දෙවියෝ

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    දෙවියන්ගැන ඔයාලගේ අදහස මොකක්ද මචන්ලා , මම මේ ආගමකට අපහස කරනවා නෙමෙයි ඒ උනාට මටනම් හිතෙන්නේ අපි මේ දාගෙන වදින්නේ පිටසක්වල සෙට් එකකට කියලයි.ඔය ඉන්දියාවේ මගුල්නේ බන් උන්ට මොලේ නෑනේ.මේ ලඟදි කක්කා load එකකුත් ගෙදර උස්සන් දුවපු එවුන්නේ ඉන්නේ. එවුන්ගේ දෙවියන්ගේ කියල. උන්ගේ රටේ බුදුන් වහන්සේ ඉපදිලත් ඒක වෙන්න ඇති තුන් වරක්ම ලංකාවට වැඩියේ.කොහොම නමුත් මමනම් දෙවියන් විශ්වාස කරන්නේ නෑ මචන්ලා. බුදුහාමුදුරුවෝ විතරයි:yes:
     
    • Like
    Reactions: Tharanga81

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් ඉතින් හිටියා නැතා අපිට මොකෝ උන් උන්ගේ පාඩුවේ හිටපුදෙන් අපි අපේ පාඩුවේ ඉමු :yes:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මම මේ කතා කරන්නේ ක්‍රිස්තියානි ආගම ගැන නෙමෙයි. මොකද බුද්ධාගම වගේම ක්‍රිස්තියානි ආගමේත් සත්ව හිංසාව ඒවගේම හැමෝටම වෛර නොකරන්න වගේ ගොඩක් සමාජීය අදහස් දීල තියෙනවා :yes:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    උන් ඉතින් හිටියා නැතා අපිට මොකෝ උන් උන්ගේ පාඩුවේ හිටපුදෙන් අපි අපේ පාඩුවේ ඉමු :yes:

    :oo: ඒ උනාට කටුසු මිත්‍රයා බලන්න උන් දේවාල වල කරන පිස්සු වැඩ. ගොන් ආතල් එකක් වෙනුවෙන් අහිංසක සත්තු කිදෙනේක්ගේ ජිවිත අහිමි වෙනවද. තම්බිත් එක්කම තමයි පර හැත්ත :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියාවෙ උන්ට මොලේ නැති හින්දද බං ටේලර්ලට නිව්ටන්ලට පයිතගරස්ලට කලිං ඉන්දියාවෙ උන් පයිතගරස් ප්‍රමේයය පාවිච්චි කරල කලනය කරල ටේලර් ශ්‍රේණි වලිං සයින් කොස් ටෑන් ආසන්න කරල ෆුරියර් ශ්‍රේණි වලිං පෘථිවියට සාපේක්ශ ග්‍රහ චලිතය පුරෝකථනය කරල 0 හොයාගත්තෙ ? :rofl:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඉන්දියාවෙ උන්ට මොලේ නැති හින්දද බං ටේලර්ලට නිව්ටන්ලට පයිතගරස්ලට කලිං ඉන්දියාවෙ උන් පයිතගරස් ප්‍රමේයය පාවිච්චි කරල කලනය කරල ටේලර් ශ්‍රේණි වලිං සයින් කොස් ටෑන් ආසන්න කරල ෆුරියර් ශ්‍රේණි වලිං පෘථිවියට සාපේක්ශ ග්‍රහ චලිතය පුරෝකථනය කරල 0 හොයාගත්තෙ ? :rofl:

    හැම තැනම ඉන්නේ මොලේ තියෙන උන් නෙමෙයිනේ බන් එකනේ අරවගේ ආතල් දෙන්නේ . හැබැයි ඉතින් උන් මාර විදිහට උන්ගේ සංස්කෘතිය ප්‍රොමෝට් කරන්නේ.:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕනෙම දැනුමක් වටා මිථ්‍යාව ගොඩනැඟෙන එක සාමාන්‍ය දෙයක්. මෙහෙ උනුත් ලොකුවට විද්‍යාව කියල උඩදාගෙන කෑගැහුවට විද්‍යාවෙ අන්තිම සරල සංසිද්ධි වලදි පවා සමාජයේ තියෙන්නෙ තඩි මිත්‍යා. හඳ ලඟින් යද්දි හඳේ ගුරුත්වාකර්ශණ ක්ශේත්‍රයෙන් අදින නිසයි උදම් රල අැතිවෙන්නෙ කියල කීදාහක් විශ්වාස කරනවද. ඉලෙක්ට්‍රෝන පරමාණුව වටේ රවුමට යන පොඩි බෝල වගේ කියල විශ්වාස කරන කීදාහක් ඉන්නවද. ඒව පොඩ්ඩක් හරි අඩුවෙලා තියෙන්නෙ විද්‍යාව ක්‍රමවත්ව සමාජගත වෙන නිසා. විද්‍යාව තාම ක්‍රියාකාරී මට්ටමේ පවතින නිසා.

    දෙවියො ගැන දැනුමට අපිට තියෙන්නෙ ඉස්සර හිටපු අය හොයාගත්තුව විතරයි. ආධ්‍යාත්මික දියුණුව පිරිහිලා, මනස දියුණු කරන උන් දැන් නෑ. භාවනා කරන්නෙත් stress එකට මිසක් මනස දියුණු කරගන්න නෙමේ. ඉතිං එහෙම දැනුමක විද්‍යාවට වඩා මිථ්‍යාව බහුල වෙන එක සාමාන්‍යයි :yes:
     
    • Like
    Reactions: icepack

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo: ඒ උනාට කටුසු මිත්‍රයා බලන්න උන් දේවාල වල කරන පිස්සු වැඩ. ගොන් ආතල් එකක් වෙනුවෙන් අහිංසක සත්තු කිදෙනේක්ගේ ජිවිත අහිමි වෙනවද. තම්බිත් එක්කම තමයි පර හැත්ත :angry:
    ඕවා මොනවද අපේ මිනිස්සු කුකුල්ලු, හරක් කී දාහක් ගිලිනවද දවසට :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A Tourist fell from Worldsend and rescued by Srilanka Forces[God].

     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙවියො විශ්වාස කරන්නෑ, ජ්‍යෝතිශය විශ්වාස කරන්නෑ බුදු හාමුදුරුවො විතරයි. මේ typical බුදු දහම බටහිර කරණය කරන උන් කියන කතාව. සමාජයෙත් ගොඩක් අය රැල්ලට යනව. බුදු දහමත් materialism වලිං අර්ථ දක්වන්නෙ තේරුම් ගන්නෙ. පෙලක් උන්ට අනුව බුදු හාමුදුරුවො හේතුවාදියෙක්.

    මුලින් දෙවියො ජ්‍යෝතිශය, ඊලඟට යමා මහ පෙලහැර මනස දියුණු කිරීම, ඊලඟට සංසාරය කර්මය නිවන. අන්තිමට ඉතුරු වෙන්නෙ සුද්දො කියන විදිහට නිකංම නිකං දර්ශනවාදියෙක් විතරක් වුන මනුස්සයෙක්.