අඹ යාළුවෝ නපුරු මෛත්‍රීට වෙලාතියන දේ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    අඹ යාළුවෝ නපුරු මෛත්‍රීට වෙලාතියන දේ

    28741502_214032782671760_35843223_n.jpg


    අසන්ති නාලිකා කියන නම රූපය හැමෝටම හුරුපුරුදුයි.මේ නමට වඩා අඹ යාළුවො හි නපුරු මෛත්‍රී පොඩි ලොකු මහළු කාටත් මතකයි. රංගනයෙන් වගේම නර්තනයෙන් පරිපුර්ණ වූ අසන්ති රගපෑමට සමු දීලා. ඒ දෙවියන්ට යදින මෑණි අම්මා කෙනෙක් වූ නිසා. වසර හතරක කාලයක සිට ඇය භාවනාවෙන් විවිධ හාස්කම් කරනවා කියලයි ආරංචිය. හැමෝගෙම ආදරය ලබන අසන්ති ගැනයි මේ.

    අසන්ති කොහොමද තොරතුරු..?
    හොදින් සතුටින් ඉන්නවා. නමුත් කාර්ය බහුලයි. සාමාන්‍ය මනුස්සයෙක් ජිවත් වෙනවාටත් වඩා වෙනස් ජිවිතයක් මම දැන් ගත කරන්නේ. ඒ නිසා ඒ වැඩකටයුතු එක්ක තමයි වැඩිපුරම කාලය ගෙවෙන්නේ.

    අසන්ති කිව්වා ගමන්ම හැමෝටම මතක් වුණේ රංගන ශිල්පිනිය වගේම නර්තන ශිල්පිනියව. නමුත් දැන් බොහෝ දෙනෙක් ඔබව සොයාගෙන එන්නේ "මෑණි අම්මා " කෙනෙක් විදිහට කියලා ආරංචියි.. මොකක්ද ඒ කතාව..?
    ඔව්. මම දැන් දේව වරම් හිමි කෙනෙක්. මම නර්තනය කළ නිසා නිතරම සරස්වතී මෑණියන්ව වැන්දා. පසු කාලීනව මම භාවනාවට යොමු වුණා. පසුගිය වර්ෂ කිහිපයේම මම කැලෑවල පවා භාවනා කරන්න ගියා. ඒත් එක්කම තමයි මට දැනෙන්න පටන් ගත්තේ මට දෙවියන්ගෙන් වරමක් හිමි වෙලා කියලා. ඒ නිසා දැන් මම අවුරුදු එකහාමාරක විතර ඉදලා දේවාලයක් පවත්වාගෙන යනවා. භාවනාවෙන් හැමදේම කරන්නේ. රෝගීන් සුව කිරීම් විතරක් නෙමෙයි නෙයෙක් දේවල් කරමින් යනවා.

    සාමාන්‍ය ජිවිතයට වැටකඩොලු බැදෙන්න යන්නේ කියන සිතුවිල්ල හා ඔය කියන වරම ඔබට ලැබුණා කියලා දැනුණේ කොහොමද..?
    මම දන්නේ නැහැ මට අමුතු බලවේගයක් ආවා. එක පාරටම කවුදෝ මට කියනවා ඇහුණා. මට වරමක් ලැබිලා තියෙන්නේ කියලා. ඇතැම් දේවල් දැනෙන්න පටන් ගත්තා. ඒ මිට අවුරුදු 4ට විතර කලින්. එතකොට මම සියලු දේ අතහරිමින් භාවනාවට යොමු වුණා. දේව බලයෙන් අත්හදා බැලීම් කළා. ඒවා සාර්ථක වුණා. ඊට පස්සේ තමයි මම දේවාලයක් දා ගත්තේ.

    ඔබ දෙදරු මවක්. දේව බලය නිසා ඔබ දරුවන් සැමියා මග හැරියා කියලද හිතන්නේ..?
    ඔව්. මුල් කාලේ මගේ දරුවෝ දෙන්නාට වගේම සැමියාට මම ගැන හිතා ගන්න බැරි වුණා. ඒ අය හිතුවේ මම මානසික රෝගයකින් පෙළෙනවා කියලයි. ඒ නිසා මාව ප්‍රතිකාර සදහා යොමු කරන්නත් උත්සහ ගත්තා. ඒත් මම මගේ විදිහට හැම තැනම ගිහින් භාවනා කළා. ගොඩක් දවස්වලට මම හිටියේ කොහේ හරි කැලෑවක භාවනා වැඩසටහනක. ඒ කාලේ මාව ගෙදර හැමෝටම නැති වුණා. මග හැරුණා. ඒ අයගේ ජිවිතේ මම හිටියේ නැහැ වගේ. පවුලෙන් අයින් වෙලා වගේ හිටියේ. කොහොම නමුත් පස්සේ සැමියා වගේම දරුවෝ මාව තේරුම් ගත්තා. එයාලගේ උදව්වෙන් තමයි මම දැන් දේවාලය පවත්වාගෙන යන්නේ. මුලින් නම් සෑහෙනට විරුද්ධ වුණා.

    අසන්තිට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණා නිළියක් නර්තන ශිල්පිණියක් විදිහට. දේව මෑණි කෙනෙක් වුණාට පස්සේ රගපෑමට සමු දුන්නාද..?
    ඔව්. මාව ආයේ කිසිම නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ නැති වෙයි. මම සම්බන්ධ වෙන්න කැමති නැහැ. මම කැමතියි මේ දේ කරගෙන යන්න. ඒ නිසා නිළිකමෙන් ඉවත්වෙනවා. නමුත් නර්තනය ඉගෙන ගන්න කවුරු හරි ආවොත් උගන්වනවා.

    ඒ ජනප්‍රියත්වයෙන් ඉවත් වෙලා ඉන්න එක දුකක් නෙමෙයිද..?
    කොහෙත්ම නැහැ. දැන් තමයි මගේ හිතට සැනසීමක් දැනෙන්නේ. ඒ හැම දෙයක්ම අතීතයේ දේවල්. ඒවා මතක විතරයි. ඒ මතක සුන්දරයි. නමුත් මම රංගනයෙන් ඉවත් වුණා කියලා කිසිම දුකක් නැහැ. පසුතැවෙන්නෙත් නැහැ.

    රංගනයෙන් ඉවත් වෙන්න විවාහ ජිවිතයද බලපෑමක් වුණේ. එහෙම නැති නම් දේව වරමද..?
    ඒකට විවාහය කිසිම විදිහකින් බලපෑමක් වුණේ නැහැ. මගේ සැමියාගෙන් පවා උදව් ලැබුණා. නමුත් මට රගපෑමට වඩා දේව වරම වැදගත්. ඒ නිසයි හැමදේකින්ම ඉවත් වුණේ.

    නපුරු මෛත්‍රී කියන්නේ බොහෝ දෙනෙකුගේ මතකයක්. ඔබව අදටත් බොහෝ දෙනා හදුනන්නේ ඒ නමින්...?
    ඔව්. මට බොහෝ දෙනාගේ ආදරේ ලැබුණු චරිතයක්. ජිවත් වුනු චරිතයක්. මම මුලින්ම මාධ්‍යකට සම්බන්ධ වෙන්නේ 1988 වර්ෂයේ. ඒ ළමා වැඩසටහනකට. ඒ වැඩසටහනේ හිටපු මම දිහා දීර්ඝ කාලයක් සුදත් අයියා බලාගෙන ඉදලා තියෙනවා. මම කියන දේවල් ගැන. ඒත් එක්ක තමයි මට ඔය අවස්ථාව හිමි වෙන්නේ. ලස්සන මතක තියෙන නිර්මාණයක්. එදා රසික මම අශේන් හිටියේ සහෝදරයෝ වගේ. ඒ බැදීම අදටත් එහෙමමයි. අපි මුණ ගැහුණොත් කතා කරනවා.


    28829127_214032829338422_12897096_n.jpg


    28908222_214032799338425_2146073267_n.jpg



    හිරු ගොසිප්
    හර්ෂණී වීරරත්න
     
    • Like
    Reactions: Sara531

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට දාන කමෙන්ට් එක මොකක්ද කියල මම මේ කල්පනා කරේ...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: AcIId

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    මේකට දාන කමෙන්ට් එක මොකක්ද කියල මම මේ කල්පනා කරේ...:rolleyes::rolleyes:

    මට හිතෙන්නේ 'පව් මේකිට මානසික ලෙඩක් කියලා' :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට හිතෙන්නේ 'පව් මේකිට මානසික ලෙඩක් කියලා' :(

    :yes: ඒවගේ තමයි මචන්...ඔහේ අරහෙ මෙහෙ ගිහින් හිතින් මවා ගත්ත ලෝක වල ජීවත් වෙනව..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    :yes: ඒවගේ තමයි මචන්...ඔහේ අරහෙ මෙහෙ ගිහින් හිතින් මවා ගත්ත ලෝක වල ජීවත් වෙනව..

    අපේ ඉස්කෝලේ අපේ පංතියේ හිටපු කෙල්ලෙකුත් දැන් ඔය වගේ සාස්තර කියනවා බං. :baffled: අපේ පංතියේ කොල්ලෝ කෙල්ලෝ උනත් ඉස්කෝලේ කතා කරගන්නේ මචං, වරෙං පළයං බාසාවෙන්. මෙන්න මම දවසක් ටව්මෙ යනකොට පොට්ටු තියපු සාස්තර කියන ඇදුමක් ඇදගත්ත ගෑනියෙක් මට කතා කරනවා කොහොමද බං උඹට මාව අදුරගන්න පුලුවන්ද කියලා :shocked: මම ෆුල් හොල්මක්. මීටර් උනේ ඒකිගේ කතා විලාසයෙන්. :shocked: ඒකි කියනවා ඒකිට වරමක් ලැබුනලු. පව් බං ඉතිං. :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රගපාපු චරිතයක ෆොටෝ දාන්න. මට නම් මතක නෑ මේ කවුද කියලා
     
    • Like
    Reactions: Sara531

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    මෑණි අම්මා කියන එකේ තේරුම මොකක්ද බ්‍රෝ
    අම්මා අම්මා කියන එකම නේද
    අපේ මහින්ද ලොක්කට නම් පෙන්නන එපා මිනිහා ඔතනිනුත් සුරයක් දා ගනියි
     
    • Haha
    Reactions: shenat

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට ඇයි මේ දේවාලයක් උනත් බෞද්ධ පිළිවෙලට කරන්න බැරි :oo: දෙමල ගෑනු වගේ ඇඳගෙන පොට්ටු තියාගෙන රාසයෝ වගේ උන්ගේ පිළිම තියෙන දේවාල හැමතැනම
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    මුන්ට ඇයි මේ දේවාලයක් උනත් බෞද්ධ පිළිවෙලට කරන්න බැරි :oo: දෙමල ගෑනු වගේ ඇඳගෙන පොට්ටු තියාගෙන රාසයෝ වගේ උන්ගේ පිළිම තියෙන දේවාල හැමතැනම

    මෙයාලට වැහෙන්නේ දෙමල දෙවි ගොල්ලොනේ බං. :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන්ට ඇයි මේ දේවාලයක් උනත් බෞද්ධ පිළිවෙලට කරන්න බැරි :oo: දෙමල ගෑනු වගේ ඇඳගෙන පොට්ටු තියාගෙන රාසයෝ වගේ උන්ගේ පිළිම තියෙන දේවාල හැමතැනම

    බෞද්ධ දේවාල මොනාද බන්? හින්දු දෙවියොන්ගෙන් සප් එක තියෙනවාලුනේ දේවාල වලට... ඒ විදියට අදිනවා ඇත්තේ
     
    • Like
    Reactions: speedmalli

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයාලට වැහෙන්නේ දෙමල දෙවි ගොල්ලොනේ බං. :P
    ලංකාවේ දෙවිවරුත් ලංකාවේ ගෑනුන්ට කැමති නැතුව ඇති අර ශර්මා කියනවා වගේ :rofl: දෙමල දෙයියෝ තමා ඒවටත් කරගහන්නේ :sorry:
     
    • Like
    Reactions: SL Hypocrite

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    ලංකාවේ දෙවිවරුත් ලංකාවේ ගෑනුන්ට කැමති නැතුව ඇති අර ශර්මා කියනවා වගේ :rofl: දෙමල දෙයියෝ තමා ඒවටත් කරගහන්නේ :sorry:

    :rofl::D ලංකාවේ දෙවිගොල්ලෝ ශර්මගේ පෝස්ට් බලලා තමයි ඔහොම වෙලා ඇත්තේ.