Sinhala විනාශය

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    සිංහල භාෂාව ද මියැදෙන්නේ වර්තමානයේ වසංගතයක් සේ ව්‍යාප්ත වී ඇති නිශ්ඵල ප්‍රවණතා වලින් විය හැක. මන්ද යත් වර්තමානයේ දී විවිධාකාර වූ විද්‍යුත් සහ ප්‍රසිද්ධ මාධ්‍යයන් ඔස්සේ පවා විලාසිතාවකට මෙන් භාෂාව මරා හසුරුවන පිරිසක් බිහි වී සිටීමත් එවන් පුද්ගලයන්ගේ භාෂා විලාසය පමණක් නොව එලෙස විකෘති කළ භාෂාව පවා අනුගමනය කරන පිරිස් ද වසංගතයක් සේ ඉහළ යමින් පැවතීමත් ය. මේ නිසා නුදුරු අනාගතයේ දී විකෘති වූ සිංහලක් සාමාන්‍යකරණය වී පොදු ව්‍යවහාරික භාෂාව බවට පත් වී කෘත්‍රිමව පරිණාමනයකට බඳුන් වනු ඇත. කාලයත් සමග භාෂාව ද පරිණාමනය වේ. නමුත් අවිචාරවත් අසික්ෂිත පරිණාමනයකට මග නොපෑදිය යුතුය. අද බොහෝ දෙනාගේ මුවග රැඳී ඇති, සැණෙන් එළියට පනින බොහෝ වචන මෙලෙස විකෘති කරන ලද භාෂා විලාසයන් වී ඇත. ඉන් බහුතරයක් ටෙළි නාට්‍ය, සමාජ ජාල, සහ ජනප්‍රියත්වය, විනෝදය සහ මුදල් තකා ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ පළ කරන ඈයන්ගේ මාර්ගයෙන් සිදු වී ඇත; සිදු වෙමින් පවතී. මේවා ඉවක් බවක් නැතිව ඇසෙන පළියට භාරගෙන දෛනික ව්‍යවහාරයේ යෙදවීමෙන් නොදකින විනාශයක් භාෂාව පසින් සිදු වෙමින් පවතී.

    මීට සරිලන හොඳම උදාහරණය නම් "එළකිරි" යන භාවිතයයි. අද බොහෝ පිරිස් මේ වචනය භාවිතා කරන්නේ එහි අදාල තේරුම ඉස්මතු කිරීමට නොව "නියමයි", "මරු", "හරි" ආදී වචන භාවිතා කළ යුතු අවස්ථාවන් වලදීය. තවත් මෙලෙස සමාජගත වී ඇති වචන බෙහෙවින් ඇත. කුණුහරුප ද අද නව්‍යකරණය වී කිසිදු විළි ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ පවා භාවිතා කළ හැකි මට්ටමකට පත්ව ඇත. ඊට ද හොඳම උදාහරණය සියළු "අම්මට" කියා ඇරඹෙන පරුෂ වචන "ට" යන්නෙන් නැතිනම් "ටෞ" ලෙස අරඹා ප්‍රකාශ කිරීමයි. ප්‍රවණතාවන් වලට ගැතිවී ඒවායේ වහලුන් වී විනෝදය උදෙසා මවා ගත් පෞරුෂයක් ගොඩනගා ගෙන ඇත්තේ මෙලෙසිනි. ඒ වෙනුවෙන් භාෂාව කරනා කාර්‍යභාරය ඉහළ වන අතර එයින් භාෂාවට සිදු වන හානිය ද ඉහළය. තවමත් අධ්‍යක්ෂ වෙනුවට අධ්‍යක්ෂක යන්න භාවිතා කරනා ප්‍රවීණයන් ද බොහෝමයකි.

    යමෙකු වහරේ එන පරිදි රජා මැරූ විට එහෙමත් නැත්නම් තේරෙන භාෂාවෙන් කියතොත් මෙරට ප්‍රධාන භාෂාව නොවන ඉංග්‍රීසිය වරදා කතා කල විට එහි වැරදි නිවැරදි කිරීමට බොහෝ දෙනා පෙළඹුන ද සිංහල භාෂාව හිතා මතාම කරන මැරීම නිවැරදි කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවනවා සේම එය කටින් කට, අතින් අත වාචිකවත්, ලිඛිතවත් උජාරුවෙන් සමාජගත කිරීමට පෙළඹෙන පිරිස් සංඛ්‍යාව ඉතාමත් ඉහළ මට්ටමක පවතී. කොටින් ම කියතොත් භාෂාව පිළිබඳව හැඟීමක් නැති අතර මව් භාෂාවවත් නිවැරදිව භාවිතා කිරීමට දැනුමක් නැත.

    බටහිර භාෂාවන් හිස් මුදුණෙහි රඳවා ගෙන මව් භාෂාව අමතක කිරීමට කිසිවෙකු පසුබට නොවන්නේ ද මේ නිසාවෙනි. සිංහල භාෂාව පරිහරණය ලැජ්ජාවට කරුණක් ලෙස ඔවුහූ සලකති. ඉදින් බටහිර රට වලට යන බොහෝ දෙනාට සිංහල අමතක වේ. ලංකාවේ ද සිංහල පවුල් වල හැදී වැඩී සිටින්නන් එකිනෙකා හමු වූ විට ඉංග්‍රීසියෙන් දොඩමළු වෙයි. ඊට හේතුව සිංහල පවුල් වුව ද නිවසේ ඉංග්‍රීසිය රජ කිරීමයි.

    ලිඛිත මාධ්‍ය තුළ හැරුණු විට විද්‍යුත් මාධ්‍යයන් වල ඇත්තේ සම්පූර්ණයෙන් ම අසා සිටීමට අපහසු සිංහල භාෂාවක් ය. බහුතරයක් ම ෆැන්ටසිකරණයට සහ වාණිජකරණයට ලක් වූ විද්‍යුත් නාළිකා වන අතර ඒවායෙන් සරල සුගම සිංහල භාෂාවක් වර්තමානයේ දී බලාපොරොත්තු වීම ද ප්‍රායෝගික නොවන කාරණාවකි. භාෂාව හැසිරවීමට බැරෑරුම් සහ නිතර අසන්නට නොලැබෙන වචන භාවිතාව අත්‍යාවශ්‍ය ම නොවේ. නමුත් භාවිතාවේ යොදවන බහුතරයක් වූ අනෙකුත් සියළු වචන නිවැරදිව ව්යාකරණානුකූලව හැසිරවීම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේවත් පවත්වා ගැනීම භාෂාවේ උන්නතිය උදෙසා ඉතාමත් යෝග්‍ය වේ. නැතහොත් වර්තමානයේ පමණක් නොව අනාගතයේ දී පවා උපදින දරුවා ග්‍රහණය කර ගන්නා මුල්ම වචන බිඳුණු සිංහලක් විය හැක.

    සිදු විය යුත්තේ කියන්නා කෙසේ කීවත්, පල වී ඇති දේ කෙසේ වුවත් අසන්නා හෝ පාඨකයා සිහි බුද්ධියෙන් ඇසෙනා කියවනා සියළු භාෂා ව්‍යවහාරයන් එළෙසින් ම ක්‍රියාවෙහි නොයොදවා සිටීමට විචාරශීලී වීමයි. සිදු නොවන්නේ ද මෙය ම ය. භාෂාව ද රැල්ලකට හසු වී ඇත. සබුද්ධික පාඨකයන් සහ ශ්‍රාවකයන් සමාජයෙන් වඳවී යමින් පවතී. මෙය වැළැක්වීමට කළ යුත්තේ අවිචාරවත් භාෂා හසුරුවන්නන්ගේ විලාශයන් අනුකරණය නොකර, කාලෙන් කාලෙට එන රැලි වලට හසු නොවී, හුදෙක් ම ඒවා එක් කනකින් අසා අනෙකෙන් පිට කර හරය පමණක් උකහා ගැනීම ම ය.
     
    Last edited:

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    [FONT=&quot]සිංහල භවිතය අනිවර්‍යයි සිංහලයේක් විදිහට හැබැයි කලේත් එක්ක භෂාව වෙනස් වෙනවා මචං [/FONT]
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බාසාව කියන්නේ ඒක තමයි බං.... කාලයත් එක්ක නව්‍යකරණය වෙනවා...
    බාසාවකින් කරන්නේ සන්නිවේදනය නිසා කාලයත් එක්ක ඇති වන පෙරළියන් එක්ක බාසාවත් විවිධ ස්වරූප ගන්නවා.... අපි අද වර්චස් කේස් එකක් කියන්නේ එදා වර්චස් පිඩක් කියපු දේම තමයි....
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Issara api itin kohomada kiyapu eka itim wela. Nangi namki wela. Ane kiyapu eka aniii ehema natinam anaa wela
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදට අවුරුදු සීයකට කලින් පත්තරයක් අරන් බැලුවොත් අමුතු සින්හලක් තියෙන්නේ :yes: පන්සීයක් පස්සට ගිහින් බැලුවොත් ඊටත් වඩා වෙනස් :yes: පුස්කොල පොත්වල තියෙන්නේ ඊටත් වෙනස් එකක්.

    හරිම සිංහල මේකයි කියල කියන්න බෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නියමයි කියන්න එලකිරි කියන එක වැරදියි නං
    මීට අවුරුදු බර ගානකට කලිං එකඟ වෙන්නෑ කියන්න කෙහෙම්මල, බම්බුව වගේ වචන පාවිච්චි කරන්න ගත්ත එකත් වැරදියිනෙ :lol:
    තව එක පයින් කැමතියි වගේ ඒව :P
    ආච්චිට හාල් ගරන්ඩ :P
     

    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0
    නියමයි කියන්න එලකිරි කියන එක වැරදියි නං
    මීට අවුරුදු බර ගානකට කලිං එකඟ වෙන්නෑ කියන්න කෙහෙම්මල, බම්බුව වගේ වචන පාවිච්චි කරන්න ගත්ත එකත් වැරදියිනෙ :lol:
    තව එක පයින් කැමතියි වගේ ඒව :P
    ආච්චිට හාල් ගරන්ඩ :P

    bulath paiya :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    bulath paiya :no:

    බුලත් පයිය ඒ කාලෙ පාවිච්චි කරපු වචනයක්නෙ :) අපි පස්සෙ ඒකෙ තේරුම වෙනස් කරගත්ත :yes: අන්තිමට පයියාගල නමත් වෙනස් කරන්න වුනා පයාගල කියල :rofl: අනාගතේ ඉපදෙන උන්ට ගම් වල නම් හැදිච්ච හැටි කියාදෙද්දි පයාගල ගැන කොහොම කියාදෙයිද දන්නෑ :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    බාසාව කියන්නේ ඒක තමයි බං.... කාලයත් එක්ක නව්‍යකරණය වෙනවා...
    බාසාවකින් කරන්නේ සන්නිවේදනය නිසා කාලයත් එක්ක ඇති වන පෙරළියන් එක්ක බාසාවත් විවිධ ස්වරූප ගන්නවා.... අපි අද වර්චස් කේස් එකක් කියන්නේ එදා වර්චස් පිඩක් කියපු දේම තමයි....

    සබ්බේ සංඛාරා අනිච්චා :yes:

    භාෂාවටත් ඒ ටිකම තමයි. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුලත් පයිය ඒ කාලෙ පාවිච්චි කරපු වචනයක්නෙ :) අපි පස්සෙ ඒකෙ තේරුම වෙනස් කරගත්ත :yes: අන්තිමට පයියාගල නමත් වෙනස් කරන්න වුනා පයාගල කියල :rofl: අනාගතේ ඉපදෙන උන්ට ගම් වල නම් හැදිච්ච හැටි කියාදෙද්දි පයාගල ගැන කොහොම කියාදෙයිද දන්නෑ :baffled:
    පයාගලට කලින් පයියාගලද කියල තියෙන්නේ :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පයාගලට කලින් පයියාගලද කියල තියෙන්නේ :P

    ඔව් :baffled: දන්න තරමින් කිඹිය කියල ගමකුත් තියෙනව :rofl: සඟ රස බස් කියල පොතක් තියෙනව :D ඒකෙ තිබ්බෙ මතක විදිහට. පයියාගල මොකක් හරි ගැන හාමුදුරුවො කියා දෙද්දි සිස්සයො හිනා වුනාම පස්සෙ හාමුදුරුවො කියනව ඒ වුනාට පයියාගල තියෙන්න තිබ්බෙ මෙහෙ. ඒ ඇයි ඇහුවාම ඇයි කිඹිය තියෙන්නෙ මෙහෙනෙ කියනව :baffled:
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අදටත් ස්ටේෂන් එකේ ගහලා තියෙන්නේ එහෙම තමා බං
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පයියාගල කියල ? :baffled: Photo එකක් නෑ :D
    හුට්ටො කියලා ඇමෙරිකාවේ නම් තියනවා. ලන්කාවේ උන්ගේ මල කොලම්. එහෙනම් middlesex, dickson, virginia වගෙ නමුත් වෙනස් කරන්න එප්[ආයැ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුට්ටො කියලා ඇමෙරිකාවේ නම් තියනවා. ලන්කාවේ උන්ගේ මල කොලම්. එහෙනම් middlesex, dickson, virginia වගෙ නමුත් වෙනස් කරන්න එප්[ආයැ.

    middlesex, dickson :rofl: :rofl:
    පෙලක් උන්ට ඩික් කියල නමත් දානව :baffled: උන් නං පව් :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    vz24y.jpg

    :oo: