අද දවසේ ඔබේ ව්‍යාපාරය තත්ත්වෙ මොන වගේද?
මගේ සමාගමේ නම ලංකා හාන්ස් පුද්ගලික සමාගම. ඒක පිහිටලා තියෙන්නේ බියගම කර්මාන්ත කලාපයේ. 2003 තමයි ජපානයේ “ඉතො” මහතා ලක්ෂ 8000ක් ආයෝජනය කළා. ඒ මුදල අපි අවුරුදු 2 1/2කින් ආවරණය කළා. අද වෙද්දි සේවකයෝ 400ක් සේවය කරනවා. ගිය වසරේ පමණක් අපේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 80ක්.
ලාභය එහම කොහොමද?
අපේ රටේ ඉතිහාසයේ හිටපු සියලුම ආණ්ඩු ලෝකයට ණය වුණු ප්‍රමාණය කොච්චරක් කියලද හිතන්නෙ?
මම දන්න තරමින් 2014 අවසාන වෙද්දි රුපියල් බිලියන 7391, 2016 අවසානයේදී ඒ ණය මුදල රුපියල් බිලියන 9387ක් වෙනවා.
ඒසා විශාල මුදලක් ඔබ කියනව එක දවසකින් ගෙවනවා කියලා?
ඔව්.. ඒ මුදල ගෙවන්නේ මගේ පෞද්ගලික ධනයෙන් නොවෙයි. නමුත් ජපානය ඇතුළු රටවල් කිපයක අරමුදලක් එකඟ වෙලා ඉන්නවා 0.5 පොලී අනුපාතය යටතේ අපේ සමස්ත ණය මුදල ගෙවා දමන්න. මේ වනවිට අපි ගෙවන පොලී අනුපාතය වෙන්නෙ 5.5ක් හයක් අතර අනුපාතයක්. නමුත් ඔවුන් එකඟ වුණා 0.5 පොලී අනුපාතයකට ඒ මුදල ගෙවා දමන්න.
මේ අරමුදල මොකක්ද? , මේ අරමුදලේ කොන්දේසි මොනවද?
මේ අරමුදලෙන් ණයට අරන් දැනට තිබෙන ණය ගෙවුවාම රටේ ණය අහවරයි ද?
මේ අරමුදලෙන් ණය ගෙන රටේ ණය අහවර කරපු වෙනත් රටවල් තිබේද?
ඒ කියන්නෙ ජපන් රජය ඔබ පිටුපස ඉන්නවා?
ඔව්. ජපන් අගමැති මගේ පෞද්ගලික හිතවතෙක්. මම ඔවුන් සමඟ ගොඩක් ළඟින් වැඩ කරනවා.
ජපන් අගමැති පැරදිල, ඔහුගේ ප්‍රතිවාදියෙක් ජපන් අගමැති වුනොත්?
ජපන් විපක්ෂ නායක සමගත් ගොඩක් ලගින් වැඩ කරනවාද?
ඉතින් ඔබට පුළුවන්නෙ දවසින් දවස වැඩිවෙන මේ මහා ණය කන්දරාව රටට ආදරයක් තියෙනව නම් මේ මොහොතෙම ගෙවලා දාන්න?
ඔව්…. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි ඔය කාරණේ තුරුම්පුවක් විදිහට මම තියාගෙන ඉන්නෙ නෑ. මම මේ රජයට ඒ කටයුත්තට අදාළ සමාගම හඳුන්වලා දුන්නා විතරක් නෙවෙයි. මේ රටට ගෙන්නලත් දුන්නා. ඔවුන් රජය සමඟ සාකච්ඡා කරලා අවසානයේදී කිව්වේ අපේ රජයේ ක්‍රමවේදය යටතේ යනව නම් ආයෙමත් පරණ පොලී අනුපාතයටම තමයි මේක සිද්ධවෙන්නේ කියලයි.
කලින් කිව්වා අරමුදලක් ලු පසුව සමාගමක් ලු ? දෙකෙන් එකක්ද දෙකමද?
සමාගමක් අපේ රටේ ණය ගෙවල දෙනවා ද?
ඒ කියන්නෙ ජපානය මැදිහත් වෙන නිසාද?
ඔව්. කෙටියෙන්ම කිව්වොත් චීනය කැමති නෑ ජපානය ඇතුළු රටවල් ඔය වගේ වැඩක් කරනවාට. සිරිමාවෝ මැතිණියගෙන් පසු පත්වූ සෑම ආණ්ඩුවක්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියෙන් අෑත් වීම නිසා තමයි අපට බලවතුන් සමඟ සම්බන්ධකම් තියාගන්න කෝටි ගණනින් ජනතා මුදල් වියදම් කරන්න වෙලා තියෙන්නේ.
චීනේ අකමැති වුනොත් ජපානේ අපට උදව් කරනවාට?
මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ, ඔහු තමයි “Sustainability”, “තිරසාර බව” කියන සංකල්පය ශ්‍රී ලංකාවට මුල්ම වරට හඳුන්වා දුන්නේ.
ඇත්තට?, එතකොට තිරසාර වචනයට තේරුමක් තිබිල නැද්ද ඊට කලින් ?
ඔබට කවුරුහරි චෝදනා කළොත් ඔබව මෙහෙයවන්නෙ විදේශ බලවේග කියලා?
මගේ වැඩපිළිවෙල ජාතිකත්වය මත පදනම් වූ එකක්. මම විශ්වාස කරන්නෙ ජාතික ආර්ථිකයක්. එයට සහයෝගය දෙන ඕනෑම කෙනෙකුට ඕනෑම රටකට ඒ අවස්ථාව අපි ලබා දෙනවා.
ජාතික නොවන ආර්ථික මොනවාද?, අපේ ජාතික ආර්ථිකයට වෙනත් රටක් සහය දෙන්නේ ඇයි ?
සරලව කිව්වොත්, ඔබ දක්ෂිණාංශික දේශපාලන ධාරාවද නියොජනය කරන්නෙ වාමාංශික දේශපාලනයද?
මම ඉදිරිපත් කරන්නෙ නිෂ්පාදිත ආර්ථිකයක් මත පදනම් වූ මැද මාවතක වැඩ පිළිවෙලක්.
මොනවාද නිෂ්පාදනය කරන්න සැලසුම? , ඒ නිෂ්පාදන මිලදී ගන්න අයට ඒවා අපෙන්ම මිලදී ගැනීමේ ඇති විශේෂ වාසි මොනවාද?
මෙහෙව් බේගල් ගෙඩි පිටින් ගිලින මිනිස්සුත් ලංකාවේ ඉන්නවාද?![]()
ඔය ඉන්නේ ත්‍රෙඩ් එකේ මුල ඉදන් අගට.



, එතකොට තිරසාර වචනයට තේරුමක් තිබිල නැද්ද ඊට කලින් ?




