නැහැ මචන්. ඌ නිරාගමික වෙලා තියෙන්නේ මුලින් බෞද්ධක් විදියට ඉඳලා ධර්මය ඉගෙන ගෙන. ඌ කියන කරුණු ගොඩක් logical. අපි වුනත් බුදුන් වහන්සේ දැකලා නෑනේ. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේකයි කියලා අපිට දැන් කාලේ ඉන්න ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මය සහ ත්රිපිටකයේ තියෙන ධර්මය නේ අපි දන්නේ සහ පිළිපදින්නේ. ඉතින් ඒවායේ වැරදි තියෙන්න බැරිද?
ඒ වගේම අනිත් ආගම්වල ස්වර්ගයට, කන්යාවියෝ 72 දෙනාට, කන්යාවක් දරුවෙක් බිහි කලාට අපි හිනා වෙනවා වගේම අපේ ආගමේ දිවය ලෝක බ්රහ්ම ලෝක අපාය ගැනත් අප ස්වයං විවේචනයක් කරන්න ඕනේ. මම බෞද්ධ අන්තවාදියෙක් නෙමෙයි මචන්. ඇත්ත මොකක්ද අන්න ඒක තමයි මට වටින්නේ සහ මම පිළිගන්නේ.
උ තමා මචන් කිරියේ යතාර්තවදීව දකින මනුස්සයා. මම නම් ඌට ගරු කරන්නේ ඒකයි. බුද්දාගම ගැන මිනිහට තියනව ලොකු අවබොදයක්. ඔය මාර විදියට කඩු පොලු අරන් සාසනේ රකින්න සෙට් වෙන උන් වැස්සකට බණ පොතක් අතට ගත්ත උන් නෙමෙයි.. පාත්පයින්ඩර්ගේ කොනෙන් මේ ආගම් දිහැ බැලුවොත් තෙරෙනවා මොන තරම් මුලාවක්ද වන්චාවක්ද මේ කරන්නේ කියලා. ඒකට බුදුහාමුදුරුවො පලි නැ. දැන් යන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ නෙමෙයිනේ.. මට ටැග් ටික දැක්කම හිතුනේ. ඒ ටැග් දාපු උනුත් උන්ගේ එක හොදම එක කියලා හිතන උන්. උන්ගෙත් වෙනසක් නැ..
මට නම් ක්රිස්තියානි ලේබල් ගහන්න එපා මම දහම් පාසලෙත් ඉගැන්නුවා සහ දහම් පාසල් අවසාන විභාගෙත් කරලා තියෙනවා.