ලංකාවට තවත් කීර්තියක්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවට තවත් කීර්තියක්...

    ලංකාවට තවත් කීර්තියක්...

    ද ටෙලිග‍්‍රාෆ් විසින් 2008, 2009 හා 2015 වර්ෂයන්වල කළ සමීක්ෂණයක් අනුව ශී‍්‍ර ලංකාවේ 99% ක් ආගමක් අවශ්‍ය බව ප‍්‍රකාශ කර ඇත. ශී‍්‍ර ලංකාවට අමතරව ඉතියෝපියාව, මලාවි, නයිගර් සහ යේමනයේ ද :( 99% ක් ආගමක් අවශ්‍ය යැයි පවසා ශී‍්‍ර ලංකාව සමග සම තත්වයේ සිටිති. මීට අමතරව බුරුන්ඩි, ජිබෝටි, මොරිටානියා සහ සෝමාලියාවේ :( 98% ක් ආගමක් අවශ්‍ය බව පවසා ඇත. තවද, ආගමක් අවශ්‍ය යැයි පවසන අතිශය බහුතර රටවල් ඇත්තේ අපි‍්‍රකා මහද්ද්වීපය කේන්ද්‍ර කරගෙනය. පුදුමයට කරුණක් වී ඇත්තේ මේ සියලූම රටවල් ආර්ථික, සමාජීය, දේශපාලනික හා ආගමික අර්බුදවලින් දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින සංවර්ධනය වෙමින් පවත්නා හෝ ඌණ සංවර්ධිත රටවල් වීමයි. :shocked:

    මෙම සමීක්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ඉස්ලාමීය හා බෞද්ධ යැයි සම්මත රටවල 90% කට වඩා ජනතාව ආගමක් අවශ්‍ය බව පිළිගන්නා බවකි. උදාහරණයක් වශයෙන් සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මියන්මාරය, ලා ඕසය, කාම්බෝජියාව, තායිලන්තය ආදි රටවල එකී ප‍්‍රතිශතය 90% ක් හෝ ඊට වැඩි අගයක් ගනී.

    චීනයෙ ආගමක් අවශ්‍ය යැයි පවසන ප‍්‍රතිශතය අවම රට වන අතර එය 7% ක ප‍්‍රමාණයක් වේ. විශේෂිත කරුණ වන්නේ චීනය මේ වන විට ලෝකයේ බලවතා යැයි නොනිල අන්දමට පිළිගැනීමයි. ඊට ආසන්නයෙන් ජපානය, එස්ටෝනියා, නෝර්වේ හා ස්වීඩනය පසුවෙයි.

    කැනඩාව, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල ජනතාවගෙන් ආගමක් අවශ්‍ය යැයි පවසන්නේ 40% කට අඩු ප‍්‍රමාණයකි. ඇමරිකාව හා ෆින්ලන්තය වැනි රටවල එකී අගය 55% ක් පමණ වේ. ඉන්දියාව 80% මට්ටමේ පවතින අතර, රුසියාව 70% මට්ටමේ පවතී.

    මෙම පරික්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ලෝකයේ ජනතාව අතරින් ආගම් කෙරෙහි ඇති විශ්වාසය සීඝ‍්‍රයෙන් ඉවත්ව යන බවකි. එලෙසම දැඩි ආගම් මතවාදින් සිටින රටවල ආර්ථික, සමාජීය, දේශපාලන හා ආගමික අර්බුද ඉතා වැඩි බවත්, මානව අයිතිවාසිකම් උල්ලංඝනයෙන් ද එකී රටවල් ප‍්‍රමුඛස්ථානයේ සිටින බවකි. මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට නිර්මාණය වූ ආගම් තුළින්ම මිනිසුන්ට අතිශය ගැටඵකාරි තත්වයන් ඇති කර ඇති බව මෙම සමීක්ෂණයෙන් පෙන්වන අතුරු ප‍්‍රතිඵලයකි.

    පහත ලෝක සිතියම ඇසුරින් එකී සමික්ෂණයේ සමස්ත ප‍්‍රතිඵලය විදහා දැක්වේ.

    https://telegraphtravel.carto.com/viz/78d8e112-2043-11e7-a494-0e98b61680bf/public_map

    pathfinder_PNG_Face.png

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ආර්ථික, සමාජීය, දේශපාලනික (හා අධ්‍යාපනික) වශයෙන් දියුණු වෙනකොට ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනවද නැත්නම් ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු වෙනවද :confused:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකනෙ මචන් තුන් වෙනි ලෝකේ රටවල් කියන්නේ.
    :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔක්කොම ආගම් එකම බෝට්ටුවේ දාන්න කලින් ආගමකට ඇතුලත් නොවී නිරාගමකිකව ජීවත් වෙන්න සහ ඕනෙම ආගමක් ප්‍රතික්ෂේප කරන්න උඹට තියෙන අයිතිය පිළිගන්න ආගම් වලට උදව් කරන්න.

    කෙටියෙන් කියනවා නම් පෙර කී අයිතීන් භුක්ති විඳීම, මරණයට පත්කිරීමට හේතුවක් ලෙස දක්වා ඇති ආගම් වලට දිවිහිමියෙන් විරුද්ධ වෙන්න. හැමෝම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    99% ආගමක් අවශ්‍ය බව විතරක් නෙවි දේශපලුවන්ද අවශ්‍ය බවත්, තමන්ට රජෙක් අවශ්‍ය බවත්, තම මුදලින් නඩත්තු වෙන ලොකුම ලොකු ඇමති මණ්ඩලයක් සිටිය යුතු බවත් අනුමත කරති

    අන්නේකයි ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ.

    අපිට ලඟින් හරි යන්න පුළුවන් දකුණු ඉන්දියානුවන්, බංගලාදේශ, සෝමාලියා, ඉතියෝපියා වගේ ශ්‍රේෂ්ට රටවල අතිදියුණු ජාතීන්ට පමණි
     
    • Like
    Reactions: topkollek

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔක්කොම ආගම් එකම බෝට්ටුවේ දාන්න කලින් ආගමකට ඇතුලත් නොවී නිරාගමකිකව ජීවත් වෙන්න සහ ඕනෙම ආගමක් ප්‍රතික්ෂේප කරන්න උඹට තියෙන අයිතිය පිළිගන්න ආගම් වලට උදව් කරන්න.

    කෙටියෙන් කියනවා නම් පෙර කී අයිතීන් භුක්ති විඳීම, මරණයට පත්කිරීමට හේතුවක් ලෙස දක්වා ඇති ආගම් වලට දිවිහිමියෙන් විරුද්ධ වෙන්න. හැමෝම.

    හැම ආගමක්ම එකම බෝට්ටුවේ කියල මම පිළිගන්නේ නෑ...
    හැබැයි ඒ ඒ බෝට්ටු වෙන වෙනම යාත‍්‍රා කරන්නේ එකම දිශාවකට බව නම් සහතිකයි..
    ඒ ආගමේ වැරද්දකට වඩා වර්තමානයේ ඒවා යාත‍්‍රා කරන එවුන්ගේ තියෙන මෝඩකම නිසා සිදුවෙන දෙයක්....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    99% ආගමක් අවශ්‍ය බව විතරක් නෙවි දේශපලුවන්ද අවශ්‍ය බවත්, තමන්ට රජෙක් අවශ්‍ය බවත්, තම මුදලින් නඩත්තු වෙන ලොකුම ලොකු ඇමති මණ්ඩලයක් සිටිය යුතු බවත් අනුමත කරති

    අන්නේකයි ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ.

    අපිට ලඟින් හරි යන්න පුළුවන් දකුණු ඉන්දියානුවන්, බංගලාදේශ, සෝමාලියා, ඉතියෝපියා වගේ ශ්‍රේෂ්ට රටවල අතිදියුණු ජාතීන්ට පමණි

    අපි තිත්ත ඇත්ත කතා කරන්න ඕන...
    බහුතර මිනිස්සුන්ගේ තියෙන "උන්මාදනීය පුරාජේරුව" හින්ද තමයි ලංකාවට කෙළවුණේ...
    ප‍්‍රායෝගිකව හිතන, රට ගැන හිතන අලූත් පරම්පරාවක් අවශ්‍යයි...
    හැබැයි ඒකට විවෘත මනසක් තියෙන්න ඕනම වගේ තමන්ගේ රට මේ වෙන කොට තියෙන තැන ගැනත් අවබෝධයක් තියෙන්න ඕන....
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    99% ආගමක් අවශ්‍ය බව විතරක් නෙවි දේශපලුවන්ද අවශ්‍ය බවත්, තමන්ට රජෙක් අවශ්‍ය බවත්, තම මුදලින් නඩත්තු වෙන ලොකුම ලොකු ඇමති මණ්ඩලයක් සිටිය යුතු බවත් අනුමත කරති

    අන්නේකයි ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ.

    අපිට ලඟින් හරි යන්න පුළුවන් දකුණු ඉන්දියානුවන්, බංගලාදේශ, සෝමාලියා, ඉතියෝපියා වගේ ශ්‍රේෂ්ට රටවල අතිදියුණු ජාතීන්ට පමණි

    :lol::lol::lol::lol:
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    රිසාල්ට් එක පිස්සු හැදෙනවනේ.....:sorry::sorry::sorry:
    ආගම අපිව විනාශ කරනවද, නැත්නම් අපි ආගමේ හරය විනාශ කරගෙන පිස්සු කෙලිනවද??
    :confused::confused::confused:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපිට මේ ලෝකේ හැම දෙයක්ම එකම විදියට පවත්වන්න බැහැ, හැම දේම විවිදයි සහ එම විවිදත්වය තිබිය යුතුයි. හැබැයි එම විවිදත්වය අපේ ජීවිත අනවශ්‍ය ලෙස පීඩනයට පත්කරනවා නම් මම එකට අකමැතියි. මම හම්බයන්ට අකමැති ඒකයි.

    උබල දැකල ඇති මම කතෝලිකන්ට බනින ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන්න යන්නෙ නැහැ කියල එක. හේතුව උන් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්. උඹ ජීසස් ව පිළිගත්තේ නැහැ කියල උන් උඹව මරන්න එන්නෙ නැහැ.
    මේ රටේ කතෝලිකයෝ වැඩි උනාට මට අවුලක් නැහැ. හැබැයි හම්බයෝ සම්බන්ධයෙන් මම බයයි. උන් උන්ගේ බලය පතුරන්න පුළුවන් වෙනකල් යාළුවො වගේ ඉඳල අවස්තාව ලැබුණු ගමන් පිහියෙන් අනිනවා.

    ඒ වගේම උඹේ ඔය අර්ථකථනය වැරදියි. එක මම වෙනම ලියන්නන්.

    හැම ආගමක්ම එකම බෝට්ටුවේ කියල මම පිළිගන්නේ නෑ...
    හැබැයි ඒ ඒ බෝට්ටු වෙන වෙනම යාත‍්‍රා කරන්නේ එකම දිශාවකට බව නම් සහතිකයි..
    ඒ ආගමේ වැරද්දකට වඩා වර්තමානයේ ඒවා යාත‍්‍රා කරන එවුන්ගේ තියෙන මෝඩකම නිසා සිදුවෙන දෙයක්....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    ලංකාවට තවත් කීර්තියක්...

    ද ටෙලිග‍්‍රාෆ් විසින් 2008, 2009 හා 2015 වර්ෂයන්වල කළ සමීක්ෂණයක් අනුව ශී‍්‍ර ලංකාවේ 99% ක් ආගමක් අවශ්‍ය බව ප‍්‍රකාශ කර ඇත. ශී‍්‍ර ලංකාවට අමතරව ඉතියෝපියාව, මලාවි, නයිගර් සහ යේමනයේ ද :( 99% ක් ආගමක් අවශ්‍ය යැයි පවසා ශී‍්‍ර ලංකාව සමග සම තත්වයේ සිටිති. මීට අමතරව බුරුන්ඩි, ජිබෝටි, මොරිටානියා සහ සෝමාලියාවේ :( 98% ක් ආගමක් අවශ්‍ය බව පවසා ඇත. තවද, ආගමක් අවශ්‍ය යැයි පවසන අතිශය බහුතර රටවල් ඇත්තේ අපි‍්‍රකා මහද්ද්වීපය කේන්ද්‍ර කරගෙනය. පුදුමයට කරුණක් වී ඇත්තේ මේ සියලූම රටවල් ආර්ථික, සමාජීය, දේශපාලනික හා ආගමික අර්බුදවලින් දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින සංවර්ධනය වෙමින් පවත්නා හෝ ඌණ සංවර්ධිත රටවල් වීමයි. :shocked:

    මෙම සමීක්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ඉස්ලාමීය හා බෞද්ධ යැයි සම්මත රටවල 90% කට වඩා ජනතාව ආගමක් අවශ්‍ය බව පිළිගන්නා බවකි. උදාහරණයක් වශයෙන් සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මියන්මාරය, ලා ඕසය, කාම්බෝජියාව, තායිලන්තය ආදි රටවල එකී ප‍්‍රතිශතය 90% ක් හෝ ඊට වැඩි අගයක් ගනී.

    චීනයෙ ආගමක් අවශ්‍ය යැයි පවසන ප‍්‍රතිශතය අවම රට වන අතර එය 7% ක ප‍්‍රමාණයක් වේ. විශේෂිත කරුණ වන්නේ චීනය මේ වන විට ලෝකයේ බලවතා යැයි නොනිල අන්දමට පිළිගැනීමයි. ඊට ආසන්නයෙන් ජපානය, එස්ටෝනියා, නෝර්වේ හා ස්වීඩනය පසුවෙයි.

    කැනඩාව, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල ජනතාවගෙන් ආගමක් අවශ්‍ය යැයි පවසන්නේ 40% කට අඩු ප‍්‍රමාණයකි. ඇමරිකාව හා ෆින්ලන්තය වැනි රටවල එකී අගය 55% ක් පමණ වේ. ඉන්දියාව 80% මට්ටමේ පවතින අතර, රුසියාව 70% මට්ටමේ පවතී.

    මෙම පරික්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ලෝකයේ ජනතාව අතරින් ආගම් කෙරෙහි ඇති විශ්වාසය සීඝ‍්‍රයෙන් ඉවත්ව යන බවකි. එලෙසම දැඩි ආගම් මතවාදින් සිටින රටවල ආර්ථික, සමාජීය, දේශපාලන හා ආගමික අර්බුද ඉතා වැඩි බවත්, මානව අයිතිවාසිකම් උල්ලංඝනයෙන් ද එකී රටවල් ප‍්‍රමුඛස්ථානයේ සිටින බවකි. මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට නිර්මාණය වූ ආගම් තුළින්ම මිනිසුන්ට අතිශය ගැටඵකාරි තත්වයන් ඇති කර ඇති බව මෙම සමීක්ෂණයෙන් පෙන්වන අතුරු ප‍්‍රතිඵලයකි.

    පහත ලෝක සිතියම ඇසුරින් එකී සමික්ෂණයේ සමස්ත ප‍්‍රතිඵලය විදහා දැක්වේ.

    https://telegraphtravel.carto.com/viz/78d8e112-2043-11e7-a494-0e98b61680bf/public_map

    pathfinder_PNG_Face.png

    ඉස්ලාම් වලට නම් උඹේ කතාව 100% ඇත්ත. ඒක 5 වන සියවසේ බිහිවෙච්ච ගෝත්‍රික ආගමක්. සහ සමාජ ක්‍රමයක්.

    මේ අනිත් ප්‍රධාන ආගම් සම්බන්ධයෙන් නම් හේතුව, අතිශය තාක්ෂණික, තරඟකාරී, වේගවත් සමාජ ඇතුලේ ආගමකට තැනක් නැති වෙන එක.
    එහෙම නැතුව ආගම් නිසා මිනිස්සු පසුගාමී වෙනවා නෙමෙයි. (ඉස්ලාම් හැර)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉස්ලාම් වලට නම් උඹේ කතාව 100% ඇත්ත. ඒක 5 වන සියවසේ බිහිවෙච්ච ගෝත්‍රික ආගමක්. සහ සමාජ ක්‍රමයක්.

    මේ අනිත් ප්‍රධාන ආගම් සම්බන්ධයෙන් නම් හේතුව, අතිශය තාක්ෂණික, තරඟකාරී, වේගවත් සමාජ ඇතුලේ ආගමකට තැනක් නැති වෙන එක.
    එහෙම නැතුව ආගම් නිසා මිනිස්සු පසුගාමී වෙනවා නෙමෙයි. (ඉස්ලාම් හැර)

    මමත් වැඩියෙන්ම පහර ගහන්නේ ඉස්ලාමයට... මගේ ත්‍රෙඞ්වලින් ගොඩක්ම උන්ට විරුද්ධව දාපුවා... ඒ ඉස්ලාමයේ නිදහස් චින්තනයට ඉඩක් නැති නිසා... ආගම් පෙළගැස්වීමේ අන්තිම තැන ඉස්ලාමයට.. ඒකට විවාදයක් නෑ...

    ජාතියක් විදියට සිංහල බෞද්ධයාට නැගි හිටින්න කරන්න පුලූවන් දේවල් ගැන මම අනන්තවත් ත්‍රෙඞ් දාලා ඇති... ඒ වුණත් අද බහුතර සිංහලයා කම්මැලි, කුසීති, පොළවේ යථාර්ථය තේරුම්ගත්ත නැති කාළකණ්ණින් වෙලා... උඹ ඔය කියන දේට සිංහලයාට ගන්න තියෙන එකම විසඳුම සිංහලයාගේ ආර්ථිකය දියුණුකිරීමත්, සිංහලකම ගැන හිතන දේශපාලන සංස්කෘතියක් සාදා ගැනීම.... එහෙම නැතිව හම්බයාට බැන, බැන, මුස්ලිම් කඩ කඩමු, පල්ලි කඩමු කියල බයිල ගහල වැඩක් නෑ... එහෙම කරල ජාතියක් විදියට නැගී හිටින්න බෑ... මම හැමදාම කියනවා වගේ තමන් ප‍්‍රායෝගිකව ශක්තිමත් වෙලා ඉන්න ඕන.. අද හාමුදුරුවෝ උණත් නූතන අර්ථක‍්‍රමයට බණ කියන විදියට හැඩ ගැහෙන්න ඕන... කොහෙද උන්දැල එලොව පරලොවයි ගැන කතා කළාට මෙලොව ගැන කතා කරන්නේ නෑනේ.... :(
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ලංකාවේ 99ක් වෙන්න අමාරුයි 85 වගේ වෙන්න පුළුවන් එක්කෝ සමීක්ෂණය කරපු එකා උට හිතෙන ගානක් දීලා නැත්තන් කරලා තියෙන්නෙ තම්බි ගමක :confused::confused:....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ 99ක් වෙන්න අමාරුයි 85 වගේ වෙන්න පුළුවන් එක්කෝ සමීක්ෂණය කරපු එකා උට හිතෙන ගානක් දීලා නැත්තන් කරලා තියෙන්නෙ තම්බි ගමක :confused::confused:....

    සමීක්ෂණයක් කියන කොට නියැදි පරීක්ෂාවක්නේ කරන්නේ...
    නියැදිය තෝරා ගන්න කොට ඒකට යම් යම් නිර්නායක පදනම් කරගන්නවා...
    මම නම් හිතන්නේ ලෝකය පුරාම කරපු එකක් නිසා නිවැරදි ක‍්‍රම අනුගමනය කරන්න ඇති.... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජොනී බට්ට;22482900 said:
    lankawe atheist kenek wima nithiyen waradakda?

    මොනම රටකවත් මම දන්න තරමට එහෙමෙ නීතියක් නෑ...
    මුස්ලිම් රටවල ඉස්ලාම් ආගම විවේචනය කිරිම වරදක් විදියටත්, ඇතැම් මුස්ලිම් රටවල ප‍්‍රසිද්ධියේ වෙනත් ආගමක් ඇදහීමත් වරදක් කියල කියනවා... හැබැයි නිර්ආගමිකයින්ට නීතියක් තියෙනවද කියල දන්නේ නෑ.... :eek: