෙන් යමක් ඉගෙන ගන්නවා. එයා හරියට විශ්වකෝෂයක්. ඉතින්.. වික්ටර්ගේ ජීවිතයට අත්වැලක් වෙලා එයාව සතුටින් තියන්නයි මගේ එකම හීනය.

image_7b16180e9e.jpg


image_bac9986542.jpg


image_eff26a14d2.jpg

 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අද උදේ මට පොඩි කැස්සක් ආවා. ඇය ඉක්මනට බාම් එකක් අරගෙන මගේ පපුවේ ගෑවා. පිටේ ගෑවා :lol::lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    pina yako. ochchara naki kaleth ohoma kellak lagin thiyan sepe innawa kiyanne. :) victor wedda!!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    අද උදේ මට පොඩි කැස්සක් ආවා. ඇය ඉක්මනට බාම් එකක් අරගෙන ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා

    වික්ටර්ට මේ දෙන සහයෝගය මීටත් වඩා දෙන්න ආසයි

    ඒ කාලෙ සමහර වෙලාවල ලුණු ටිකක් මදිවෙන වෙලාවල් තිබුණා. ඒවා මම එයාට කිව්වා. එහෙම කිව්වහම එයා ඒ වැරදි හදාගත්තා.

    lol. :lol: kamam na itin thats their life

    හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා
     
    Last edited:
    • Like
    Reactions: Force0081

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා..
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වික්ටර් koluwa චන්දන මන්ඩිස් ge sherlock holmes poth set ekama ඉවර කරල thiyenne
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හෂිනිගේ පාෙල් සම්බාේලෙයි කරවල හාෙද්දයි බතයි තරම් මට ලාේකෙ කිසිම කෑමක් රහ නෑ

    1655944.gif


     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,659
    5,983
    113
    @ගෙදර
    අද උදේ මට පොඩි කැස්සක් ආවා. ඇය ඉක්මනට බාම් එකක් අරගෙන ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා ගෑවා

    වික්ටර්ට මේ දෙන සහයෝගය මීටත් වඩා දෙන්න ආසයි

    ඒ කාලෙ සමහර වෙලාවල ලුණු ටිකක් මදිවෙන වෙලාවල් තිබුණා. ඒවා මම එයාට කිව්වා. එහෙම කිව්වහම එයා ඒ වැරදි හදාගත්තා.

    lol. :lol: kamam na itin thats their life

    හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා

    bota irisiyaine :P