බුදු දහමේ ඇතැම් තර්ක බිඳ වැටෙන්නේ ම බුදු දහම තුළින්ම ගේන වෙනත් කරුණක් නිසා...
බුද්ධ ඉගැන්වීමේ මූලික හරය සරලව ගත්තාම තමන්ගේ අභ්‍යන්තර චෛතසිකය අනුව භවය තීරණය වෙනවා... ඒ ස`දහා බලපාන අයහපත් යහපත් චෛතසික තත්වයන් බුදු දහමේ වෙන් කරල පෙන්වනවා...
ප්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්න කාරණා කීපයක් බලපානව, මැරීමට සිතීම, සැලසුම් කිරිම, මැරීම ආදි වශයෙන්... බුදු දහම අනෙක් ආගම්වලට වඩාත් ප්‍රායෝගික තාර්කික වෙන්නේ මෙන්න මේ වගේ ඉගැන්වීම් නිසයි... සොරකම ආදිය සඳහාත් එමමයි... ඒවායෙන් පැහැදිලි කරන්නේ තමන් විසින් තමන්ගේ චෛතසිකයන් ගොඩනගන බවයි....
හැබැයි මේ දේම තවත් තැනකදී බිදු දහම විසින්ම බිඳ හෙලනවා.. උදාහරණයකට දානය යනු යහපත් චෛතසිකයක් ගොඩනැගීමට හේතුවන එකක්... හැබැයි බුදු දහමේ දානය අසවලාට දුන්නම පින් වැඩියි, අසවලාට දුන්නාම පින් අඩුයි කියල බෙදීමක් පෙන්වනවා... හැබැයි බුදු දහමේ මූලික හර පද්ධතිය අනුව විය යුත්තේ දානය දානයමයි... දානය යනු අත්හැරීමට පුරුදු කිරීමක් නම්, දානය සඳහා ඇතිවන චෛතසිකය සමාන නම් එය ලබන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ කෙසේ ද...? එසේ වෙනස් වෙන්නේ නම් අපගේ චෛතසිකයට ලකුණු දීමට තුන්වන පාර්ශවයක් සිටිය යුතුයි නේද...? (උඹ ඕක දුන්නේ හිගන්නෙකුට පින් කපනවා... උඹ ඕක දුන්නේ භික්ෂුවකට පින් වැඩියි... ආදි වශයෙන් තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් තියෙන්න ඕන...*
අනෙක් අතට නිර්වාණය කියන දේ විශ්ව සත්‍යක් මිසක බුදු දහමට ලියා දුන්න කරුණක් නොවේ කියන එක සර්වසාධාරණ වේ.... ඒ විශ්ව සත්‍ය උගන්නන දහම බුුදු දහම මිසක නිවනට යන මග බෞද්ධ දැන්වීම් ඇලවී තිබිය නොහැක... සංඝ භේදය ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ බුදු දහමේ අනුගාමිකයන් වූ නිසාය... කඨින චීවර මහා කුසලයක් වී ඇත්තේ ඇයි...? විශ්ව සත්‍යයක් නම් විය යුත්තේ දෙදෙනෙක් බේද කිරීම ම ආනන්තරීය පාප කර්මයක් විය යුතු නොවේද...? සංඝ භේදය කියා විශේෂණයක් කුමකට ද? ඇඳුමක් දීම චීවරයක් දීමෙන් වෙනස් වෙන්නේ කෙසේ ද...? මේවා තර්ක කළ යුතු කරුණු වුණත් ඇතමුන් බයයි.... ඇතමුන්ට කොන්ද පණ නෑ....