දළ_පූට්ටුවා මරලා
පසුගියදා මෙරොගොල්ලාගම නිකවැව ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ ඇති දළ යුගය දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන බව, අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මරාදමන ලද දළ පූට්ටුවා සොයා මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 22 වැනි දා නිකවැව ප්‍රදේශයේ දී ඇත් දළ දෙකක් සමග ගජමුතු 6ක් සමගින් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.
එහිදී, සැකකෙරුණේ, මෙම ඇත් දළ යුගය ගල්ගමුවේ දළ පුට්ටුවා වන බවටයි. ඉන් අනතුරුව, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් දළ පූට්ටුවා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණා.
අප කළ විමසීමක දී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ලද දළ යුගයේ ස්වරූපය අනූව, මෙය දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන බවයි.