Family awul ban

netnet

Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    මචන් මම බැන්දේ අපේ ගෙදරින් හොයල දුන්නු කෙනා මමත් දන්නව.. මම රට ඉදල එනකොට බන්දවන්න ඉදල තියෙන්නෙ ඉතින් මමත් කැමති උන නිසා 2014 මම බැන්දා ඒ සේරම වියදම් මමම තමා කරගත්තේ. ඒ පවුලේ එකම කෙල්ල.. දවැද්දට මට කඩයක් දුන්නා තව ඉඩමක් ගත්තා ඒකටත් ලොකු ගානක් දුන්නා මේ ලගදි. මට තියෙන ප්‍රස්නේ බන් අපේ අම්මා එහෙන් මෙහෙන් එයාට ඇනුම් පද කියනව බනිනව ඒත් එයා ඒව මට කියන්නෙ නෑ.. එයා උදේම නැගිටිනව ඒත් අම්ම බනින නිසා කියල පස්සේ දැන ගත්තා.. ඒයාලගේ අම්මා තාත්තා එන යනවට කැමති නෑ. ආවත් ඔනවට එපාවට වැඩ කරන්නෙ. පස්සේ මම 2015 රට ආව එතකොට එයා පේග්නන්ට් ගොඩක් නයවෙලා ආව නිසා මට කතා කරන්න ලොකු වෙලාවක් තිබුනෙත් නෑ මම නැති නිසා අපේ අම්මා ලොකු වෙනස්කම් කරල.. බබා ලැබෙන්න ඉද්දි හොස්පිටල් එකටවත් ගිහින් නෑ ඒයාලගේ අම්මා තමාසේරම කලේ. ඒ උනත් අපේ අම්මා කතා කරන්නෙ එයා නිවැරදි විදියට . පහදල දෙන්න ගියොත් කෑ ගහනව වටේටම ඇහෙන්න. මේ ලගදි වයිෆ්ට ජොබ් එකක් හම්බ උනා රජයේ පාසලක. ඒත් එයා සති අන්තයේ ගෙදර ගියාම අම්ම හරියට උයන්නෙත් නැතිලු හැබැයි අම්ම අපේ බබාව බලා ගන්නව. ඒත් ආවට ගියාට එයත් එක්ක ඉන්න් ගත්ත දා ඉදන් බබා ලෙඩ උනා කීප සැරයක් මට හිතෙන්නෙ විමසිල්ල අඩුයි කියල. මේ ලගදි බබා එක්කන් රෑ ගමනක් ගිහින් රෑ 11 විතර ආපහු එද්දි මම ඇහුවා ඇයි එක්කන් ගියේ දැන් රෑනේ කියල එතන මමයි අම්මයි බැනගෙන දැන් මාත් එක්ක කතා කරන්නෙ නෑ අප්පච්චිත් එහෙමයි බබත් එයාල එක්ක ඉන්නෙ තවම අවුරුදු 2යි. දැන් කොහොමත් බලන්නේ නැති ගානයි මට හොයන්න බෑ ස්ක්යිප් එකෙන් කාමරේ විතරයි පෙන්නේ.
    මට උබලගෙන් අහන්න ඔන බන් අපි මෙච්චර හොදින් ඉදලත් ඇයි මව්පියෝ මෙහෙම කියල. මම කල්ප්නා කරන්නෙ එකට ඉන්න නිසාද කියල. මටත් තරහ යනව. ඉතින් මම කල්පනා කරන්නෙ මම ගත්ත ඉඩමක් තියෙනව ඒකේ ගේ හදල ඒකට යන්න.. නැත්නම් පාඩුවේ ඉන්න බෑ නෙද මචන්ලා. මොකද බැන්දට පස්සෙත් මේ විදියට එල්ලෙන්න එන එක හරිද? උබල මොකද කියන්නෙ...
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    mama machan banda unta dena ekama advice eka thami. badapu gaman rent ekata hari vena geyakata palayan. parents la ekka inna epa. eka kachal.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    බැන්දට පස්සෙ වෙනම ඉඳපන් බන්. දෙමව්පියන්ට සළකපන් ඒක වෙනම දෙයක්, පවුල් ජීවිතේ වෙනම ගත කරපන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉඩමක් තියෙනවනම් පොඩි ගේ කැල්ලක් හරි හදන් පලයන් .එකට ඉන්නකොට ප්‍රශ්න එනවා එනවා .

    නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනාවන් කියල කියනවනේ :)

    නැන්දම්මා ලෙලි ප්‍රශ්න වලට විසදුම් නැ .හොදම වැඩේ අම්මගේ හෝ ගැනිගේ දේවල් අහල අමතක කරන එක .:)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Ubalage ammala maha watadi. Oun eage demaupiyoooo mkatada yako... paduwe pathakata weyan ganith ekka. Gani hndai nam mahcam.

    .
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    kiri peni wage hitiyat nendammatai lelitai eka gedara wedi kalayak inna nam be puthe...godak un umbata kiyanawane thaniyama inna geyak aran yanna kiyala....dennama rassawak karaddi eka hari yanne nehe...hodama de tamai kellage ammala uba gawata ganna eka geyak wenama aran....kellage ammat upsetnam puthe deiyangema pihitai
     
    • Like
    Reactions: manjulabw

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන උක උනත් අම්ම තාත්තා කියන්නේ ජිවිතේ අංක 1. ඒ මිනිස්සු මළත් අංක 1. ඒ මිනිස්සුන්ට උබේ ගෑණි එක්ක ඉන්න බැරිනං හරි, ගෑනිට උබේ දෙමාපියෝ එක්ක ඉන්න බැරිනම් හරි ටිකකාලෙකට හරි දෙගොල්ලෝ වෙන්කරලා තියපන්. මොකද දෙගොල්ලොන්ගේම ඉවසීමේ සීමාවක් එනවා..... අන්තිමට කෙලවෙන්නේ උබේ කසාද පවුලට. අනාතවෙන්නේ උබේ දරුවා.

    අම්මලා තාත්තලා ඔය වයසට මළපනින්නේ වැදගම්මක් නැති සිල්ලර දේවල් වලට, ගොඩක් වෙලාවට වැඩියෙන් නිදාගත්තොත්, ටුත්පෙස්ට් ටියුබ් එක මැදින් එබුවොත්, දවල්ට ලයිට් එකක් දාල තිබ්බොත් වගේ මෙලෝ රහක් නැති දේවලට.....:P පස්සේ ඕව එක දෙක එකතුකරන් පුපුර පුපුර ඉන්නවා.......
    දගලන්නේ නැතිව කල්පනාකරලා දෙගොල්ලන්ගේම ප්‍රශ්නේ අදුනගෙන විසදුම හොයාගනින් මොකද උබ රට ඉද්දී ගෑනි තනිකරා කියන්නේ තවත් හොන්ඩරයක්:dull:
     
    මම බබාව බලන්න එක්කෙනක් අරන් බබාව වයිෆ් ලගේ ගෙදර තියන්න යන්නේ බන්. මමත්.නෑ එයත් නෑ බබා එහෙම්ම තියන්න බෑ නේ බන් මාත් එක්ක තරහට ඒ පොඩි ලමයට්ත් සැර කරනවද කියල මම මම දන්නෙ නෑ. ලමය අරන් ගියාම තවත් තරහ වැඩි වෙයි. කරන්න දෙයක් නෑ සේරම බලන්න මට බෑනේ. :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම බබාව බලන්න එක්කෙනක් අරන් බබාව වයිෆ් ලගේ ගෙදර තියන්න යන්නේ බන්. මමත්.නෑ එයත් නෑ බබා එහෙම්ම තියන්න බෑ නේ බන් මාත් එක්ක තරහට ඒ පොඩි ලමයට්ත් සැර කරනවද කියල මම මම දන්නෙ නෑ. ලමය අරන් ගියාම තවත් තරහ වැඩි වෙයි. කරන්න දෙයක් නෑ සේරම බලන්න මට බෑනේ. :(
    වයිෆ්ගේ දෙමව්පියන්ට සෙට්කරපන්. අම්මා තාත්තා ගැහුවත් කමක් නෑ වැඩකාරයෝ ගැන කියල වැඩක් නෑ. පුලුවන්නං පොඩි එකාව වයිෆ්ගේ දෙමව්පියොන්ට සෙට්කරහන්. වයිෆ්ගේ තාත්තා ලෙඩින් වගේ මොකක්හරි බොරුවක් ගහලා වයිෆ්ව ගෙදර පිටක්කරහන්. සතියකට දෙකකට සැරයක් උගේ අම්මා තාත්තා බලන්න යන්න කියපං. උබත් එක්ක මළ හේතුව හොයාගනින්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බන්දනම් වෙනම හිටපල්ලා .........

    මෙයා කියනවනං වෙනම හිටපං.
    මූ එසේ මෙසේ එකෙක් නෙමෙයි ගියචන්දෙට මුලුපවුලම හිටං තුමාට චන්දෙ දෙන්න ඔලු කරකවපු පුතන්ඩියෙක්.........
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    වයිෆ්ගේ දෙමව්පියන්ට සෙට්කරපන්. අම්මා තාත්තා ගැහුවත් කමක් නෑ වැඩකාරයෝ ගැන කියල වැඩක් නෑ. පුලුවන්නං පොඩි එකාව වයිෆ්ගේ දෙමව්පියොන්ට සෙට්කරහන්. වයිෆ්ගේ තාත්තා ලෙඩින් වගේ මොකක්හරි බොරුවක් ගහලා වයිෆ්ව ගෙදර පිටක්කරහන්. සතියකට දෙකකට සැරයක් උගේ අම්මා තාත්තා බලන්න යන්න කියපං. උබත් එක්ක මළ හේතුව හොයාගනින්.

    හේතුව බන් මම වයිෆ් කියන ඒව පිලිගන්න එක
    අනික මම පොඩි කාලේ ඉදල අම්ම තාත්තා එක්ක උනත් ගානට හිටපු කෙනෙක්. ඉතින් බැදීම පොඩ්ඩක් අඩුයි අම්මා එක්ක. ඉතින් අප්පච්චි හොද උනත් වැඩක් නෑ අම්ම කියන් දේ අහන්නෙ... ඔන්න ඔකයි තත්වේ. ස්තුතී බන්