පද පේළී - EK LYRICS THREAD PART 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
    අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

    සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
    වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
    ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

    ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
    වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
    සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..!!!!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ
    දස මර සේනා දිනූ බෙලෙන්
    ජයපැන් කරඬුව දෝත දරා
    නිදන්න දූ කුමරී

    බක්කුල මහ තෙරිඳූ බෙලෙන් නිදුක් නිරෝගී වේවා
    සූවිසි මුනිඳුන් පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා
    අසූ සාර දහසක් දම් තෙද කඳ සෙවණ දෙවා සුරකීවා

    සිරි දළදා සමිඳූ නමින් ළතෙත් ගුණය ඉතිරේවා
    වම් සිරිපා රන් පද්ම බෙලෙන් අනන්ත නුවණ වැඩේවා
    මහා සීවලී මහිමි අනුහසින් ඉසුරු සැපත් බෝ වේවා

    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක


    1.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
    සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

    හිත් දැහැනේ වෙලී තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ

    නිල් කටරොළු නිල නැහැවුණු
    මල් බර මුදු සුව රැඳවුණු
    තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ
    නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

    ගිමන් හරින.....
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    කුරහන් යායේ සඳ උතුරාගෙන
    හිතට දුකක් ගලනා වේලේ...
    රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
    නුඹට ඇසේවා සුදු නෑනේ...

    එදා වගේ සැඳෑ අඳුර
    වැව් බැම්මෙන් ගලා ඇවිත්
    උණ පඳුරේ සෙවන සදනවා...
    කීව කතා රහසේ යළි
    සිතට නැගෙනවා....

    මගේ පැලේ හිනැහීගෙන
    සිටිනා ලෙස නුඹේ රුවින්
    නිදි පැදුරේ සිහින පෙනෙනවා....
    ඈත සිටින නුඹේ නාමෙන්
    දෑස තෙමෙනවා....


    ගායනය - ටී. එම්. ජයරත්න
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ...

    නුවර වීදි යට කරගෙන
    නින්දා වැහි වැගිරුන දා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දි දී
    දැනුනා මට අම්මේ...

    කොළඹ අහස කලු කරගෙන
    මුහුදු හුළඟ හඬලනකොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉඳිකඩ ළඟ
    ඉන්නවාද අම්මේ....


    ගායනය - විශාරද ගුණදාස කපුගේ
    4ncnpUG.png
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ
    දස මර සේනා දිනූ බෙලෙන්
    ජයපැන් කරඬුව දෝත දරා
    නිදන්න දූ කුමරී

    බක්කුල මහ තෙරිඳූ බෙලෙන් නිදුක් නිරෝගී වේවා
    සූවිසි මුනිඳුන් පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා
    අසූ සාර දහසක් දම් තෙද කඳ සෙවණ දෙවා සුරකීවා

    සිරි දළදා සමිඳූ නමින් ළතෙත් ගුණය ඉතිරේවා
    වම් සිරිපා රන් පද්ම බෙලෙන් අනන්ත නුවණ වැඩේවා
    මහා සීවලී මහිමි අනුහසින් ඉසුරු සැපත් බෝ වේවා

    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක


    1.jpg

    Ade patta machan.. :love::yes::love:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සළා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙළා...

    මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
    වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
    ඝණ අන්ධකාරයේ පාළුවේ කිමිදුණා
    තනි වූයෙ ඔබ නො වේ
    මා පවා තනි වුණා...

    ඔබ මං මුලා වෙලා ගියා පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ පි‍්‍රයේ සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
    හිනැහෙන්න යළි දිලෙයි
    දෛවයේ තාරකා...


    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
    4ncnpUG.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැදුනේ...

    ආ මඟ වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවී..
    බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
    කඳුලක් නැ දෙනුවන පිපුනේ...
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
    වන මල් කැකුළිය සොයා වඩින්නේ
    වන මල් කැකුළිය කුමට සොයන්නේ
    ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ...

    සැඟවුණු රසමදිරා තුඩ ගාවා
    පෙම් මකරන්දය මුළු වත නාවා
    බඹර කුසුම් හදවත් යුග යාවා
    දෙමිය පියුම් ලොව හැම රස පාවා...

    අන් මලකට මකරන්දය ගාවා
    ඔබෙන් ගෙනා බව මලට නොකීවා
    අප පෙම එ මලින් මල්පල වේවා
    ලස්සන ලස්සන මල් සුපිපේවා...

    බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
    මලක් නොළත් ගස නෑ පළ දෙන්නේ
    ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
    මෙත් ගුණ නැති රළු කතරක් වැන්නේ...


    ගායනය - පණ්ඩිත් අමරදේව සමඟ විශාරද නන්දා මාලිනී
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    කිරි සුදු සේලේ
    ඇඳි ඇගෙ ලෝලේ
    ගෙල බැඳි මාලේ
    ඇගෙ නෙතු දෑලේ
    පියකරු ලීලේ…

    ආයන්න කියවන්නෙ ඈ
    මී බින්දු රස දෙන්නෙ ඈ
    සිත පුංචි රිදවන්නෙ නෑ
    පංතියේ…

    ඔබෙ පුංචි ඒ පංතියේ
    ඉඳගන්න සිතෙහි තියේ
    ඉඩ දෙන්න බැරිදෝ ලියේ
    පංතියේ…


    ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    ආදරේ නෑ ආදරේ
    කවුරුවත් නෑ ආදරේ...

    වීථියේ අතිනත වෙලා
    තුරුලු වී හිඳ හිනැහිලා
    පෙම්වතුන්ගේ ඒ සුවේ නෑ
    මගේ හදවත තනිවෙලා...

    පාළුවේ හිඳ මග බලා
    දෑස කඳුළින් බොඳවෙලා
    ආදරේ සුව මට උරුම නෑ
    හඬයි හදවත තනිවෙලා...


    ගායනය - සනත් නන්දසිරි
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    අද හමු නොවුණත් හෙට හමු නොවුණත්
    කවදා කොතැනකදී හෝ හමුවෙමු
    සංසාරේ .......

    දෑතේ ගෑවෙයි ඔබ ඉන්නා දුර
    එනමුත් ඒ දුර ගව් ගණනාවකි
    වග වළසුන් පිරිලා ඒ පාර දිගේ
    කටු කොහොලින් වැසිලා
    මං පෙත නොපෙනේ

    දෑසේ පැටලෙයි දිනෙන් දිනම ඔබ
    එනමුත් මා දෑසට ඔබ හිමි නැත
    සිතිජය සේ අප සමීප වී ඉන්නේ
    මිරිඟු දියෙනි සා පවස නිවා ගන්නේ


    ගායනය - විශාරද නන්දා මාලිනි
    4ncnpUG.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ
    මිහිර ආදරයයි කියා..
    පවුරු බැඳ ගෙන සිතක වැජැඹුණු
    රසවතී නෑ කොයි ගියා...

    අසිරිමත් ලෙස ඇඳුණු දේදුනු
    කළු‍ වලාවෙන් යට වුණා
    මිහිරියාවිය අනේ දවසක
    ඔබේ හදවත ගොළු වුණා...

    1445926361-41592c81060ea5e3c178927421d9c49e.jpeg
     
    • Like
    Reactions: DAMER

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    අමරණීයම රිදුම ජීවිතයේ
    මා ඔබෙන් ලද
    ආදරේ... ආදරේ...

    මතකයේ කටු තුඩ ඇනී ළය
    පාරවයි හැඟුමන්
    වේදනාවේ ගැහෙන හදවත
    පෙන්වන්න හැකි නම්...

    නොරිදෙනා ආදරේ ආයුෂ
    නොරිදේවි හැම කල්
    කුමටදෝ ජීවිතය මට
    මේ රිදුම නැති නම්...


    ගායනය - විශාරද අමරසිරි පීරිස්
    4ncnpUG.png
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ♥ ❤ ❥ ❣ ❦ ❧හීන හැන්දෑව මේ නෙතු පුරා විඳිනා
    සේද සඳ වියමනේ ඔබ හෙමින් වඩිනා
    සීත මුතු බිංදු පින්න අතරේ උණුහුමේ තෙරපෙනා
    නුඹගෙ හද ගැහෙන රිද්ම අතරේ ජීවිතේ දැනෙනවා

    රෑ නවතින්නෑ ඔබ මා තුරුලෙ තියා
    නෑ නිමවෙන්නෑ සෙනෙහේ මගෙම නිසා
    නවතින්නම් ඔය හදවත හමුවේ ආදරේ වීලා
    විඳගන්නම් හැම මොහොතම ගෙවෙනා හීනයේ රැඳිලා

    ස්වේත සෙනෙහස මගේ සිත පුරා දැනෙනා
    ගීත උද්‍යානයේ ඔබ නිසා ගැයෙනා
    කුරුටු පද පේළි මතක අතරේ මැවි මැවී සිහිවෙනා
    නුඹගෙ නෙතු කැල්ම බැල්ම හමුවේ ආදරේ දැනෙනවා
    ♥ ❤ ❥ ❣ ♥ ❤ ❥

    -Udaya sri


     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා….

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා…..

    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා….

    ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
    මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
    මා හද රහසේ බැඳුනා පහසේ...

    ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
    ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
    ඔබ රුව ඡායා සැඟවේ පායා....

    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා....


    ගායනය - විජය කුමාරතුංග
    4ncnpUG.png