ආර්ය මයිත්‍රී භාවනාව

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආර්ය මයිත්‍රී භාවනාව

    සියලුම ලෝක වාසීන්ට සුභම සුභ නව වසරක් වේවා !!!.නව වසර ලැබීම වගේම දුරුතු පොහොයත් යෙදුනු විශේෂ දිනයක් අද :yes::D.ඒ විශේෂ දිනයේ ලෝක සත්වයාට විශේෂ දෙයක් දෙන්න මේ සුදානම් වෙන්නේ ;):cool:අද කතා කරන්නේ නිවන් මාර්ගය වඩන හැමෝටම වඩන්න පුළුවන් භාවනාවක් වෙන ආර්ය මයිත්‍රී භාවනාව ගැන :yes:


    [FONT=&quot]මයිත්‍රී භාවනාවේ ආනිශංශ 11 තියනවා . සුවසේ නිදීම ,සුවසේ අවදිවීම ,නරක හිනා නොදකිම ,මනුස්සයන් අමනුසායන් ප්‍රිය වීම ,දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම ,වස විස උල් වලින් ආරක්ෂා වීම ,ඉක්මනින් සමාදිගත වීම ,ශරීරය පැහැපත් විම ,සිහි මුලා නොවී මිය යාම ,මෙලොව අරිහත්පලය නොලැබුවත් බඹ ලොව ඉපිද සසර කෙලවර කිරීමට අවස්තාව ලැබීම ආදිය ආනිශංශ විදියට දක්වන්න පුළුවන් .
    නමුත් දැනට අපි කරන මයිත්‍රී භාවනවා ලෞකිකයි .සුගතිගාමී වෙන්න පුළුවන් එකක් .ඊට වඩා ඉදිරියෙන් තියන කුසල් වඩන්න පුළුවන් ඒ වගේම සෝතාපන්න ආදී මාර්ග පල ලබන්න පුළුවන් ආර්ය මයිත්‍රී භාවනාව ගැන අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ
    .
    [/FONT]



    AktMKs8.jpg



    [FONT=&quot]මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]
    [FONT=&quot]සංසාර දාහයෙන් මිදෙත්වා !![/FONT]
    [FONT=&quot]සංසාර ගින්නෙන් මිදෙත්වා !!
    සංසාර රෝගයෙන් මිදෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!

    මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]
    [FONT=&quot]රාග බන්ධනයෙන් මිදෙත්වා !!![/FONT]
    [FONT=&quot]ද්වේශ බන්ධනයෙන් මිදෙත්වා !![/FONT]
    [FONT=&quot]මෝහ බන්ධනයෙන් මිදෙත්වා !!
    මාර බන්ධනයෙන් මිදෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!

    [/FONT]
    [FONT=&quot]මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]
    [FONT=&quot]ජාති ගින්නෙන් මිදෙත්වා !!
    ජරා ගින්නෙන් මිදෙත්වා !!
    වියාදී ගින්නෙන් මිදෙත්වා !!
    මරණ ගින්නෙන් මිදෙත්වා !!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!

    මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]
    [FONT=&quot]ශෝක ගින්නෙන් මිදෙත්වා !!
    පරිදේහයෙන් මිදෙත්වා !!
    දුක්ක ගින්නෙන් මිදෙත්වා !!
    දෝමනස්සයෙන් මිදෙත්වා !!
    උපායාසයෙන් මිදෙත්වා !!
    යන්පිච්චන් නොලබති තම්පි දුක්කයෙන් මිදෙත්වා !!
    සන්කිත්තෙන පන්චෝපදස්කන්ද දුක්කයෙන් මිදෙත්වා !!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]
    [FONT=&quot]

    [/FONT]

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [FONT=&quot]සන්සාර දාහය - හැම කෙනෙක්ම මොහොතක් මොහොතක් පාසා මොනවා නිසා හරි අසහනකාරී බවකින් මේක මෙහෙම වේවිදෝ කියා සිතමින් කල් ගෙවයි .විභාගයක ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කවදා ප්‍රතිපල ඒවිද ,මට අහවල් විෂය අසමත් වේවිද,මම ෆේල් උනොත් මොකද කරන්නේ වශයෙන් නොපැමිණි අනාගතයක් පනවාගෙන සිතුවිලි පැටව් ගසමින් කෝටි ගණන් උපදවාගෙන හිතෙන පිච්චෙමින් ඉන්නවා :eek::eek:.ඒ වගේම එයින් එක සිතුවිල්ලක් අරන් උදාහර විදියට මම ෆේල් උනොත් අම්ම මාව එලවයිද අරය මෙහෙම කියයිද ආදී ලෙස මහා මානසික පීඩනයක් විදිමින් ඉන්නවා .
    තව උදාහරණයක් විදියට තනිකඩ කොල්ලෙක් කෙල්ලෙක් ගැන සිතක් ඇති උන අවස්තාව ගමු .දැන් මේ කොල්ලා අසවල් වෙලාවේ මේ වගේ අහන්න ඕන එකට නෙහෙම උත්තරයක් දුන්නොත් මම මෙහෙම කරනවා ආදී වශයෙන් සිතුවිලි පැටව් ගසමින් අසහනකාරී බවින් පෙළෙනවා .මේ වගේ කෙනෙක් ඕනෑම කෙනෙක් යම් දෙයක් වටිනවා කියලා අරන් ඒ ගැන සිතුවිලි උපද්දමින් කය කාර්ම වචී කාර්ම කරමින් මානසිකව ශාරීරිකව අසහනකාරී බවින් සිටීම සංසාර දාහයි .ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක ඉන්නේ ඒ වෙලාවේ යම් දෙයක් වටිනවා කියලා හිතට ඇරගෙන එක වෙනුවෙන් සිතුවිලි හදාගෙන .ඉතින් ලෝක සත්වයා හැම මොහොතේම මේ දාහ ස්වභාවයෙන් පෙලෙන අයුරු භාවනාවේදී දැකිය යුතුය .

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]සංසාර ගින්න -සෑම සත්වයෙක්ම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස රාග ද්වේශ මෝහ කියන එකොලොස් මහා ගින්නෙන් දැවෙමින් ජිවත් වෙන්නේ .නමුත් ලෝක සත්වයාට මේක පිළිබද තැකීමක් නෑ .මෙහම ගිනි වලින් නිරන්තරයෙන් පිච්චෙමින් ඉන්න බවවත් දන්නේ නෑ .විවාහ වෙලා සතියෙන් ස්වාමියා මැරුණු කෙනෙක් පස් කකා අඩලා මාස 3න් තව කෙනෙක් යාලු කරගන්නවා .ඊට පස්සේ එයාටත් පිළිකාවක් කිවම නැවත දුක් වේවි කල් ගෙවනවා .පස්සේ ඒ ගිනි අස්සේම ළමයෙක් හදනවා .ඊළගට ළමයා ලෙඩවෙන (ජරාවට පත් වන )වාරයක් පාසා මහා දුකකට පත් වෙනවා .ඊළගට ළමයා ලොකු වෙද්දී හරි ආඩම්බරයට පත් වෙනවා(දරුවා පිලිබදව චන්දරාගයෙන් බැදිලා ඉන්නවා ) .ඊළගට කෙල්ල කුඩු කාරයෙක් එක්ක පැනලා ගියාම සිහි නැති වේවි අඩන්න (උපායාසය -දරා ගන්න බැරි දුකක් මෙහෙම කියනවා )ගන්නවා .මේ වගේ දුකක් ආවම අඩලා එක කාලයක් එක්ක අමතක කරලා අපහු දෙයක් ලං කරගෙන ආයෙත් එක නිසාත් අඩමින් දිගට දිගට ගමන් කිරීම සංසාරයේ ගිනි ස්වභාවය ලෙස දකින්න පුළුවන් .[/FONT] [/FONT]
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [FONT=&quot]සංසාර ශෝකය -සසරේ ලෝක සත්වය සැරිසරන්නේ ආස්වාද නිසයි .වස්තුවක ආශ්වාදයක් දකින්නේ පෙලිමක් නිසා කියලා ලෝක සත්වයා නොදකින නිසා දිගින් දිගටම සසරේ ගමන් කරනවා .වතුර පිපාසෙන් ඉන්න කෙනෙක්ට (පෙලීම )වතුර බොන එක ආශ්වාදයක් .වාහනයක් නැතිව ඉන්න කෙනෙක්ට වාහනයක් ලැබෙන මොහොත ආශ්වාදයක් .කෙල්ලෙක් නැතිව ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක් ලැබීම ආශ්වාදයක් .එත් මෙම ආශ්වාදය පවතින්නේ පෙලිමෙන් නිදහස් වන මොහොතේ පමණක් විතර බව සත්වයාට වටහෙනේ නෑ :( .අදික වතුර තිබහේ ඉන්න කෙනාට මුල් වතුර උගුර උපරිම ආශ්වාද උනාට බොන්න බොන්න ආශ්වාදය විපරිණාමයට යනවා .අර තිබුන ආශ්වාදය පෙලිමෙන් නිදහස් වීමත් සමගම නැතුව යනවා .සමහර විවාහ උන අය නිතර දකින කුකුලගේ කරමාලේ සුදු ලු ආදී ලෙස කියන්නෙත් මේ නිසා .බදින්න කලින් ආදරවන්තියව නොදැක නොදැක පෙලිමෙන් ඉන්නේ .බැන්දාම නොදැක පෙළෙන්නේ නෑ .හැම වෙලේම පේන නිසා පෙලිමක් නෑ .එතකොට නිතර නිතර දැක්කත් අර සතුට නෑ .මේ සසරේ යන සත්වයන් ආශ්වාද පසු පස දිගටම යන්නේ ආදීනවය නොදකින නිසා .:rolleyes::rolleyes:
    වාහනයක් නැති කෙනා ෆීනෑන්ස් දාලා වාහනේ අරන් ගත්ත මොහොතේ මහා සතුටට පත් වෙනවා .ඊළගට මොහොතින් ඒ සතුට ඉවරයි .වාහනේ සේල් එකෙන් එලියට ගත්ත වෙලේ ඉදන් වෙන වාහනේක මේක වදීද , කවුරු හරි හුරයිද බයේ ඉන්නේ .ඉන්ෂුරන්ස් දා ගන්නවත් මුදල් නැතුව හැම තැනටම ලෝන් දදා ගත්ත මොහොතේ ඉදන් දුක් විදින්න ගන්නවා .වෙනදා ලැබුන මුදලින් හොදට කාලා ඇදලා හිටි කෙනා දැන් පඩිය එහමම ෆිනැන්ස් දාලා වේල් 3 ක් අගේට කාපු එකා වේල් 2න් ජිවත් වෙන්න ගන්නවා:eek::eek: .හොදට ඇන්ද එකා එක ඇඳුමම පට්ට ගහන්න ගන්නවා .වාහනයක් මෙහෙම ෆිනැන්ස් දාලා ගත්ත කෙනෙක්ගෙන් මාස 3 කින් ඇහුවොත් වාහනේ ගත්ත එක ගැන සතුටුද කියලා අනිවාරෙන් බොහොම දෙනෙක් කියන්නේ අනේ අපොයි මන් කර ගත්ත මෝඩකමක් කියලා :( .මෙහෙම මේ කෙනාට මහා දුකකට පත් වෙන්න උනේ වාහනයක් ගන්න ආසාවෙන් හිටි නිසා .වාහනේ ගන්න කලින් විදින්න වෙන දුක දැක්කේ නෑ .ආර්ය ශ්‍රාවකයා චන්දරාගය ඇති වෙද්දීම /වාහනේ ගන්න ඕනේ හිතෙද්දිම මේ ගිනි දුක දකිනවා එනම් දුක්කාර්ය සත්‍ය දකිනවා දුක්ක ආර්ය සත්‍ය දැක්ක කෙනා දුක්ක සමුදය එනම් මේ දුක හට ගත්තේ මන් කැමැත්තක් හදාගෙන එක මගේ කරගන්න ගිය නිසා කියලා දකිනවා .සමුද දැක්ක කෙනා දුක්ක නිරෝදය දකිනවා මෙහෙම ලෝකේ වස්තු මම මගේ කියල ලේබල් ගහන ගොඩ ගහ ගන්න ගිය ගමන් මේ දුකට වැටුනේ මේ මම මගේ විදියට ගොඩ ගහන එක වස්තුන්ට චන්දරාගෙන් බැදෙන එක නැති කරන්න ඕන එය දුක්ක නිරෝදය විදියටත් ඒ සදහා අනුගමනය කරන්න ඕන මාර්ගය (දුක්ක නිරෝද ගාමිණි පටිපදා ආර්ය සත්‍ය )ආර්ය අශ්ටාන්ගික මාර්ගය විදියටත් දැක ගන්නවා .දර්මය යොදාගෙන මෙම භාවනාවෙන් මාර්ග පල ලබන්න පුළුවන් විදියක් මේක .:yes::yes::cool:

    ඒ වගේම තව උදා හරණයක් විදියට කෙල්ලෙක්ගෙ ආදරේ නැතුව විදවමින් සිටින කොල්ලෙක් ගමු .කෙල්ල ගැන හිතක් පහල උන මොහොතේ ඉදන්ම කොල්ල සැපද විදින්නේ ? [/FONT][FONT=&quot]:confused: හැම වෙලේම මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද ,මෙයා මට කැමති වෙයිද ,සිතමින් දාහයකින් දැවෙමින් ඉන්නේ .දැන් අවුරුදු ගානක් කට්ට කාලා කෙල්ලගේ කැමැත්ත ලැබෙන මොහොත තමා මේ මෝඩ කොලුවාගේ අශ්වාදයේ උපරිම මොහොත ,එතනින් එහාට ඒ සතුටත් විපරිණාමයට ගිහින් ආපහු අලුත් දුක් ඇති වෙන්න ගන්නවා .කසාදෙට සල්ලි එකතු කරන්න එක ජොබක් කල කොල්ලට දෙකක් කරන්න වෙනවා ,කෙල්ලගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න දේපල වාහන පෙන්වන්න නය වෙලා හරි ඒවා ලං කර ගන්නවා .ඊළගට ඒවා ගෙවා ගන්න විදින දුක හිත හතා පිච්චෙනවා :( .මෙහෙම ඔක්කොම කරලා කසාදෙට සතියක් තියලා කෙල්ලගේ ගෙදරින් අකමැති වෙලා කසාදෙ කැඩුනොත් .මේ කොල්ලා අනේ අපොයි කියලා කෝච්චියට බෙල්ල තියන්න උනත් යන එකක් නැද්ද .මෙසේ අස්වාදයට ගොස් ගින්දරට පිච්චෙන සත්තු වගේ විනාශය හෝ සමාන මහා දුකකට පත් වීම ශෝක ස්භාවය විදියට භාවනාවේදී දකින්න පුළුවන් [/FONT][FONT=&quot]..[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sameerabc

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [FONT=&quot]ජාති ගින්න - මෙකෙදී ගොඩක් අය හිතන්නේ ඉපදෙද්දී බඩේ ඉන්න ඕන ඔයි තරම් පොඩි ඉඩක හිර වෙලා ඉන්න එක කොයි තරම් දුකද කියන එකයි :eek::eek: .ජාතිය දුකයි කිවම ගොඩක් අයගේ උත්තරේ එකනේ ..එත් ඉතින් බඩට එන්නත් කලින් විදින දුක දන්නේ නෑ ගොඩක් අය .මේ පිලිබදව අපිටත් දැනගන්න වෙන්නේ මේ ටිකම තම අති උත්තම සාරි පුත්ත මහරහතන් වහන්සේ හිටියේ නැතිනම් ..උන් වහන්සේ ජාති දුක ජාති, සන්ජාති ,ඔක්කන්ති ,අබිනිබ්බන්ති ,... ආදී වශයෙන් ජාති දුක විස්තර කරලා දේශනය කරලා තියනවා ..
    ජාති යටතේ මේ ඇතිවන කර්මජ ශරීරයේ ගැන විස්තර කරන්න පුළුවන් ..සාමන්යෙන් බල්ලෙක් අවුරුදු 15 ක් ජිවත් වෙයි ..නමුත් බල්ලාගේ කර්මජ ශරීරයට ආයුෂ ලක්ෂ ගානක් තියෙන්න පුළුවන් එක භවයක හොරි හැදිලා අවුරුදු 5 කින් වාහනේට අහු වෙලා මැරුන බල්ලෙක් ආපහු බල්ලෙක් විදියටම උත්පත්තිය ලබන්න පුළුවන් කර්මජ ශරීරයේ ආයුෂ ඉවර වෙනකන් .
    බුදුන් වහන්සේ නිය පිඩට පස් අරන් සුගතිගාමී වෙන්නේ මේ තරම් සුළු පිරිසක් කිව එකෙන් අපි වැඩි පිරිසක් හතර අපාය මහා ගෙදර කරගෙන ඉන්න පිරිසක් බව ..ඉතින් තිරිසන් භාවයට වැටුනොත් අවුරුදු ලක්ෂ ගානක් ගොඩ ඒමක් නැතිව දුක් විදින ආකාරය දකින්න පුළුවන් .

    සන්ජාතිකයා කියන්නේ ගන්දබ්බයා ..ගන්දබ්බ ලෝකේ තවත් එක් විකාර ලෝකයක් විදියට හදුන්වන්න පුළුවන් ..එකේ මස් ලේ කයක් ගන්න ගන්දබ්බයෝ කෝටි ගානක් බලන් ඉන්නවා ..එකෙක් එන්න යද්දී තව එකෙක් ඒ අවස්තාව අරන් අර එන්න ගිය ගන්දබ්බයා මහා දුකකට පත් වෙන අවස්ථා තියනවා .ඒ වගේම රාග සිතුවිලි ආදිය ඇති උවහොත් මනුස්ය ගන්දබ්බයෙක් උවත් ක්‍රමයෙන් මුණ තිරිසන් සත්වයෙකු ආදියට ක්‍රමයෙන් වෙනස් වී තිරිසන් ගන්දබ්බයෙක් වෙන්න පුළුවන් :eek::eek:. ඒ වගේම මනුස්ස ලෝකේ ගනු දෙනු පියවැ ගැනීමත් එහිදී වෙන්න පුළුවන් .කෙනෙක් මැරුනාම උන් එක්ක තරහින් ඉන්න කෙනෙක් මැරිලා ගන්දබ්බ ලෝකේ ඉන්නවනම් මු ඉන්නකන් මට වෙනස්කම් කලේ මුගේ අඩු කඩන්න ඕන කියල මැරිලා හැදෙන මිනිස් ගන්දබ්බයගේ අතක් පයක් කඩන්න පුළුවන් .ඊළගට මේ අතක් කැඩුනානම් මෙයා මස් ලේ කයක් ගත්තත් අතක් කැඩිලායි ඉපදෙන්නේ :( මෙහෙම උපත ලබබු කෙනෙක් ජිවිත කාලය මුළුල්ලේ මොන තරම් හිතින් දුක් වෙයිද :(
    ඔක්කන්ති කියන්නේ ගන්දබ්බයෝ ලක්ෂ ගානක් උත්සාහ කරද්දී කොහොම හරි එක මවු කුසකට ගන්දබ්බයෙක් රිංගා ගැනීමයි .දැන් මව් කුසේ ඉද්දි ගබ්සාවක් කරන්න පුළුවන් එකේදී දාන්නේ විසක්නේ ..හුස්ම ගන්න බැරිව අර මස් ලේ කයක් හොයන ආපු කෙනා මැරෙනවා .ඒ අම්මා වස විසක් කන්න පුළුවන් .අගේට හිටි ගන්දබ්බයගේ දැන් ඇස් 2 ම අන්ද වෙනවා .මෙහෙම උනොත් ඉපදුනාට පස්සේ ජීවිතේම අන්දයෙක් .මෙහෙම ජාති දුක කියන එක දිගට දිගට ඔබට මෙනෙහි කරන්න පුළුවන් .

    ජරා දුක කිවම ලෝකේ සත්වත්වය අත් කර ගත්ත සියලු දෙනා මොහොතින් මොහොත වියකීමට විපරිණාමයට බදුන් වෙනවා .මනුස්සයෙක්නම් ඉපදුන මොහොතේ හොදට සියලු ශරීර අංග තිබුනානම් මොහොතින් මොහොත ඒ එක එකක් වැනසීමට බදුන් වෙන්න ගන්නවා .ඉපදිලා හොදට ඇස් පෙනුන කෙනෙක් අවුරුදු 8 යද්දී කන්නාඩි දාන්නේ කෙමෙන් කෙමෙන් ශරීර අංග ක්ෂය වෙන නිසයි .මෙය මෙහෙම කියන්නත් පුළුවන් ඉපදෙද්දී ඔක්කොම 100% හොදට තිබ්බ ඒවා මොහොතින් මොහොත අඩු වීමට බදුන් වෙනවා .මක මනුස්ස විතරක් නෙවේ තිරිසනුන්ට දාලා බලන්නත් පුළුවන් .ඉපදෙද්දී හොදට ලොම් එක්ක හැම තිබුන බල්ලෙක් අවුරුද්දක් යද්දී හොරි දාලා විනාශයට ගිය එක ගැන හිතන්නත් පුළුවන් .ඒ වගේම දිවය පිරිස් වලටත් මේක අදාලයි .ඉපදෙද්දී වර්ණ බලයෙන් අතිශයින් තිව්ර දෙවියන් කාලය සමග දීප්තියෙන් බලයෙන් අඩු වෙන්න ගන්නවා .දාලා තියන මල් මාලා පරවෙන්න ගන්නවා .ඕනෑම ජාතියක් ඇති උනොත් ජරාවක් තියන බව මේ ආකාරයට මෙනෙහි කරන්න පුළුවන්

    මරණ දුක -බුදු රදුන් සුගතිගාවී වෙන්න නියපොත්තට ගත පස් පිඩක් බව වගේම මනුසත් බවක් ලබා ගත කෙනෙක්ට නැවත මනුසත් බවක් ලබා ගැනීමේ හැකියාව විය සිදුරෙන් අහස දකිනවා ආකාර බව දේශනා කළා .සුගතිගාමී ජිවිතයක් මරණින් කෙලවර වෙලා ඊලග චිත්තය දුගතියෙන් පටන් ගත්තොත් එහි ඇතිව වන දුක කුමන ආකාර විය හැකිද !!සතෙක් උනොත් විදින දුක හිතන්න පුළුවන් (animal planet වගේ Chanel වල සිංහයෙක් මුවෙක්ව මරද්දී මුවාට මොනවගේ වේදනාවක් දැනෙනවා ඇතිද ..පන පිටින් ඉර ඉරා මස් කද්දී කොයිතරම් වේදනාවක් විදිනවා ඇතිද :( අපිත් මැරිලා ගිහින් තිරිසන් සතෙක් උනොත් මේ වගේ :eek::shocked: ),අදික රාගයෙන් ඉදල ප්‍රේතයෙක් උනොත් අසුචි වලවල් වල ඉදන් දුක් විදින හැටි හිතන්න පුළුවන් (අපායන් ගැන ආදිත්ත පරියාය සුත්‍රයේ කියවා බලන්න පුළුවන් ).ඒවගේම දුකතියේ ඉන්න තිරිසනෙක් උනත් මැරෙන්න බයයි .උ උනත් චන්දරාගයෙන් අත් කරගත්ත දේවල් තියනවා .ඒවා දාලා යන්න කැමති නෑ ,ඕනෑම සතෙක්ට ඇතිවන මරණ දුක මේ විදියට දකින්න පුළුවන්.[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sameerabc

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    භාවනාවේ තේරෙන් නෑති කොටසක් තියනවනම් කියන්න .ඒ කොටස පැහැදිලි කරලා දෙන්නම්:yes::yes: .ලියනවනම් පොත් ගණන් දහම් දැනුමෙන් පිරිපුන් කෙනෙක්ට මේක විස්තර කරන්න පුළුවන් වේවි :cool:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සන්සාර දාහය
    සංසාර ගින්න
    සංසාර ශෝකය
    ජාති ගින්න
    ජරා දුක
    මරණ දුක


    Ayi mewa liwwe?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සන්සාර දාහය
    සංසාර ගින්න
    සංසාර ශෝකය
    ජාති ගින්න
    ජරා දුක
    මරණ දුක


    Ayi mewa liwwe?
    අන්න එහම ප්‍රශ්න අහන්න .භාවනා කරනවා කියන්නේ නිකන් පද ටිකක් කියන එක නෙවේනේ .මේ එක එක පදයෙන් කියවෙන තේරුම මුලින් කෙටියෙන් බලනවා .ඇයි ජාතිය දුක.ඇයි සංසාරේ ගිනි කියන්නේ ..ඇත්තටම ගිනිද .නැත්තන් කෑම ලෝක අනාතයි කිවම ඇයි අනාත ..කාම ලෝකේ හොදක් නැද්ද මුලින් ඒවා මෙනෙහි කරලා බලනවා ..පස්සේ මේකෙන් එකක් ඇරගෙන තමන්ගේ ජිවිතේ සිද්දි වලට දාලා හොදට පිරි මැද මැද රාග ද්වේශ මෝහ ප්‍රහාණය වෙන තුරු බලන්න ඕන .

    හිතන්න සංසාර දාහය කියලා එකක් ගත්තම තම හැම මොහොතේම ඉන්න හැටි මෙනෙහි කරන්න ..භාවනාවට පයකට කලින් මන් මොනවද හිත හිත හිටියේ ..රස්සාවේ ප්‍රශ්නයක් ගැන මේ ගැන අසහනකාරීව මේ ප්‍රොජෙක්ට් එක ලැබෙයිද හෙට මොනාද කරන්නේ මොනා හරි දෙයක් ගැන පේලි පේලි හිටියේ කියලා පෙනෙයි .ඊළගට තවත් පයකට කලිනුත් මම මෙහෙම අසහනකාරිවද ඉදියේ බලන්න .මෙහෙම බලද්දී තමන් මොහොතක් මොහොතක් ගානේ ජිවත්ව් වේනවා කියා කියා විදවනවා කියලා පෙනෙයි ..මේ ජිවත් වෙනවා කියලා මොන දුකක්ද විදින්නේ පෙනෙයි .මේ දුක් විදින්නේ දෙයක් වටිනවා කියලා ගත්ත නිසා කියලා පෙනෙයි .වටිනවා කියන්නේ එතන තෘෂ්ණාව තිබ්බ කියලා පෙන්න ගනී මේ විදියට මෙතනින් චතුරාර්ය සත්‍යම දැකලා රාග ද්වේශ මෝහ ක්ෂය කරගන්න පුළුවන් .


    අර උඩ කිව ටික විතරයි විස්තර කරන්න මට වෙලාව තිබ්බේ තව ලියනවනම් ඔය හැම එකටම අලි පත විස්තරේ ගානේ ලියන්න පුළුවන් .එත් එතරම් මට ලියන්න බෑ එකයි ටිකක් විතරක් ලිවේ ..හරිනම් "
    [FONT=&quot]යන්පිච්චන් නොලබති තම්පි දුක්ක,[/FONT][FONT=&quot][FONT=&quot]සන්කිත්තෙන පන්චෝපදස්කන්ද දුක්ක[/FONT][/FONT]"පැහැදිලි කරන්නම් ඕන .එත් එතරම් මට ලියන්න අමාරුයි ..හැබැයි කවුරු හරි ඇහුවොත් මන් ටික ටික හරි ලියල දෙනවා :cool:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    nice thread bro
    keep it up

    ගොඩක් හොද විස්තරයක්........:):):):)

    ගොඩක් හොද වැඩක් ..!
    බුදු සරණයි පුතා ....!!!



    theruwan saranayi!


    බුසු සරණයි...!!!!
    කට්ටියටම බොහොම ඉස්තුති ..
    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!

    මොකක්ද මේ නිබ්බාන පරම සුඛය :shocked::shocked:රාගය ද්වේශය මොහයන්ගෙන් තොර වූ උත්තමයා රහතන් වහන්සේ ..රහතන් වහන්සේගේ අවිජ්ජා පච්චයා සංකාරා කියනා පටිච්ච සමුප්පාද චක්‍රය වෙන්නේ නැති නොවන නිසා පිරිනිවියෙන් පසු නැවත සිතක් ඇති වෙන්නේ නෑ .මේ කාම රුප අරුප කියන ලෝක 3න් ම මිදී යාම නිවන කියලා හදුන්වන්නේ ..මෙන්න මේ කියන ඇති උත්තම තත්වයට පත්වෙන එකයි මේ ප්‍රර්ථනා කරන්නේ