- මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -
මේ සිදුවිම මට උනේ දැනට අවුරුදු කීපයකට කලින් අප්‍රේල් මාසෙක.
සුපුරුදු පරිදි පැය 14ක් එක දිගට වැඩ කරලා පොත අත්සන් කරලා එළියට බහින කොටම
අපේ ස්ටේෂන් එකේ ගොඩක්ම පරන කෙනෙක් උන දයා මට කතා කරනවා ඌත් එක්ක කෝල් එහෙකට යන්න.
ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ ඔහොම වැඩ වලට මමත් පැනලා යනවා හේතුව ඒ වෙන කොට පොලිසියට බැඳිලා මාස 8ක් විතර ගත වෙලා තිබ්බත්
ආසාවටවත් කිසිම එකෙක් පස්සෙන් අඩුම ගානේ පයින්වත් එළවලා තිබුනේ නැහැ.
කොහොම හරි දයා සයින් කරලා අර ගත්ත වෙපන් එකත් අරන් මොබයිල් එකට ගොඩ උනේ පට්ටම ආසාවෙන්.
ඩ්‍රයිවර් සහෝදරයාගෙ කටෙන් නොනවත්වා එළියට එන අමු කුණුහර්ප වල පිහිටෙන්
අපි ඉක්මනට අපේ ගමනාන්තයට ළඟා උනා කිව්වොත් නිවැරදියි.
ලියන භාෂාවෙන් ලියන්න අමාරුයි ඕයි, නිකම්ම ගහලා දාන්නම්
ඔන්න මමයි දයායි තව දෙන්නෙකුයි බැස්සා කෝල් එකට රිස්පොන්ඩ් කරන්න.
රිස්පොන්ඩ් කරන්න යන්න හම්භ උනේ නැහැ දඩ බඩ ගාලා වෙඩි තියනවා ඇහුනා මොකෙක් හරි හතර අතට.
ඔය වගේ වෙලාවට දෙන්නා දෙපැත්තට හිටින්න කවර් වෙන එක තමා සාමාන්‍ය ක්‍රමේ
ඒත් සද්දෙ ඇහිලා උතුර දකුණ මාරු උන මම කෙලින්ම කවර් උනේ ළඟ තිබ්බ ටෙලිකොම් බොක්ස් එහෙකට.
දැන් ඉතින් පට්ට බයේ ඒකට කවර් වෙලා ඉන්නව මම, අළුතෙන් ආපු නිසා එහෙම වෙලාවට හැසිරෙන්න ඕන හැටි මතක් උනෙත් නැහැ.
දයා නම් ඉස්සරහා පැත්තට හොඳට වෙඩි තියනවා දැක්කා.
කොහොම හරි එතකොටම වගේ යන කොට අපිත් එක්ක ආපු එක්කෙනෙක්ට වෙඩි වැදුනා.
මම එයාව එහෙමම ඇදලා අරගෙන ටෙලිකොම් බොක්ස් එකට හේත්තු කලා හරකෙක් වගේ.
හේත්තු කරද්දිම දයා ඌව ඇදලා අරන් කාණුවට එඹුවා.
දැන් අරූ කාණුවේ.... මමයි තව දෙන්නෙක් විතරයි ඉතුරු.
ඩ්‍රයිවර් ගෙ අතේ වෙපන් එකෙක් නැහැ හේතුව ඌත් මම වගේම අළුතෙන් ආපු නිළධාරියෙක්.
කොහොමෙන් කොහොම හරි එහා පැත්තෙන් වෙඩි තියපු උන් ටික ටික කවර් වෙවී මාරු වෙනවා වගේ තේරුන නිසා දයා ඉස්සරහට යන්න තීරණය කලා.
මමත් ඉතින් කවර් වෙවී ඉස්සරහට යනවා අර නිකම් ෆිල්ම් වල වගේ.
දැන් අරුන් වෙඩි තියන්නෙම නැතුව නිකම්ම ඉස්සරහට දුවනවා, දයා සීනියර් උනාට බඩ නිසා දුව ගන්න බැහැ.
මම එකෙක් පස්සෙන් පන්නලා කොහොම හරි පොර කාලා අල්ල ගත්තා. ඌ මාව හපනවා හූරනවා බේරෙන්නම තමා ට්‍රයි එක.
ආයේ හිත හිත හිටියේ නැහැ පුලුවන් තරම් වීරිය දාලා තල්ලු කලා ඌව කාණුවට.
ඌ එහෙමම කාණුවට වැටුනා ඔළුවෙන් මොලේ පැන්නා එළියට.
ආයෙ ඌ ගැන අමුතුවෙන් බලන්න දෙයක් නැහැ ඌ එහෙමම මැරුනම තමා කියලා මට තේරුනා.
උගේ ඔළුවෙන් ඉහුන ලේ මගේ යුනිෆෝම් එකේ හැම තැනම විසික් වෙලා.
මූණෙත් ලේ, මගේ කටෙත් ලේ
ඔහොම හිතන අතරේ මට තේරුනා ඌ නිකම් නෙමේ තුවක්කුවන් කලිසම අස්සෙ ගහන් ඉඳලා තියෙන්නෙ කියලා.
මම ඒක එළියට අරන් බිමට දැම්මා කෝකටත් කියලා
මම හිත යටින් කතාවක් හිතනවා දැන්, කතාවක් කිව්වට මම නිකම් හිතෙන් මාව සාධාරණීකරනය කරනවා වගේ
මගේ මොළෙන් මට කියන්න හදනවා මට උගේ කකුලකට වෙඩි තියලා පාළනය කරන්න තිබ්බා කියලා
ඒත් හිතෙන් කියනවා මම එවෙලේ පරක්කු උනා නම් ඌ මාව මරලා වෙපන් එකත් අරන් පනිනවා නේද කියලා
කොහොම හරි මට අඩුම ගානේ මට උස්සවියටවත් යන්න ඕන නැති වෙන විදිහට අපේ සාජන්ට් රිපෝර්ට් එක ලියලා තිබ්බා
ඒත් මගේ හිතේ තිබ්බ හැන්දීමත් එක්කම මම ඌ ගැන තව හොයලා බැලුවා
ඌ අම්මවයි තාත්තවයි පාරට දාපු, ගෑනිව මරපු කාළකන්ණියෙක් කියලා දැන්ගත්ත දවසේ මගේ හිත ගොඩක් සැහැල්ලු උනා
එහෙම උන්ව මරණ එක කමක් නැහැ කියලා මගේ හිත කිව්වට මොළෙන් නම් තවම කියන්නෙ උනුත් මම වගේම උදේට නැගිටලා පාරට බැහැපු ජීවිත කියලා
රිපෝර්ට් එක එහෙම උනාට මම අරූ මැරුණ හැටි කටින් විස්තර කරපු එක දැකලා සාජන්ට් මාව කවදාවත් ෆීල්ඩ් එකේ යවන්න නුසුදුසු කෙනෙක් කියලා මාක් කරලා තිබ්බා
ඒත් උන් කලින් අපේ කෙනෙක්ට වෙඩි තියපු නිසා මට උසස්වීමකුත් එක්කම පඩිත් වැඩි උනා
ඊට පස්සෙත් මම තව දෙන්නෙක් මරළා තියෙනවා. උන් මරණ කොට නම් මගේ හිතේ කිසිම දෙගිඩියාවක් තිබුනේ නැහැ
වෙන එකක් තියා මම හිත යටින් දැනගෙනම උන්ට මැරෙන්නමයි වෙඩි තිබ්බෙ
අපේ එකෙක්ට වෙඩි තිබ්බට පස්සෙ තව දුරටත් පින් පව් බලලා වැඩක් නැහැ කියලා මට තේරුනා
එහෙමද නැත්තම් ඇත්තටම මම ඒ තත්පර ගානකට දැනෙන හැඟීමකට ආස කලාද මන්දා
වෙඩි තියන කොට දැනෙන කම්පනේට, ඒ සුවඳට මටත් හොරෙන් මගේ හිත ඇබ්බැහිවෙලාද මන්දා
නිකම් බිත්තියකට හරි ටාර්ගට් බෝඩ් එහෙකට හරි වෙඩි තියෙනවට වඩා ඇත්තම මනුෂයෙක්ට වෙඩි වදින එකේ අමුතු ලස්සනක් පේනවද මන්දා
ළඟටම ගිහින් මූණට වෙඩි තිබ්බම ලේ විසි වෙන හැටි, ඒ ලේ මගේ ඇඟට විසිවෙන හැටි ඒ ලේවල රස මගේ හිත වෙන හැම දේකටම වඩා සතුටු කරනවද මන්දා
-----------------------------------------------------------
මේක මගේ ජීවිත කතාවෙන් උපුටා ගත්ත පුංචි කොටසක්
කැමති නම් මට බණින්න, අවිශ්වාස කරන්න ඒක මට ගැටළුවක් නෙමෙයි

mu hadanne uta anatagayak hadaganna, investor dream eka api kewa, police hinewat muta dakinna demuda ban 