ඒ කියන්නේ මචං ජවිපෙන් කෑල්ලක් කැඩිච්ච තරහා නිසා මහින්දගෙන් පලි ගන්න එක විතරද අවශ්‍ය වුණේ? ලංකාවට රටක් විදිහට අත්වෙන ඉරණම එතනදි අදාළ නැද්ද? දැන් මහින්ද මොනා කළත් රනිල් ඇවිත් බෙදුම්වාදී ව්‍යාපෘතිය ඉදිරියට යනවා නම් රටේ වටිනා සම්පත් පිටරටට කුණු කොල්ලෙට විකුණන එකට සහාය පළ කරන්නේ, එදා මහින්ද ජවිපෙ කඩපු නිසා නම්.......ජවිපෙ කරන්නේ ජනතාවාදී රට වෙනුවේන දේශපාලනයක් නෙමෙයි නේ............හුදු පලි ගැනීමේ ව්‍යාපෘතියක් නේ..........
මේක තමයි ජ ප්පො මහින්ද ගෙදර යවන්න සපෝට් කර්පු එක සධාරණීකරණය කරන්න කියන් කතාව. ඇත්තටම රටේ ප්‍රශ්න වැඩි වෙන ආණ්ඩුවක් ඉන්න වෙලාවක ජේවීපී එකට මිනිස්සු අතරට යන්න ලේසි හින්ද වගේම හැමදාමත් කාගෙ හරි බළල් අතක් විදිහට පාවිච්චි වෙනව කියලයි මම නම් දකින්නෙ.
කොහොමටත් තම පක්ෂ අරමුනුවලට රටට වින කරපු කරන්න හදපු අවස්ථා ගොඩක් තියෙනව. මට මතක විදිහට 1980 ගණන් වල කැරළි එහෙමත් ඒ ගණයට දමන්නත් පුළුවන්. අවස්ථාවක වඩමාරච්ච් වල දරුණු සටන් අතර තුර රටේ ප්‍රශ්න ඇති කරලා යුධ බිමෙන් අපේ හමුදාවට පහුබහින්නත් වෙලා තියෙනවා.
තව සිංගප්පූරුව වරායට අවස්තාව හදලා දුන්නෙත් කොළඹ වරාය වර්ජනයක් කියල අහලා ඇති නේද?
ගොඩක් වෙලාවට මේ සියල්ල තමන්ගෙ සතුරා විදිහට ඉන්න ආණ්ඩුව ඇතුළතත් සම්බන්ධ තිබිලා තියෙන්න පුළුවන් මගේ අදහසට අනුව නම්.

