2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මහින්දව මිනිස්සු පැරැද්දුවේ ඔය මඟුල් ව්‍යවස්තාව ඕනේ වෙලා නෙවෙයිනේ...
    ඒ ආණ්ඩුවේ ක්‍රියාවන් ගැන පැහැදිලි ජන විරෝධයකින්... මහින්ද පුද්ගලයාගෙ විරෝධයට වඩා වටේ ඉන්න බලවේග සමග ගිය ගමනට විරුද්ධ වෙලා...
    දැන් ආණ්ඩුවේ උන් හිතනවානම් උන්ගේ බහුබූත ව්‍යවස්තාවට කැමැත්තෙන් කියලා, ඒ උන්ගේ සුපුරුදු ජන මනස කියවීමේ නොහැකියාව.

    ඇත්ත.

    ඔය ව්‍යවස්තාවේ අවශ්‍යතාවය හා නිර්මතෘ උනේ විජේදාස. අද පොහොට්ටුවේ..විජේදාසට නව වයවස්තාවක් ගෙන ඒමට අවශ්‍ය වුනේ බලය බෙදිඉමේ අරමුනෙන්ද? මම ඔය සිද්දිය දන්නේ නෑ ඇත්තටම. විජේදාස ආණ්ඩුව අපුම කාලේ කොහොමද මේක සිංහල රට වෙන්නේ කියල ඇහුව මාද්යවෙදියෙක්ගෙන්,
    පස්සේ පොර හිටිගමන් හෙන සිංහල බවුද්දය වෙලා, ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න ගත්තා.

    ඒ නැතත් එදා මහින්දගේ ස්තාවර ආණ්ඩුව වට්ටපු ජනතාවගේ අරමුණු පොහොට්ටුවෙන් ක්‍රියාත්මක වෙයිද?

    නැත, එකතමයි මම කිව්වේ එකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගැනීම කියල.

    පොහොට්ටුවේ අනාගතය තීරණය කරන්න හබල අරන් ඉන්න ජී.ඇල්. ගැන දැනගන්න. එයා තමා චන්ද්‍රිකාට පැකේජ් එකක් කියලා උතුර නැගෙනහිර බෙදලා දෙන්න ව්‍යවස්තාවක් හැදුවේ

    ජි.ඇල්. චන්ද්‍රිකාගේ කාලේ එහෙම කරා නමුත් ඔහු මහින්ද අවට පස්සේ යුද්දයට පුර්ණ සහාය දුන්න නේද?

    දැන් මිනිස්සු මේ ආණ්ඩුවේ ව්‍යවස්තා යෝජනවට එරෙහිව පොහොට්ටුවට ඡන්දේ දුන්නා කියමුකො.
    ඒකෙන් 2015 ජනවාරි 8 මහින්දට විරුද්ධව භාවිතාකල බහුතර ජනතාවගේ මතයට කිසිම රෙස්පොන්ඩ් එකක් නෑනේ...

    රෙස්පොන්ඩ් දෙන්න ඕනේ මේ ආණ්ඩුවෙන් නේද? එහෙම ලැබෙන්නේ නැත්නම් මිනිස්සු දිගටම ආණ්ඩුවත් එක්ක ඉන්නේ නෑ කියල පෙන්නන ඕනේ නේද?

    අද රනිල්ගේ ආණ්ඩුවේ මජර වැඩ අනුමත නොකරන අය සාධාරණ නම් අනාගත පොහොට්ටුවෙන් වෙන අයථා වැඩ ඉවසයිද?

    නැත. රනිල් ගැන කියපු නිසා කියන්නම්, බෙදුම්වාදයට වැඩිපුරම පක්ෂ රනිල්ද මහින්දද?

    නියම ජනතා නායකයාට පක්ෂ තියෙන්න ඕනේ ඡන්දෙ ඉවර වෙනකම් විතරයි. ...
    මිනිස්සු එක පැත්තකින් තව පැත්තකට පනීවි... ඒත් මේ යන විදියට වෙනසක් නම් වෙන්නේ නෑ...

    ඇත්ත.

    මට නම් පවතින පක්ෂ තුළ වඩාත් හොඳ පක්ෂ/කණ්ඩායම් දකින්න නෑ....
    බලු බෙටි ගඳයි ඌරු බෙටි ගඳයි අනූව හොඳ ගඳතෝරලා වැඩක් නෑ :no:

    විසඳුම කුමක්ද? ජනතාවට හොද අපේක්ෂකයා වෙනුවට කරුමයට නරක අඩු අපේක්ෂකයා තේරීමට සිදුවී අත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Superman101 [/SIZE said:
    ඔය ව්‍යවස්තාවේ අවශ්‍යතාවය හා නිර්මතෘ උනේ විජේදාස. අද පොහොට්ටුවේ..

    විජේදාසට නව වයවස්තාවක් ගෙන ඒමට අවශ්‍ය වුනේ බලය බෙදිඉමේ අරමුනෙන්ද? මම ඔය සිද්දිය දන්නේ නෑ ඇත්තටම. විජේදාස ආණ්ඩුව අපුම කාලේ කොහොමද මේක සිංහල රට වෙන්නේ කියල ඇහුව මාද්යවෙදියෙක්ගෙන්,
    පස්සේ පොර හිටිගමන් හෙන සිංහල බවුද්දය වෙලා, ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න ගත්තා.

    දැක්කා නේද පිම්මක සලකුණු.
    මම පොඩි ඇනලයිස් එකක් ගැන කියන්නම්.
    අපේ රටේ දේශපාලකයො ඡන්දේ ගන්න ට්‍රික්ස් යූස් කරනවා.

    1) පක්ෂයේ සුවිශේෂීතාවයට අනූව කැම්පේන් එක කිරීම.
    එග්: විමල් වීරවංශ ඇමෙරිකානු බලපෑම ඉලිප්පීම
    2)ප්‍රාදේශීය ජන සංයුතියට අනූව කැම්පේන් එක කිරීම.
    එග්: රාජිත සේනාරත්න/එස්.බී. දිසානායක
    සිංහල ඡන්ද ආකර්ශනය වන නියෝජිතයින් බහුල නිසා මුස්ලිම් ඡන්ද පදනමක් පවත්වාගත යුතු නිසා ඊට සරිලන දේශපාලන මතවාදයක් රැගෙන යාම
    3)ආගම/ජාතිය පදනම් කරගත් දේශපාලනය
    එග්: උතුරේ මහ ඇමති තම ඡන්ද පදනම සඳහා උඝ්‍ර දමිල හිතැත්තෙකු ලෙස හුවා දැක්වෙන ප්‍රකාශ ජාතිවාදීව දැක්වීම

    ඉතින් විජේදාස කළෙත් ඕවයින් එකක්...
    ගමන සුභ නැති බව දුටුවම අනිත් පිළට යන්න බැක්ග්‍රවුන්ඩ් එක හදාගත්තා.
    ඔයා බෙදුම්වාදය වචනය නිතර භාවිතා කළාට පහුගිය දශක දෙකේම රටේ ජනාධිපතිගේ ප්‍රධාන පොරොන්දුවක් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. විජේදාස රනිල්ට ආණ්ඩුවක් පේන තෙක් නැති කාලෙක හැමෝම මහින්දගේ දෑත් ශක්තිමත් කරද්දි මුලින්ම ස්වාධීන මන්ත්‍රී වෙලා රනිල් ළඟට යනවා...
    එයාගේ සෑම කැම්පේන් එකකම කිව්වේ එයා සහ රටේගොඩක් සිවිල් සංවිධාන එකතු වෙලා මේ අවුට්ඩේටඩ් ව්‍යවස්තාව වෙනස් කරනවා කියලා...
    දැන් විපක්ෂය සමහර කරුණු ගැන විවේචනය කලාට ඡන්දෙදි මහින්ද කිව්වෙත් ව්‍යවස්තාව වෙනස් විය යුතුයි කියලා... ඒකට හේතුව ඒකට පැහැදිලිවම ජනතාවගේ නැඹුරුවක් තිබුනු නිසා...

    ඒ නැතත් එදා මහින්දගේ ස්තාවර ආණ්ඩුව වට්ටපු ජනතාවගේ අරමුණු පොහොට්ටුවෙන් ක්‍රියාත්මක වෙයිද?

    නැත, එකතමයි මම කිව්වේ එකීය රටක් වෙනුවෙන් හොරු සමග හිටගැනීම කියල.

    ඔව්. තව විදියකින් කිව්වොත් ජාතික කොඩිය පෙරට ගෙන පසු පස දොරෙන් මාටියා ගැහිල්ල

    පොහොට්ටුවේ අනාගතය තීරණය කරන්න හබල අරන් ඉන්න ජී.ඇල්. ගැන දැනගන්න. එයා තමා චන්ද්‍රිකාට පැකේජ් එකක් කියලා උතුර නැගෙනහිර බෙදලා දෙන්න ව්‍යවස්තාවක් හැදුවේ

    ජි.ඇල්. චන්ද්‍රිකාගේ කාලේ එහෙම කරා නමුත් ඔහු මහින්ද අවට පස්සේ යුද්දයට පුර්ණ සහාය දුන්න නේද?

    අර මම උඩ ඇනලයිස් කලා නේද ඔහොම දේශපාලකයො...
    උගත්කම වැඩක්ද කොන්දක් පණ නැත්නම්.... චන්ද්‍රිකාට කඩේ ගිය එකා අවස්තාව ආවම මහින්දට කඩේ යනවා... චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉද්දි මහින්ද කැබිනට් ඇමති වෙලා ඉද්දි ඒ ආණ්ඩුවෙන් ගෙනාපු ව්‍යවස්තාව නිර්මාතෘ පොහොට්ටුවේ ප්‍රධානියා. ඒ ව්‍යවස්තාව ෆෙඩෙරල් තමා.

    ඔක්කොම එකම මල්ලෙ පොල් කියලා තේරෙනවනේ.

    දැන් මිනිස්සු මේ ආණ්ඩුවේ ව්‍යවස්තා යෝජනවට එරෙහිව පොහොට්ටුවට ඡන්දේ දුන්නා කියමුකො.
    ඒකෙන් 2015 ජනවාරි 8 මහින්දට විරුද්ධව භාවිතාකල බහුතර ජනතාවගේ මතයට කිසිම රෙස්පොන්ඩ් එකක් නෑනේ...

    යුද්ධය මහින්දට ඕන වෙලා තිබුනෙත් නැහැ පත්වෙද්දි.
    රටේ වාසනාවට ජාතිමාමක සියලු බලවේග මහින්දට සපෝට් කලා... මහින්ද තමන්ගේ රාජකාරිය හරියට කලා...
    ඒ අතරේ ඉතින් දෑත් ශක්තිමත් වීම් උනා... ඒවා එහෙම තමා...

    රෙස්පොන්ඩ් දෙන්න ඕනේ මේ ආණ්ඩුවෙන් නේද? එහෙම ලැබෙන්නේ නැත්නම් මිනිස්සු දිගටම ආණ්ඩුවත් එක්ක ඉන්නේ නෑ කියල පෙන්නන ඕනේ නේද?

    ඡන්දෙන් පෙන්වන්න පුලුවන් පත්තරෙන්වත් දක්කිනේ නැත්නම්

    අද රනිල්ගේ ආණ්ඩුවේ මජර වැඩ අනුමත නොකරන අය සාධාරණ නම් අනාගත පොහොට්ටුවෙන් වෙන අයථා වැඩ ඉවසයිද?

    නැත. රනිල් ගැන කියපු නිසා කියන්නම්, බෙදුම්වාදයට වැඩිපුරම පක්ෂ රනිල්ද මහින්දද?

    සරම කමිසය හැඳගත් ජාතික කොඩිය දැරුව මහින්දලාගේ කරප්ටඩ් සිස්ටම් කැරැට්ටුවත් අත්විඳලා,
    අලයක් තරම් මොළයක් නැති ක්ලීන්ලාගේ වැඩත් අත් විඳලා,
    පිසළිය නොහැකි රතු පැල්ලමක් එක්ක පොඩි පොඩි සවාරි කාරයොත් දැකලා,
    ඔය ඔක්කෝගෙම සැලඩ් එක හිමි ප්‍රථම පුරුෂයාගේ ප'සනැලිටියත් දැකලා....
    "බෙදුම්වාදයෙන්"කියලා එකකින් රේට් කරන්නලු ඒ ඒ අයව... ප්‍රතිඵලය අර්ථ විරහිතයි

    රටට ආදරේ කරනවනම් ඒක කොන්දේසි විරහිත වෙන්න ඕනේ. කවුරුවත් එහෙම නෑ

    මට නම් පවතින පක්ෂ තුළ වඩාත් හොඳ පක්ෂ/කණ්ඩායම් දකින්න නෑ....
    බලු බෙටි ගඳයි ඌරු බෙටි ගඳයි අනූව හොඳ ගඳතෝරලා වැඩක් නෑ :no:

    විසඳුම කුමක්ද? ජනතාවට හොද අපේක්ෂකයා වෙනුවට කරුමයට නරක අඩු අපේක්ෂකයා තේරීමට සිදුවී අත.

    මම නම් අවුරුදු ගානක් තිස්සේ මට හැකි පමණින් "අලුත් මානයක් වෙත යායුතුයි" යන්න සමාජගත කරන්න උත්සාහ කරනවා...

    විසඳුම ජනතාව මෙන්න මේ දේ ප්‍රායෝගිකව භාවිතයට ගැනීම. අඩුම ගානේ දේශපාලයාට තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බවත් ජනතාව සැබව්න්ම බුද්ධිමත් බව ඔවුන්ට වටහාලීම.

    පත් වන්නෙ කුමන ආණ්ඩුවක් වුවද ඔවුන් නිවැරදි මාරගයේ ගමන් කරන බවට සැක හැර ගැනීමයි. වැරදි නම් ඔවුන් නිවැරදි මගට ලබාගැනීමට ජනතාව තම බලය පවත්වගතයුතුයි.

    ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න. ඒ සඳහා ඕනෑ තරම් හෙතු ඔබ සතුව ඇත. එහෙත් ඡන්දය අවසන් වූ විගස පත් වූවන් ඔබ සියල්ලගේම නියෝජිතයා කරගෙන ඔහුව ෆලෝ කරන්න. හරි දේට හරි කියන, නොගැළපෙන දේට විරුද්ධ වන්න.

    මොකද කිව්වොත් හොඳ අපේක්ෂකලත් ඇතුලට ගියාම දේශපාලකයන්ට සුපුරුදු ලක්ෂණ පෙන්වනවා.. ඒකට පිළිතුර ජනතාවගේ සජීවී මැදිහත්වීම. දිනක් ඒවි ඕවා ජනතාවගේ මුල් බැසගත් පුරුදු වන

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    MR ගේ ප්‍රතිශතය වෙනස් වෙලා නෑ. වැඩි වෙලා තියෙනවා 22% කින් MY3 > පොහොට්ටුව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    MR ගේ ප්‍රතිශතය වෙනස් වෙලා නෑ. වැඩි වෙලා තියෙනවා 22% කින් MY3 > පොහොට්ටුව

    Young crowd eka bahutaraya UNP nowana kandayam walata attract wela athi. Sahena pratishatayak chandaya prathikshepa karawi kiyala balagena innawa
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Oya UNP, MY3,UPFA, Mahindata chande dena unta Wilpattuwa epada???

    maha loku Desha premiyo tika Rate Kalayak kapanawa/ saththu maranawa.. Koheda danna ubalage desha preme.. Lajja weyalla
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oya UNP, MY3,UPFA, Mahindata chande dena unta Wilpattuwa epada???

    maha loku Desha premiyo tika Rate Kalayak kapanawa/ saththu maranawa.. Koheda danna ubalage desha preme.. Lajja weyalla

    ඔව්.ඉස්සෙල්ලා මහින්ද. පස්සෙ මයිත්‍රී+රනිල්
    උන් කලින්ම ෆික්ස් චන්ද ටික පැත්තකින් තියලා ඩීල් දානවා අන්තවාදී පක්ශ එක්ක.
    ඕක තේරුම් නොගන්න බහුතරය ඉන්නකම් පක්ෂ ලොක්කෝ ගොඩ.

    හිතුව තරම් ස්වාධීන කණ්ඩායම් ඇත්තෙත් නෑ වගේ ප්‍රධාන පක්ෂ වල නැටි නොවුනු.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් මේ කාලෙ හිතාගන්න බැරුව ඉන්නෙ බං, ඇත්තටම ඡන්දෙ දෙන්න ඕනකම තියෙන්නේ පොහොට්ටුවට, ඒත් බං අපේ පැත්තෙන් දාල තියෙන අපේක්ෂකයා දැක්කම ඌට ඡන්දෙ දෙන්න හිතෙන්නෙ නෑ, ඒ අතින් බැලුවම අනිත් පක්ෂ වලින් හොඳ පොරවල් ටිකක් දාලා ඉන්නවා, මට එහෙම එකේ පොහොට්ටුව ගැන හිතලා බූරුවෙකුට ඡන්දෙ දෙන්නත් බෑ බං, තව ටිකක් හිතලා බලනවා, බොහෝ දුරට තියෙන්නේ ඡන්දෙ නොදී ඉන්න පැත්තට තමයි, :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745

    පක්ෂේ බලන්නේ නැතුව හොඳම කෙනාට දෙන්න.
    එතකොට අඩුගානේ ඊළඟ පාර පාර්ලිමේන්තුවට හැම පක්ෂේකිම්ම මොලේ තියන උන්ටිකක් දායි.
    ප්‍රාදේශීය සබාවට හරක් ගියාම ගමට මෙලෝ වැඩක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් මේ කාලෙ හිතාගන්න බැරුව ඉන්නෙ බං, ඇත්තටම ඡන්දෙ දෙන්න ඕනකම තියෙන්නේ පොහොට්ටුවට, ඒත් බං අපේ පැත්තෙන් දාල තියෙන අපේක්ෂකයා දැක්කම ඌට ඡන්දෙ දෙන්න හිතෙන්නෙ නෑ, ඒ අතින් බැලුවම අනිත් පක්ෂ වලින් හොඳ පොරවල් ටිකක් දාලා ඉන්නවා, මට එහෙම එකේ පොහොට්ටුව ගැන හිතලා බූරුවෙකුට ඡන්දෙ දෙන්නත් බෑ බං, තව ටිකක් හිතලා බලනවා, බොහෝ දුරට තියෙන්නේ ඡන්දෙ නොදී ඉන්න පැත්තට තමයි, :yes::yes::yes:
    අපිටත් ඔහොම වැඩක් තමා වෙලා තියෙන්නේ :yes: ආතක් පාතක් නැති උන් ටිකක් ඉන්නේ දෙන්න හිතෙන්නේ නෑ මූන බලාගෙන. මේ පාර ගහන චන්දෙ වැටෙන්නේ කාටද කියල දන්නා නිසා අවුල් ඉස්සර නං පක්ෂෙට විතරක් හරි ගහල එන්න තිබුනනේ.