උඹ ඔය කියන දේවල් වෙන්නේ නෑ,කොහොමත් ඡන්ද බලේ තියෙන්නේ unp එකට හා මහින්දට,රනිල් ආණ්ඩුව තියාගෙන ඉන්න කම් කවදාවත් ඌට විරුද්ධ වෙන්නේ නෑ බහුතරය,හැබැයි බුද්ධික පතිරණ,මෛත්රී ගුණරත්න වගේ අය විතරයි රනිල්ට ගේම ඉල්ලන්න ඉන්නේ,අන්න උන් සමහර විට මෛත්රීපාලට එකතු වේවි.මොකද දෙගොල්ලොම සිරස එක්ක ගනුදෙනු කරන නිසා.හැබැයි බැරි වේලාවත් රනිල් කොහොම හරි බැඳුම්කරණයෙ වැරදිකරු කළොත් මිනිහගෙ බලේ නැති වුනාම ඔන්න පක්ෂය කැඩෙන්න පුළුවන්,ඒත් ඒක වෙන දෙයක් නෙමෙයි.අනික බහුතර රනිල් එක්ක,සජිත් උගේ තාත්තා වගේ නෙමෙයි කියලා මිනිස්සු දැන් දන්නවා.තාත්තාගේ වැඩ market කරනවා මිසක් මිනිහට වෙන පිළිගැනීමක් නෑ.හැබැයි 2015 දී තිබුණ ගැම්ම නෑ ආපහු unp උන් ඡන්ද පොළට යන එක අඩු වෙනවා කලින් වගේ.ඒවාගෙම 2015දී unp ආණ්ඩුවක් ඕන කියපු උගත් අය,තරුණ අය හැලේවි.
මෛත්රීපාලගෙ පැත්ත බැලුවම මිනිහට ඉන්න පාරම්පරික ශ්රිලංකාකාරයා කවුද චන්ද්රිකාද,දුමින්ද දිසානායකද නැත්නම් sb,ඩිලාන් සොයිසා වගේ ඡන්දෙ පැරදුණ අයද?,ඕකේ ඇතුලේ ඉන්න බහුතරයක් හිතින් මහින්දට love,අනික ශ්රිලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් කියන්නේ ගමේ ඉන්න මිනිස්සු ඒ මිනිස්සු,පක්ෂයක් වටාවත්,වෙන නියෝජිතයකු වටාවත් නෙමෙයි කෙළින්ම මහින්ද වාට ඉන්නේ,අනික වාමාංශික පක්ෂ කියන ඒවා මහින්ද එක්ක ඉන්නේ ඩිව්,වාසු වගේ අය,JVP කීයටවත් මෛත්රීට එකතු වෙන්නේ නෑ.සමහර විට ඔය ප්රදේශීය සභා මන්ත්රී කෙනෙක් වත් නැති පෙරටුගාමීන් එකතු වේවි jvp එකට ගේම දෙන්න.
දෙමළ මුස්ලිම් සමහර අය මහින්ද එක්ක එකතු වේවි,ඔය කරුණා වගේ අය.ඒත් බහුතරයක් unp එකට එකතු වේවි.TNA එක වෙනම තරග කරාවි.කොහොම වුනත් උන් යටින් ආණ්ඩුවේම කොටසක් තමයි.වතුකරයේ බලය unp එක ගන්නවා.