Rohan Pallewatta 27/02/2018

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අද දවසේ ඔබේ ව්‍යාපාරය තත්ත්වෙ මොන වගේද?
    මගේ සමාගමේ නම ලංකා හාන්ස් පුද්ගලික සමාගම. ඒක පිහිටලා තියෙන්නේ බියගම කර්මාන්ත කලාපයේ. 2003 තමයි ජපානයේ “ඉතො” මහතා ලක්ෂ 8000ක් ආයෝජනය කළා. ඒ මුදල අපි අවුරුදු 2 1/2කින් ආවරණය කළා. අද වෙද්දි සේවකයෝ 400ක් සේවය කරනවා. ගිය වසරේ පමණක් අපේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 80ක්.


    ලාභය එහම කොහොමද?


    අපේ රටේ ඉතිහාසයේ හිටපු සියලුම ආණ්ඩු ලෝකයට ණය වුණු ප්‍රමාණය කොච්චරක් කියලද හිතන්නෙ?
    මම දන්න තරමින් 2014 අවසාන වෙද්දි රුපියල් බිලියන 7391, 2016 අවසානයේදී ඒ ණය මුදල රුපියල් බිලියන 9387ක් වෙනවා.
    ඒසා විශාල මුදලක් ඔබ කියනව එක දවසකින් ගෙවනවා කියලා?
    ඔව්.. ඒ මුදල ගෙවන්නේ මගේ පෞද්ගලික ධනයෙන් නොවෙයි. නමුත් ජපානය ඇතුළු රටවල් කිපයක අරමුදලක් එකඟ වෙලා ඉන්නවා 0.5 පොලී අනුපාතය යටතේ අපේ සමස්ත ණය මුදල ගෙවා දමන්න. මේ වනවිට අපි ගෙවන පොලී අනුපාතය වෙන්නෙ 5.5ක් හයක් අතර අනුපාතයක්. නමුත් ඔවුන් එකඟ වුණා 0.5 පොලී අනුපාතයකට ඒ මුදල ගෙවා දමන්න.


    මේ අරමුදල මොකක්ද? , මේ අරමුදලේ කොන්දේසි මොනවද?
    මේ අරමුදලෙන් ණයට අරන් දැනට තිබෙන ණය ගෙවුවාම රටේ ණය අහවරයි ද?
    මේ අරමුදලෙන් ණය ගෙන රටේ ණය අහවර කරපු වෙනත් රටවල් තිබේද?



    ඒ කියන්නෙ ජපන් රජය ඔබ පිටුපස ඉන්නවා?
    ඔව්. ජපන් අගමැති මගේ පෞද්ගලික හිතවතෙක්. මම ඔවුන් සමඟ ගොඩක් ළඟින් වැඩ කරනවා.


    ජපන් අගමැති පැරදිල, ඔහුගේ ප්‍රතිවාදියෙක් ජපන් අගමැති වුනොත්?
    ජපන් විපක්ෂ නායක සමගත් ගොඩක් ලගින් වැඩ කරනවාද?



    ඉතින් ඔබට පුළුවන්නෙ දවසින් දවස වැඩිවෙන මේ මහා ණය කන්දරාව රටට ආදරයක් තියෙනව නම් මේ මොහොතෙම ගෙවලා දාන්න?
    ඔව්…. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි ඔය කාරණේ තුරුම්පුවක් විදිහට මම තියාගෙන ඉන්නෙ නෑ. මම මේ රජයට ඒ කටයුත්තට අදාළ සමාගම හඳුන්වලා දුන්නා විතරක් නෙවෙයි. මේ රටට ගෙන්නලත් දුන්නා. ඔවුන් රජය සමඟ සාකච්ඡා කරලා අවසානයේදී කිව්වේ අපේ රජයේ ක්‍රමවේදය යටතේ යනව නම් ආයෙමත් පරණ පොලී අනුපාතයටම තමයි මේක සිද්ධවෙන්නේ කියලයි.


    කලින් කිව්වා අරමුදලක් ලු පසුව සමාගමක් ලු ? දෙකෙන් එකක්ද දෙකමද?
    සමාගමක් අපේ රටේ ණය ගෙවල දෙනවා ද?




    ඒ කියන්නෙ ජපානය මැදිහත් වෙන නිසාද?
    ඔව්. කෙටියෙන්ම කිව්වොත් චීනය කැමති නෑ ජපානය ඇතුළු රටවල් ඔය වගේ වැඩක් කරනවාට. සිරිමාවෝ මැතිණියගෙන් පසු පත්වූ සෑම ආණ්ඩුවක්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියෙන් අෑත් වීම නිසා තමයි අපට බලවතුන් සමඟ සම්බන්ධකම් තියාගන්න කෝටි ගණනින් ජනතා මුදල් වියදම් කරන්න වෙලා තියෙන්නේ.


    චීනේ අකමැති වුනොත් ජපානේ අපට උදව් කරනවාට?


    මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ, ඔහු තමයි “Sustainability”, “තිරසාර බව” කියන සංකල්පය ශ්‍රී ලංකාවට මුල්ම වරට හඳුන්වා දුන්නේ.

    ඇත්තට? :shocked: , එතකොට තිරසාර වචනයට තේරුමක් තිබිල නැද්ද ඊට කලින් ?

    ඔබට කවුරුහරි චෝදනා කළොත් ඔබව මෙහෙයවන්නෙ විදේශ බලවේග කියලා?
    මගේ වැඩපිළිවෙල ජාතිකත්වය මත පදනම් වූ එකක්. මම විශ්වාස කරන්නෙ ජාතික ආර්ථිකයක්. එයට සහයෝගය දෙන ඕනෑම කෙනෙකුට ඕනෑම රටකට ඒ අවස්ථාව අපි ලබා දෙනවා.

    ජාතික නොවන ආර්ථික මොනවාද?, අපේ ජාතික ආර්ථිකයට වෙනත් රටක් සහය දෙන්නේ ඇයි ?

    සරලව කිව්වොත්, ඔබ දක්ෂිණාංශික දේශපාලන ධාරාවද නියොජනය කරන්නෙ වාමාංශික දේශපාලනයද?
    මම ඉදිරිපත් කරන්නෙ නිෂ්පාදිත ආර්ථිකයක් මත පදනම් වූ මැද මාවතක වැඩ පිළිවෙලක්.


    මොනවාද නිෂ්පාදනය කරන්න සැලසුම? , ඒ නිෂ්පාදන මිලදී ගන්න අයට ඒවා අපෙන්ම මිලදී ගැනීමේ ඇති විශේෂ වාසි මොනවාද?



    මෙහෙව් බේගල් ගෙඩි පිටින් ගිලින මිනිස්සුත් ලංකාවේ ඉන්නවාද?:shocked:



    ඔය ඉන්නේ ත්‍රෙඩ් එකේ මුල ඉදන් අගට.:lol::lol::lol:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka


    මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ, ඔහු තමයි “Sustainability”, “තිරසාර බව” කියන සංකල්පය ශ්‍රී ලංකාවට මුල්ම වරට හඳුන්වා දුන්නේ.

    ඇත්තට? :shocked: , එතකොට තිරසාර වචනයට තේරුමක් තිබිල නැද්ද ඊට කලින් ?



    Ube mole gena therum ganna me ahala thiyana de athi
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    me yakata pissuda. Ratak palanaya karanawa kiyanne business ekak karanawa neme. Me wage jokersla enawa yanawa. api ain wela payin yamu puthi.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔය පුවත්පත් සාකච්ඡාවක් විතරයි. උගේ සැලසුම්/ප්‍රතිපත්ති ප්‍රකාශය නෙවෙයිනේ. සාකච්ඡාවකදී කියපු නැති කෑලි ටිකක් අල්ලන් ඌ නැති තැන ප්‍රශ්න ටිකක්‌ අහලා හරියට ම ඌ කියන්නේ බේගල් ය කියලා තීරනය කරන්නෙ කොහොමද?
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඔය පුවත්පත් සාකච්ඡාවක් විතරයි. උගේ සැලසුම්/ප්‍රතිපත්ති ප්‍රකාශය නෙවෙයිනේ. සාකච්ඡාවකදී කියපු නැති කෑලි ටිකක් අල්ලන් ඌ නැති තැන ප්‍රශ්න ටිකක්‌ අහලා හරියට ම ඌ කියන්නේ බේගල් ය කියලා තීරනය කරන්නෙ කොහොමද?

    එක දවසෙන් රටේ ණය ගෙවන්නේ සියල්ලම කොහොමද?
    ඔහු කියන්නේ ජපානය ප්‍රමුඛ අරමුදලක් හෝ සමාගමක් විසින් අඩු පොලියට ගෙවන "ක්‍රමයක්" ගැන.
    එතකොට මේ අඩු පොලිය ගෙවන්නේ මොන ණයටද?, ඇයි දැන් රටේම ණය කලින් දවසේ ගෙව්වා නේ :rolleyes:

    මේ මැජික් "ක්‍රමයට" පේටන්ට් එකක් තියෙනවද දන්නේ නෑ මොහුට, නැත්තන් ලෝකේ හැම රටක්ම මේක කරයි ඔහුගෙන් බලාගෙන :yes:
    ;)

    මේවා බේගල් නෙමේ නම්, මේ රොහාන් පල්ලෙවත්ත නෙමේ, ඇලඩින් වෙන්න ඕන.
    අර කියන අරමුදල/සමාගම ඇලඩින්ගේ පුදුම පහන වෙන්න ඕන.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    කවුරුවත් අපිට පිනට සල්ලි දෙන්නෙ නෑ ණය ගෙවන්න. වෙන බැංකුවකින් අරන් තව බැංකුවක ණය බේරුව කියල අපි ණයෙන් නිදහස් වෙන්නෙ නෑ. ණය ගෙවන ගමන් ණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන වැඩපිලිවෙලකුත් තියෙන්න ඕනෙ.

    අපිට දැන් අලුත් අය දාල එක්ස්පෙරිමන්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. මේ අවස්තාවෙදි අලුතෙන් එන කෙනා ෆේල් වුනොත් අපිට සදා වලේ තමයි ඉන්න වෙන්නෙ. කොහොමත් දැන් ඉන්න ඩබල ගෙදර යවල එන කෙනාට සෑහෙන්න මහන්සි වෙන්න වෙනව රට ගොඩදාන්න. ඒක තනි පුද්ගලයෙකුට කරන්න පුලුවන් කියල හිතනවනම් විහිලුවක්.

    හොඳම දේ තමයි මේ වගේ අයගෙ යෝජනා හොඳ නම් ඒ අයවත් එකතු කරගන්න එක.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "I will repay all the debts" this statement alone make this guy a humorous and unreliable person. We as voters and citizens of the country have heard thousands of these types of typically ridiculous election promises through the years. And this guy is not different than a typical srilankan politician coz he's got all the ryt political connections and references. Just a bad joke thats all.......:(:yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    එක දවසෙන් රටේ ණය ගෙවන්නේ සියල්ලම කොහොමද?
    ඔහු කියන්නේ ජපානය ප්‍රමුඛ අරමුදලක් හෝ සමාගමක් විසින් අඩු පොලියට ගෙවන "ක්‍රමයක්" ගැන.
    එතකොට මේ අඩු පොලිය ගෙවන්නේ මොන ණයටද?, ඇයි දැන් රටේම ණය කලින් දවසේ ගෙව්වා නේ :rolleyes:

    මේ මැජික් "ක්‍රමයට" පේටන්ට් එකක් තියෙනවද දන්නේ නෑ මොහුට, නැත්තන් ලෝකේ හැම රටක්ම මේක කරයි ඔහුගෙන් බලාගෙන :yes:
    ;)

    මේවා බේගල් නෙමේ නම්, මේ රොහාන් පල්ලෙවත්ත නෙමේ, ඇලඩින් වෙන්න ඕන.
    අර කියන අරමුදල/සමාගම ඇලඩින්ගේ පුදුම පහන වෙන්න ඕන.

    :lol: well said bro:lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,160
    9,035
    113
    මුලින් ණය ගෙවන්න පස්සේ අපි ඡන්දේ දෙන්නම්..අවුලක් නෑනේ:lol::lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,625
    923
    113
    Australia
    වර්තමාන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට ආයිත් ඉල්ලන්න බෑ. ඒ නිසා විපක්ෂයේ අපේක්ෂකයා වන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහතාය.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    එක හු*&*( පුතෙක් ආව පොලොන්නරුවෙ ඉඳන් ගෑනි ඔතල දෙන බත් එක කෑවම රට දියුනු වෙනව කියල හිතාගෙන. දැන් තව ගොං ජොකියෙක් ඇවිල්ල රටේම නය එක දවසින් ගෙවනව කියාගෙන. වැඩිය පුදුම වෙන්න එපා මූත් සිරිසේනගෙම නෑයෙක් වෙනව ඈතින්. උන්ගෙ පරම්පරාවෙ පිස්සු මුත්තෙක් ඉඳල තියනව මට පේන්නෙ. උගෙ පිස්සු පයිත්තියන් ජානෙ තමා සැරෙන් සැරේ සිරිසේන පරම්පරාවෙ උන්ගෙන් මතු වෙන්නෙ.