වෙහෙරගල පන්සලේ සීලරතන හාමුදුරුවෝ කොණ්ඩදෙනියට සැපත්වීමෙන් පසුව උන්වහන්සේ එම ග්රාමයෙහි නාමයෙන් සිරිලක පුරා ප්රචලිත විය. එම ස්වාමීන් වහන්සේ තම අතවැසියා සමඟ අගනුවරට පැමිණ දානය වැළඳීමේදී එම ආපන ශාලාවේ කොලුවෙකුගේ උපහාසයට බඳුන් විය. ඔහුගේ නොසරුප් වදන් නොඉවසූ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ තම අතවැසියා ලවා බුලත්විටක් ගෙන්වා ආපනශාලාවේ මේසය මත බුලත් විටෙහි හුණු වලින් ඉරක් ඇඳ නික්ම ගියහ. හිමිනම කෝපයෙන් ආපනශාලාවෙන් පිටව යනු ආපනශාලා හිමියා සහ බසයේ රියෑදුරුද දුටුවේය.
ආපනශාලාව එකම කළබැගෑනියකි. තේ පානයට පැමිණි පිරිසද සේවක පිරිසද ගැටුමකි. මේස-පුටු කැඩී යයි. පිඟන්-කෝප්ප ඉගිලෙයි. එකම විනාශයකි. රාත්රියේම විහාරස්ථානය සොයා පැමිණියේ ආපන ශාලාවේ හිමිකරුය. ඔහුගේ බයාදු ස්වරයට අනුකම්පා කළ කොණ්ඩදෙනියේ හිමිපාණෝ ආගන්තුකයනට සංග්රහශීලීව සලකන ලෙස උපදෙස් දී ආපන ශාලාවට සහ සේවක පිරිසට ඉසීමට පිරිත් පැන් බෝතලයක් දී ඔහු පිටත්කර හැරියහ, කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ මන්ත්ර බල මහිමය එලෙසය.
දිවයින news paper

කාලයක් ලංකාදීපේ ගියා. දිග ලිපියක්.