VPN service offers free 1 month VPN for Sri Lanka

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,445
    25,084
    113
    අනික් එක පිටරට කම්පැනි එකක් නම් ගණන් ගන්නේ හරි නැතිව ඉඳියි. මූ ලංකාවේ නිසා මූව අල්ලගෙන ඇට දෙක ලාච්චුවේ දානවා ලොග් ටික දීපං කියල කියයි. දුන්නේ නැත්තන් හිරේ තෝ කිව්වම මේ අටකිච්ච එහෙන් පිටින් මුළු VPN එකම TRC එකට දෙයි log එක වෙනුවට. ඊටපස්සේ ඕක Host කරන්නෙ TRC එකේ එවුන් :rofl: ලංකාවේ ඉගෙන කරොත් නීති ඕන තරම් හදන්න බැරියැ :rolleyes::rofl:

    xvpn lankawe company ekakda? :oo:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113


    ඒකට server එකක් ඕන.

    1 Google කරලා ඉගෙනගන්න බලන්න.
    2. දන්නේ නැතිනම් දන්න IT දන්න ෂුවර් යාලුවෙක් ට කියල හදාගන්න බලන්න.
    3. ඒත් බැරිනම් පිටරට free එකකින් හරි යන්න බලන්න. මේ වගේ අවස්ථාවල් වල බොර දියේ මාළු බාන අය සැහෙන්න ඉන්නව

    TOR ගැන පොඩ්ඩක් කියන්නකො. ඒකත් අවුල්ද?
    ++:cool::cool:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    SSL නැති ඕනෑම site එකක ලොගින් එයාලට ගන්න පුළුවන්.


    ගොඩක් අය එකම පාස්වර්ඩ් එක පාවිච්චි කරන්නෙ email වලට, සහ අනික් එකවුන්ට් වලට. ඒ පාස්වර්ඩ් එකම guess කරලා ebay paypal ඔක්කොම ඒවා ටික රිකවර් කරගන්න පුළුවන් email එකට. ඔය වගේ තව කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා එයාලට

    SSL තිබ්බා කියලා වැඩක් නැහැ
    ෆිශින් සයිට් එකක් හදනවා SSL නැතුව(හදන්න දෙයක් නැහැ සක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි තියෙන්නෙ) හදලා ෆේස්බුක් එක වෙනවුට ඒකට රීඩිරෙක්ට් කරනවා
    credentials ගැහුවම ඒ ටික සේව් කරගෙන ඇත්ත ෆේස්බුක් එකට රීඩිරෙක්ට් කරනවා
    එතකොට දෙවනි සැරේ ලොග් වෙනවා සැකයක් හිතන්නෙත් නැහැ ඔය ෆෝන් වලින් එහෙම යන එවුන් SSL සර්ටිෆකට් එක බලනව කියලා හිතනවද

    හැබැයි FB App එකෙන් යනකොට නම් මේ විදියට ගන්න අමාරුයි මොකද උන්ගෙ API එක SSL නිසා ඇප් එක අන්ට්‍රස්ටඩ් සර්ටිෆිකට් එකක් නම් ලොග් වෙන්න දෙන එකක් නැහැ(මොකද අපි ඇප් ඩිවලොප් කරනකොටත් මේක කරන නිසා)

    ඔය කියපු ටික කරන එක ලේසිමත් නැහැ දැනුම තියනවා නම් ඒ තරම් දෙයක් නෙමෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113
    අනික් එක පිටරට කම්පැනි එකක් නම් ගණන් ගන්නේ හරි නැතිව ඉඳියි. මූ ලංකාවේ නිසා මූව අල්ලගෙන ඇට දෙක ලාච්චුවේ දානවා ලොග් ටික දීපං කියල කියයි. දුන්නේ නැත්තන් හිරේ තෝ කිව්වම මේ අටකිච්ච එහෙන් පිටින් මුළු VPN එකම TRC එකට දෙයි log එක වෙනුවට. ඊටපස්සේ ඕක Host කරන්නෙ TRC එකේ එවුන් :rofl: ලංකාවේ ඉගෙන කරොත් නීති ඕන තරම් හදන්න බැරියැ :rolleyes::rofl:

    මේක ලංකාවේ කිව්වේ කොහොමද? :oo:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    TOR ගැන පොඩ්ඩක් කියන්නකො. ඒකත් අවුල්ද?
    ++:cool::cool:

    ඔෆීශියල් සයිට් එකෙන් නම් ඩවුන්ලෝඩ් කරගත්තෙ අවුලක් නැහැ ඒකෙදි කනෙක්ශන් එක හදන්නෙ තැන් කීපයක් හරහා ගිහින් ඒ හැම තැනකිදිම පේලෝඩ් එක එන්ක්‍රිප්ට් කරනවා ඒක නිසා ඒකෙ එන්ක්‍රිප්ශන් ලේයර් ගනනාවක් තියනවා(ඒකයි එකට Onion කියලා කියන්නෙ, මොකද ලූණු ගෙඩියක වගේ ලේයර් ගනනාවක් තියන නිසා)
    ඒ උනත් TOR කියලා එක එක්කෙනා දාල තියන ඇප් ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව ඔෆීශියල් සෝස් එකෙන් විතරක් ගන්නවා නම් බයවෙන්න දෙයක් නැහැ
    (ඇප් එකක් හදන්න පුලුවන් සේරම ට්‍රැෆික් ප්‍රොක්සියක් හරහා යවලා උඩින් අපිට පෙන්නනවා TOR එක තමයි යූස් වෙන්නෙ කියලා, අපිට හොයන්න බැහැ ඇත්ත TOR නෙට්වරක් එකද කියලා, හොදම සීන් එක තමයි මේ වගේ ඇප් එකක් හදන්න බොහොම පොඩි වෙලාවක් යන්නෙ ප්‍රොක්සියක් තියනවා නම්)
     
    • Like
    Reactions: ruchira55

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,445
    25,084
    113
    ඒක තමයි මාත් බැලුවේ :confused:
    meka lankawe wenna ba :yes: mun me thatiya rath wechcha welawe rotiya puchchaganna hadanne :lol: balapan playstore ehema gihin, reviews ehema galaagena enne :rofl: kohomath social media digatama block kaloth godak un munge premium buy karai. eketh chance eka munta. nathuwa me apita adareta karana deyak nam newe
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Podi Silva - පොඩි සිල්වා;22956678 said:
    SSH Tunneling කියන්නේ මොකද්ද බන්

    SockProxy_DIagram.png


    local kiyanne umbe gedara machima.
    remote kiyanne loke wena kohe hari tiyena ssh server ekak.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113
    රෝසි ආච්චි;22956747 said:
    meka lankawe wenna ba :yes: mun me thatiya rath wechcha welawe rotiya puchchaganna hadanne :lol: balapan playstore ehema gihin, reviews ehema galaagena enne :rofl: kohomath social media digatama block kaloth godak un munge premium buy karai. eketh chance ekata munta. nathuwa me apita adareta karana deyak nam newe

    ඒක හරි, බිස්නස්කාරයෝ කවද්ද අපිට ආදරේට ෆ්‍රී ට්‍රයල් දුන්නේ?

    ඒත් මේක ලංකාවේ එකක්ය කෙලින්ම VPN එකම TRC එකෙන් ගනීය කිව්වෙ, කොහොමද ලංකාවේ එකක් කියල දැනගත්තෙ කියනෙක තමයි ප්‍රශ්නෙ :eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    TOR ගැන පොඩ්ඩක් කියන්නකො. ඒකත් අවුල්ද?
    ++:cool::cool:
    Tor පට්ට. Tor use කරපං අවුලක් නැහැ free and sure.
    හැබැයි ඉතින් Slow.


    Tor නෙට්වර්ක් එක ඇතුලේ කනෙක්ෂන් එක encrypt වෙනවා .onion link වලට විතරක්. (ඒ වගේම anonymous වෙනව ඔයාගේ location එක)

    ඒ කියන්නේ https ඕන නැහැ .onion වෙබ්සයිට් වලට. https පාවිච්චි කරනවට ගොඩක් අතින් සමානයි .onion වෙබ්සයිට් එකකට යන එක. facebook එකටත් .onion link එකක් තියෙනවා.

    ඒක තමයි මේ ලින්ක් එක: https://facebookcorewwwi.onion


    https://blog.torproject.org/facebook-hidden-services-and-https-certs


    නමුත් Tor හරහා SSL (https://) නැති .onion domain එකකුත් නැති වෙබ් සයිට් වලට යනකොට Tor නෙට්වර්ක් එක මැද්දේ ඉන්න කෙනෙකුට පුළුවන් Transfer වෙන data බලන්න. (එළකිරි එකට ආවොත් Tor එකෙන් Risk එකක් තියෙනව ඒ වගේ, https:// නැති නිසා)




     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    1 month free lu ne?

    Math VPN service ekak denna one :rofl:

    Mama nam FB use karanne na. Man 2007-2012 wenakan okemai legge passe epa una.

    Den FB ekath a kale wage athi neda? Issara lokuwata pissu kelina un hitiye na. den wage pages tibbe na. Api run kara pages dekak thamath tiyenawa athi anik admin den engineer kenek utat welawak na run karanna.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    SSL තිබ්බා කියලා වැඩක් නැහැ
    ෆිශින් සයිට් එකක් හදනවා SSL නැතුව(හදන්න දෙයක් නැහැ සක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි තියෙන්නෙ) හදලා ෆේස්බුක් එක වෙනවුට ඒකට රීඩිරෙක්ට් කරනවා
    credentials ගැහුවම ඒ ටික සේව් කරගෙන ඇත්ත ෆේස්බුක් එකට රීඩිරෙක්ට් කරනවා
    එතකොට දෙවනි සැරේ ලොග් වෙනවා සැකයක් හිතන්නෙත් නැහැ ඔය ෆෝන් වලින් එහෙම යන එවුන් SSL සර්ටිෆකට් එක බලනව කියලා හිතනවද

    හැබැයි FB App එකෙන් යනකොට නම් මේ විදියට ගන්න අමාරුයි මොකද උන්ගෙ API එක SSL නිසා ඇප් එක අන්ට්‍රස්ටඩ් සර්ටිෆිකට් එකක් නම් ලොග් වෙන්න දෙන එකක් නැහැ(මොකද අපි ඇප් ඩිවලොප් කරනකොටත් මේක කරන නිසා)

    ඔය කියපු ටික කරන එක ලේසිමත් නැහැ දැනුම තියනවා නම් ඒ තරම් දෙයක් නෙමෙයි


    :yes:


    ඔයාගේ වචන ටික සාමාන්‍ය අනික් අයට තේරෙන භාසාවෙන්:



    VPN එක host කරන කෙනාට DNS server එකත් එයාම හොස්ට් කරලා (google DNS වගේ එයාගෙම එකක්) එයාගේ VPN එක පාවිච්චි කරලා යන මිනිස්සු facebook.com ගහල facebook සයිට් එක ඉල්ලුවහම VPN එක දෙන කෙනාට පුළුවන් එයාගේ වෙබ්සයිට් එකක් ෆේස්බුක් වගේ Display කරන්න.

    එතකොට ලොගින් පාස්වර්ඩ්ටික එකතු කරගන්නවා VPN එකේ අයිතිකාරය. මොකද අපි log වෙන්නේ Facebook කියල හිතාගෙන VPN කාරයාගේ සයිට් එකට නිසා.