beware of uber peak time rates

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මචං මාර සීන් ඒකක් වුනා Uber Trip ඒකක.
    ගිය සිකුරාදා හවස 6.30 ට විතර රාජගිරිය HSBC ඒක ගාව හිටියෙ.. පට්ට වැස්ස... ඒතන ඉදන් ගෙදර යන්න Uber zip ඒකක් ගෙන්නුවා.. ගාන 290.00 වගෙ වැටිල තිබ්බෙ..Peak time නිසා ගාන ටිකක් වැඩි වෙයි කියල වැටිල තබ්බා.. අවුලක් නෑ කියල ගෙන්න ගත්තා... නැගල ටික දුරක් ගියා විතරයි පට්ට traffic. Traffic ඒකෙත් කොට කොට ඉදල ගියා කොහොම හරි ගෙදර... trip end කරල ගාන බැලුවම දෙලොව රත් වුනා.. මම 350-400 වෙයි කියල හිතාගෙන හිටියෙ.. ගාන 1,260 සර් කියල කිව්වා... පස්සෙ receipt ඒක බැලුවම තමයි දැක්කෙ උන් පීක් ටයිම් ඒකට වෙනම Surge කියල factor ඒකක් දානව...... පහුවදා උදේ කොටුවට ගියා Uber zip.. Rs 310.00 ගියෙ..
    උබලත් පීක් ටයිම් වල Uber යනකොට කල්පනාවෙන් පලයල්ලා... මම කලින් දැනන් හිටියෙ නෑ ඔහොම සීන් ඒකක්

    uber.png
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වැස්ස වෙලාවටත් Surge වෙනවා දන්නා තරමින්..වහිද්දි උන්ගේ වාහන වලට demand එක වැඩියිනේ :eek:

    එහෙමනම් වෙන්න බැ. මන් දැන් දවස් තුනකට උඩදි uberzip එකක් ගෙන්න ගත්තා දාර වැස්සේ. ගානේ වෙනසක් උනේ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    වැස්ස වෙලාවටත් Surge වෙනවා දන්නා තරමින්..වහිද්දි උන්ගේ වාහන වලට demand එක වැඩියිනේ :eek:

    ehema balanakota budget taxi, pickme labaine ban. unge ehema ekak nahane
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    cab eka enna 5mins withara thiyala enawa surge wadinawa kiyala :angry::angry::angry:
    cancel karala normal ekaka yanna welaawa madi unoth ithin kelama thamaa
    okunge hora magadi ban :frown::frown::frown:

    Ammatasiri ehemada mama eka dakke na ban.. tnxx .... Surge eka lokui ban hire ekatath wada...:angry:
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    Distance fee එක 294.89ක් කියන්නෙ උඹ කි.මී. 15ක් විතර ගිහින්නෙ. ත්‍රීවිල් එකක ගියත් රු. 700/-ක් විතර යනව. පට්ට වැස්සෙ, ට්‍රැ‍ෆික් එකේ, තෙමෙන්නෙ නැතුව, ACත් දාගෙන ගිහින් රු. 1260ට හූල්ලනව..
    ඕකෙ driversල ඔය 1260න් 25%ක් ඌබර් එකට ගෙවන්නත් ඕනෙ. තෙල් වියදමයි, වාහනේ නඩත්තු, insurance, ලීසින්, වියදම් ගියාම උන්ට ඉතුරු වෙන්නෙ පොඩි ගානයි. ඒකෙන් තමයි, ඩ්‍රයිවර්ගෙ දරුපවුල, ගෙදර පොඩි උන් බඩගින්න නිවාගන්නෙ. උඹට ගාන වැඩිනම් රු700/-ක් දීල බාගෙට තෙමීගෙන ත්‍රීවිල් එකක් යන්න තිබුන. ඒත් ගාන වැඩිනම්, බස් එකේ යන්න තිබුන.
     
    Last edited:

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28

    TRUE!!! :)