මෙන්න කෙටියෙන් සිද්දිය.
IOC උන් බාල පෙට්රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.
දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.

ඛණිජ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න - ඇමති
ඛණිජ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කරීම සදහා යෝජනා..
1. යන ගමන භාගයක් දුර ගොස් ආපසු හැරී ගෙදර ඒම
2.පොඩි වාහන ලොරි ටිපර් වලට පටවා ප්‍රවාහනය කර අවශ්‍ය තැනින් බා ගැනීම
3. තෙල් චුට්ට චුට්ට දමා චුට්ට චුට්ට යාම
4. තෙල් නාස්ති කරන වාහන තරවටු කර හදා ගැනීම
5. වාහන එන්ජින් වලට තත්වය පහදා දී නව ඉන්ධන නැව එනතෙක් තෙල් භාවිතා කිරීම අවම කිරීමේ ගිවිසුමක් ගැසීම.
6. අඩුවෙන් තියෙන පෙට්‍රල් වැඩියෙන් තියන භූමිතෙල් සමඟ මිශ්‍ර කර හොලවා ඉන්ධන ගැසීම ( හෙලවීම අනිවාර්යයි)
7. ඉන්ධන ටැංකි පුංචි කර අඩු ඉන්ධන ප්රමානයකින් ෆුල් ටෑන්ක් වැදෙන පරිදි තෙල් මීටරය සකසා ගැනීම.
8. ඇඟේ තෙල වැඩි මිනිස්සුන්ගෙන් තෙල් ණයට ඉල්ලා ගැනීම
9. ජනාධිපති නියමය පරිදි තවත් කමිටුවක් පත් කරගැනීම
10. පොඩි උං කීප දෙනෙක් සමඟ පෙළ ගැසී කුඩා කල මෙන් ඈං ඈං පීප් පීප් කිරීම.
![]()

