ගිය නිවාඩුවට අපේ නැදවෙන අයියලා දෙන්නෙක් අවා බිරින්දෑවරුත් එක්ක. ඒ දෙන්නම ලගදි බැන්දේ.ඉතින් රැ වෙලා පොඩි ෂොට් එකක් දාල සෙට් උනාම තේරුනේ ඒ දෙන්නම විවාහ ජිවිතේ එපා වෙලා ඉන්නේ කියල. ඒ දෙන්නගේම වයිෆ්ලා ජොබ් කරනවා. එකෙනෙක් බෑන්ක් එකේලු අනිත් කෙනා ඩොක්ටර් කෙනෙක්.උන් දෙන්නා කියපු විදියට කිසිම නිදහසක් නෑලු. රැටවත් එකට කන්න නෑලු. වැඩ ඇරිලා එන්නෙත් 7-8 ටලු. ඇවිල්ලත් ෆෝන් එකෙමලු. සමහරක් වෙලාවට අඩු තක්සේරුවෙන්ලු කතා කරන්නෙත්. ඒ අයියලා දෙන්නම සොෆ්ට්වෙයාර් එන්ජී.ලා. උන් දෙන්නම අන්තිමට කිව්වේ කවදාවත් ජොබ් කරන කෙනෙක් බැද ගන්න එපා කියලා. කොච්චර සල්ලි තිබ්බත් කිසිම සතුටක් නෑලු ජිවිතේ. ඉතින් එළකිරි එකේ කට්ටියගේ අදහස් කියන්න බලන්න මේ ගැන.






