LOLC_මගඩිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාජපක්ෂලා LOLC සමග කළ මේ ග්‍රහලෝකයේ ඇති අපූරුම ලීසිං මගඩිය . ලක්ෂ 69 ක් වටිනා වාහනයට ලක්ෂ 135ක් ගෙවලා: වාහන ගණන 77 යි, ලැයිස්තුව මෙන්න




රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයක පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයත් LOLC සමාගමත් එක්ව සිදුකළ නීලකාස දූෂණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයට අළුතෙන් වාහන ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති මේ අරුම පුදුම ලීසිං හෙවත් කල්බදු ගණුදෙනුව මේ ග්‍රහලෝකයේ ඇති එවැනි එකම එක ලීසිං ගණුදෙනුව විය යුතුය.



සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට අළුතෙන් වාහන ලබාගැනීමේ දී ඒවා කල්බදු ක‍්‍රමයට ලබා නොගන්නා නමුත් පසුගිය වනචර දශකයේ දී කල්බදු පදනම මත LOLC ආයතනය මගින් වාහන ලබාගැනීමට කටයුතු කර ඇත. මෙලෙස LOLC සමාගම මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගෙන ඇති වාහන සඳහා මාසික වාරික වශයෙන් පමණක් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 15 කි.


නමුත් මෙම ගිවිසුමේ ඇති සුවීශේෂී තත්වය නම් සාමාන්‍යයෙන් අප වාහනයක් කල්බදු පදනම මත ලබාගත්විට එම ණය මුදල ගෙවා අවසානයේ දී එම වාහනය අපට අයත් වන නමුත් මෙම ගිවිසුමට අනුව මුදල් ගෙවා අවසාන වන විට එම වාහන වල අයිතිය පැවරෙන්නේ LOLC සමාගමට ය. මෙවැනි ලීසිං ක්‍රමයක් මේ ග්‍රහලෝකයේම නැතැයි කියන්නේ එබැවිනි.



මෙය ලීසිං නොව කුලී පදනම මත ලබාගන්නා ලද ඒවා යයි යම් අයෙකුට තර්ක කළ හැකි නමුත් එසේ කුලී පදනම මත ලබා ගත්තා නම් එම වාහන වල නඩත්තු කටයුතු සිදුකළ යුතු වන්නේ ඒවායේ හිමිකාරීත්වය දරණ සමාගම හෙවත් LOLC සමාගම විසින් විය යුතුය. නමුත් මෙම ගිවිසුමට අනුව මෙම වාහනවල නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.



එමෙන්ම මේ ලබාගෙන ඇති වාහනවල තක්සේරු වටිනාකම් සම්බන්ධයෙන් ද දැඩි ගැටළුවක් පැන නැගී ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් මයික්‍රෝ සමාගම මගින් එකලස් කරන SsangYong Rexton වර්ගයේ ජීප් රථයක අද දිනයේ වටිනාකම රුපියල් ලක්ෂ 63 ත් 69 ත් අතරවන නමුත් 2014 වර්ශයේ දී ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා එවැනි රථයක් ලබා ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 135 ක් බැගින් වටිනාකම් සඳහන් කරමිනි. මේ ආකාරයට වැඩි මුදලක් තක්සේරු කිරීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එම වැඩිපුර මුදලත් ඒ වෙනුවෙන් පොලියත් අමතරව ගෙවීමට සිදුව ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවට වගකිවයුතු නොවීමත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් විගණනය නොවීමත්, ජනාධිපති ලේකම්ව කිසිදු දිනයක කෝප් කමිටුව ඉදිරියට නොකැඳවීමත් හේතුවෙන් මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීමට එදා ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර තිබුණි.


එදා මෙම ගනුදෙනුව සඳහා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කල්පිටිය බීච් රිසෝර්ට් ඇතුළු කොටස් වෙළඳපොල කෘතිමව හැසිරවීම සහ තවත් අයථා ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂගේ ගජ මිතුරෙකු සහ LOLC සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඉෂාර නානායක්කාර යන පුද්ගලයන් ද සම්බන්ධ වී සිටියහ.


කෙසේ නමුත් වත්මන් ජනාධිපති පත්වීමෙන් පසුව මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක වෙත ජනාධිපතිවරයා විසින් පැවරූ නමුත් තවමත් වාහන වල අයිතිය LOLC සමාගමටම හිමිවන අතර මාසික වාරික මුදල් ද පෙර පරිදිම ගෙවමින් සිටියි.




Y1j6ERd.jpg


undefined.jpg
 
  • Like
Reactions: AnuradhaRa

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Issella fleet management igenagena waren.company walata kagahanna kalin.oya dala thiyena vehicle list ekata sign karala thiyenne lolc fleet management ekenne. Finance witharak newei lolc kiyanne. Oka athule thawa godak bussineaa thiyenawa.companies. anika oke pahala liyalama thiyenne isthare. Fleet waladi accident repairs karanne fleet eken. Wahana accident unoth replace karannat ona.kadunat ehemai. Boruwa loku karanna epa ban. Danne natnam igenagena waren. Uba rent a car wath dannawada
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    LOLC thamai e kale gota gei basilagei gatta property manage kare. unge namata harawagena. oya yatin hena gemak giye.


    owa dan ravi pakaya karala wage game thama
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    Issella fleet management igenagena waren.company walata kagahanna kalin.oya dala thiyena vehicle list ekata sign karala thiyenne lolc fleet management ekenne. Finance witharak newei lolc kiyanne. Oka athule thawa godak bussineaa thiyenawa.companies

    lolc eken kanna denawa wage ubata :rofl:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    Issella fleet management igenagena waren.company walata kagahanna kalin.oya dala thiyena vehicle list ekata sign karala thiyenne lolc fleet management ekenne. Finance witharak newei lolc kiyanne. Oka athule thawa godak bussineaa thiyenawa.companies. anika oke pahala liyalama thiyenne isthare. Fleet waladi accident repairs karanne fleet eken. Wahana accident unoth replace karannat ona.kadunat ehemai. Boruwa loku karanna epa ban. Danne natnam igenagena waren. Uba rent a car wath dannawada
    :yes::yes:
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    lolc eken kanna denawa wage ubata :rofl:

    Mata oken kanna dene na.et boruwata katawath kagahanna epa. Ara laksha 69 ewa 135ta value karapuwa case. Man kiuwe fleet eke waha gewala iwara wena dawasata untama aithiwenawa kiyapu ekata.ape conpany ekatath lolc fleet eken wahana aragannawa duwanna.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    තෙල් නැතුව මැරුණත් වනචර දශකය නං අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ :lol:
     
    • Like
    Reactions: 50KG

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයක පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයත් LOLC සමාගමත් එක්ව සිදුකළ නීලකාස දූෂණයක්:lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    මගේ යාලුවෙක් ත්‍රීවීල් එකක් ගත්ත. LOLC එක හරහා..
    ඔක්කොම ගෙවල ඉවරවෙනකොට උං යතුර නැති කරල. :angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මගේ යාලුවෙක් ත්‍රීවීල් එකක් ගත්ත. LOLC එක හරහා..
    ඔක්කොම ගෙවල ඉවරවෙනකොට උං යතුර නැති කරල. :angry:

    හැබැයි එහෙම යතුර නැති වෙන්න හේතුවක් නැහැ. උන් හරියට Keys වෙනම store කරනවා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    අර රවි නීචවෙන්න කලින් කලෙත් ඕකම තමයි ගෝල බාලයො සෙට් එකට, මහින්දයගෙ දූෂණ නවත්තන්න ගෙනා එවුන් කොහොමෙයි ගහන ගැහිලි.. මහ දවල් මූණ බලාගෙන.
     

    Similar threads