කුරුණෑගල-මාතලේ පාරේ පැයක විතර දුරින් (ගොකරැල්ල කිට්ටුව) මීපිටිය කියන ගම පිහිටලා තියෙනවා.
2017 ජනවාරි මාසේ මීපිටිය ගමේ උසස්පෙළ දෙවෙනි වතාවට කරන ළමයෙක් මට කතාකලා ICT Individual ක්ලාස් එකක් කරන්න. (මේ කාලේ මගේ ප්රධාන අදායම් මාර්ගය උසස්පෙළ class කරන එක). විභාගෙට මාස 7ක් පමණක් තියෙන නිසාත් පන්තිය කරන්න දුර යන්න වෙන නිසාත් මම මාසෙට 8000 ගානේ පන්තිය කරන්නම් කිව්වා. ළමය පොඩ්ඩක් වෙලා සද්ද නැතුව ඉදල කිව්වා “සර් මම එහෙනම් ගෙදරින් අහල කියන්නම්” කියල.
නමුත් ඊට පස්සේ ඒ ළමය මට කතා කලේ නැහැ.
මාස තුනකට පස්සේ මේ ළමය මට ආයේ සැරයක් කතාකලා පන්තිය කරන්න. දැන් විභාගෙට මාස 4යි. මම කිව්වා දැන් කාලය හොදටම මදි අනිත් එක මට පන්ති කරන්න වෙලාවක් නැහැ කියල. නමුත් ළමයාගේ ඇවිටිල්ල හින්දම සදුදා උදේ 6ට පන්තිය දාගත්ත.
පලවෙනි දවසේ පන්තිය කරන්න මම ගෙදරට ගියා. ළමයාගේ අම්ම බොහොම සාදරයෙන් මාව පිළිගත්තා. ගෙදර ඉස්සරහ විතරක් කපරාරු කරලා. පන්තිය කරන්න white board එකක් එක්ක මේසයක් දාල තිබ්බ. ඊට එහා පැත්තේ ජුකී මැෂින් එකක් තිබ්බ. මම ඉතින් පුරුදු විදියට පවුලේ විස්තර ටිකක් ඇහුව. ළමයාගේ තාත්ත හමුදාවේ. අම්ම රස්සාවක් කරන්නේ නැහැ. තව ඉගෙනගන්න මල්ලි කෙනෙක් ඉන්නවා.
බලු බැල්මට රුපියල් 8000 ක් කියන්නේ මේ පවුලේ මාසික අදායමෙන් 1/3 ක් වගේ. නමුත් මම ඒ ගැන ඇහුවේ නැහැ. මම කිව්වා මම සාමාන්යෙන් පන්තිය පැය 3ක් කරනවා හැබැයි අපිට කල් මදි නිසා මම පැය 4ක් කරන්නම් කියල.
සිලබස් එකේ එක පාඩමක් ඇරෙන්න අනික් ඔක්කොම cover කරලා past papers ටිකත් කරලා බැරිවෙච්ච පාඩම ළමයට තනියම ඉගෙනගන්න වීඩියෝ ටිකකුත් හදල දුන්න (පස්සේ මම මේ වීඩියෝ ටික Python Sinhala කියල Youtube එකට Upload කළා.)
පන්තිය කරපු අන්තිම දවසේ ළමයාගේ අම්ම මට Fees ගෙවන්න ළමය සල්ලි හොයපු හැටි කිව්වා. ජනවාරි මාසේ කතාකරලා මාස තුනක් සද්ද නැතුව ඉදල තියෙන්නේ මේ ළමය මාතලේ පාරේ තියෙන MAS එකේ line එකක වැඩට ගිහින් රු 15000 පඩියට ඇදුම් මහන්න. සල්ලි හොයාගත්තට පස්සේ තමයි මට මාර්තු මාසේ පන්ති කරන්න ආපහු call කරලා තියෙන්නේ.
මේක ඇහුවට පස්සේ මට ඇතිවෙච්ච හැගීම කියන්න වචන නැහැ. මම කිව්වා බයවෙන්න එපා ළමය pass වෙයි කියල.
AL results ආපු දවසේ උදේ ළමය message එකක් එවල තියෙනවා “සර් මම විභාගේ pass, ICT වල S ” කියල. ඒ ගමන්ම මම අනික්පැත්තට ගත්ත call එකක් අරන් සුභ පැතුවා. ඒ අම්ම මට පින් දුන්න.
2017 AL batch එකේ මේ වගේ මම අනිතිම මාස 4-5 උගන්නපු ළමයි 3න් දෙනෙක් හිටිය.. එයින් එක්කෙනෙක් මේ. තව කෙනෙක් ඉබ්බාගමුව central එකේ මේ පාර AL ICT පාස් ළමයි තුන්දෙනාගෙන් එක්කෙනෙක්. අනික් ළමය මට results කියන්න කතාකලේ නැහැ.
මේක දැම්මේ ඒ ළමයගේ මහන්සියට උපහාරයක් විදියට හැමෝටම දැනගන්න.