හීරෝ හොන්ඩා එකනම් 50- 55ක් විතර කළා.. 2010න් පස්සේ ආව බයික් එකනම් එච්චරම ඇල්ලුවේ නෑ මටනම්.. ප්‍රශ්න එහෙම එනවා තර්ඩ් ගියර් වීල් එකේ. චේන් ස්පොකට් වල එහෙම.. ඒත් ඒව උඩු දුවන්න කලින් බලලා හදා ගන්නවනම් අවුලක් නෑ.. හීරෝ එක ගැනනම් දන්නේ නෑ.. හැබැයි හිරෝ හොන්ඩා එකේ 2010න් පස්සේ ආව බයික් වල එන්ජින් එක පරණ එකේ තරම් ස්මූද් නෑ.. වයිබ්‍රේෂන් එකත් ටිකක් වැඩි පරණ එකට වැඩිය.. ඒකනම් කාලයක් යද්දී හුරු වෙනවා..
සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් ඉඩ තියෙන තැනක ටිකක් හයියෙන් පැදලා බලන්න ලඟ ලඟ තර්ඩ් ගියර් එකට වෙනකන් ගියර් මාරු කරන ගමන්.. සද්දේ වෙනස් වෙනවනම්, හම් එකක් වගේ එනවනම් ඒවා ගැන ටිකක් සැලකිලිමත් වෙන්න..
චේන් ස්පොකට් වල තත්ත්වේ, එන්ජින් එකේ අනවශ්‍ය සද්ද ගැන එහෙම ටිකක් වැඩිපුර හොයලා බලන්න.. හීරෝ එක හීරෝ හොන්ඩා එක තරම්ම හොඳ මදි මචන්.. පෙනුම ඔක්කොම එකයි.. ඒත් එන්ජින් එකේ ස්මූද් ගතිය, ගියර් දාන්කොට තියෙන ස්මූද් ගතියේ පැහැදිලි වෙනසක් තියෙනවා.. මම ලඟ ලඟ 2009, 2012 මොඩල් වලට මාරු උන නිසා ඒක හොඳට තේරුණා..