මාරක නවකවදයේ පළමු බිල්ල
මාරක නවකවදයේ පළමු බිල්ල
රූපා රත්නසීලි සිද්ධි දාමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක්ව සිටියදී නවක වදයෙන් බේරීමට ගත් උත්සාහයකදී ස්ථිර අබාධීත තත්වයකට පත්වූ රූපා රත්නසීලි ඉන් වසර 22කට පමණ පසුව සියදිවි නසාගන්නා ලදී. ඇයගේ මරණය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයීය නවක වදය හේතු කොට සිදුවූ ප්‍රථම මරණය ලෙස සැලකේ.
ඇල්පිටිය මහඒදන්ඩ නම් ග්‍රාමයේ ඉතා දිළිදු පවුලක රූපා උපත ලැබුවාය. සිය පාසල් අධ්‍යාපන කටයුතු විවිධ බාධක හමුවේ වුවද කරන්දෙණිය විද්‍යාලයෙන් සාර්ථකව නිම කලාය.
1975 මැයි 16 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය ට ඇතුලත් විය. විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ රූපා ඇයට නේවාසිකාගාරය ලෙස හිමිවූ
රාමනාදන් ශාලාවෙහි තවත් යෙහෙළියක සමග සතියක පමණ කාලයක් ගත කල බව සඳහන්ය.
තවත් යෙහෙළියක සමග රූපා සිය නේවාසිකාගාරයේ විසූවත්, ඇයට නවක වදය හිමි වූ දින රුපාගේ යෙහෙළිය කාමරයේ නොවූ බව පැවසෙයි. දහවල් වරුවෙහි ඇද සිටි ගවුම ගලවන ලෙස ජ්‍යේෂ්ඨ සිසුන්ගෙන් නියෝග ලත් රූපා එය ප්‍රතික්ෂේප කිරීමත්, රාත්‍රියෙහි ඇගේ කාමරය වෙතට නැවතත් ජ්‍යේෂ්ඨ සිසුන් පැමිණීමත් (යෝනි මාර්ගයට ඉටිපන්දම් ඇතුළුකිරීමට) නිසා ඇතිවූ බිය හේතුවෙන් කාමරයේ ජනෙල් පියනක් විවෘත කෙරූ රූපා ඉන් පිටතට පැන්නාය. රාමනාදන් ශාලාවේ දෙවන මාලයේ සිට පහතට වැටුණු ඇයගේ දෙපයට ඉන් බරපතල හානි සිදුවීම නිසා රූපා ආබාධිත තත්වයට පත් වූවාය. සමහර වාර්ථාවන්ට අනූව ජ්‍යෙෂ්ඨ සිසුවියන්, නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට විවිධ දෑ ඇතුලත් කරමින් සිදුකෙරූ ලිංගික හිංසනය දැරීමට නොහැකි වීම හේතුවෙන් රූපා ගොඩනැගිල්ලෙන් පහතට පිනූ බව සඳහන්ය.
ආබාධිත තත්වයට පත් වූ රූපාගේ ඉදිරි සරසවි ගමන මෙම සිදුවීමෙන් අනතුරුව නිමව ගිය අතර, එතැන් පටන් දුක් කම්කටොළු සහිතව ඇය වසර 20 කට අධික කාලයක් දිවි ගෙව්වාය. වරක් මානසික රෝගයකටද ඇය ගොදුරු වූ බව පැවසෙයි. පසුව 1985 වසරේ සැප්තැම්බර් 30 වන දින එවක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට ඇයගේ තත්වය පහදා යැවූ ලිපියකට පිළිතුරු ලෙස රූපාට 1985 දෙසැම්බර් 19 වනදිනදී ජනාධිපති අරමුදලෙන් රු.25000 ක මුදල් ආධාරයක් හිමි විය. මීට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින්ද රූපාට රු.50000 ක මුදලක්, නිවසක් හා මාසික දීමනාවක් ලබා දෙන බව පැවසීම නිසා ඇයට සිය හිතවතුන්ගෙන් ලැබුණු ආධාරද නතර වූ අතර, රූපා ඉන් තවත් අසරණ වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබා දුන් එම පොරොන්දුව සැබෑවක් බවට පත් නොවීම නිසාය.
පසුව නිවසේ සිට රෙදි මැසිමට යොමුවූ රූපාගේ එම උත්සාහයද අසාර්ථක වීම නිසා අසරණභාවයට පත්ව සිටි ඇය 1997 වර්ෂයේදී සිය රෝද පුටුවෙන්ම ගොස් ගෙවත්තේ වූ ළිඳට පැන සියදිවි නසා ගත්තාය.
රූපාගේ ජීවිතය මෙසේ විනාශවී ගියද ඇයට එම විනාශය අත්කරදුන් ජේෂ්ඨ සිසුන් ලංකාවේ සහ විවිද රටවල ඉහල ජීවිත ගතකරමින් සිටී
https://www.facebook.com/groups/804276106323782/about/