රාජපක්ෂලා LOLC සමග කළ මේ ග්‍රහලෝකයේ ඇති අපූරුම ලීසිං මගඩිය . ලක්ෂ 69 ක් වටිනා වාහනයට ලක්ෂ 135ක් ගෙවලා: වාහන ගණන 77 යි, ලැයිස්තුව මෙන්න
රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයක පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයත් LOLC සමාගමත් එක්ව සිදුකළ නීලකාස දූෂණයක්
ජනාධිපති ලේකම් කාර්යාලයට අළුතෙන් වාහන ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති මේ අරුම පුදුම ලීසිං හෙවත් කල්බදු ගණුදෙනුව මේ ග්‍රහලෝකයේ ඇති එවැනි එකම එක ලීසිං ගණුදෙනුව විය යුතුය.
සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට අළුතෙන් වාහන ලබාගැනීමේ දී ඒවා කල්බදු ක්‍රමයට ලබා නොගන්නා නමුත් පසුගිය වනචර දශකයේ දී කල්බදු පදනම මත LOLC ආයතනය මගින් වාහන ලබාගැනීමට කටයුතු කර ඇත. මෙලෙස LOLC සමාගම මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගෙන ඇති වාහන සඳහා මාසික වාරික වශයෙන් පමණක් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 15 කි.
නමුත් මෙම ගිවිසුමේ ඇති සුවීශේෂී තත්වය නම් සාමාන්‍යයෙන් අප වාහනයක් කල්බදු පදනම මත ලබාගත්විට එම ණය මුදල ගෙවා අවසානයේ දී එම වාහනය අපට අයත් වන නමුත් මෙම ගිවිසුමට අනුව මුදල් ගෙවා අවසාන වන විට එම වාහන වල අයිතිය පැවරෙන්නේ LOLC සමාගමට ය. මෙවැනි ලීසිං ක්‍රමයක් මේ ග්රහලෝකයේම නැතැයි කියන්නේ එබැවිනි.
මෙය ලීසිං නොව කුලී පදනම මත ලබාගන්නා ලද ඒවා යයි යම් අයෙකුට තර්ක කළ හැකි නමුත් එසේ කුලී පදනම මත ලබා ගත්තා නම් එම වාහන වල නඩත්තු කටයුතු සිදුකළ යුතු වන්නේ ඒවායේ හිමිකාරීත්වය දරණ සමාගම හෙවත් LOLC සමාගම විසින් විය යුතුය. නමුත් මෙම ගිවිසුමට අනුව මෙම වාහනවල නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.
එමෙන්ම මේ ලබාගෙන ඇති වාහනවල තක්සේරු වටිනාකම් සම්බන්ධයෙන් ද දැඩි ගැටළුවක් පැන නැගී ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් මයික්‍රෝ සමාගම මගින් එකලස් කරන SsangYong Rexton වර්ගයේ ජීප් රථයක අද දිනයේ වටිනාකම රුපියල් ලක්ෂ 63 ත් 69 ත් අතරවන නමුත් 2014 වර්ශයේ දී ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා එවැනි රථයක් ලබා ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 135 ක් බැගින් වටිනාකම් සඳහන් කරමිනි. මේ ආකාරයට වැඩි මුදලක් තක්සේරු කිරීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එම වැඩිපුර මුදලත් ඒ වෙනුවෙන් පොලියත් අමතරව ගෙවීමට සිදුව ඇත.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවට වගකිවයුතු නොවීමත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් විගණනය නොවීමත්, ජනාධිපති ලේකම්ව කිසිදු දිනයක කෝප් කමිටුව ඉදිරියට නොකැඳවීමත් හේතුවෙන් මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීමට එදා ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර තිබුණි.
එදා මෙම ගනුදෙනුව සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කල්පිටිය බීච් රිසෝර්ට් ඇතුළු කොටස් වෙළඳපොල කෘතිමව හැසිරවීම සහ තවත් අයථා ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂගේ ගජ මිතුරෙකු සහ LOLC සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඉෂාර නානායක්කාර යන පුද්ගලයන් ද සම්බන්ධ වී සිටියහ.
කෙසේ නමුත් වත්මන් ජනාධිපති පත්වීමෙන් පසුව මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක වෙත ජනාධිපතිවරයා විසින් පැවරූ නමුත් තවමත් වාහන වල අයිතිය LOLC සමාගමටම හිමිවන අතර මාසික වාරික මුදල් ද පෙර පරිදිම ගෙවමින් සිටියි.