ස්වයංජාත වී ඇට ටිකක් හම්බුනා
අමාරුවෙන් ස්වයංජාත වී ඇට ටිකක් හොයාගත්ත මචන් .

පැල උනොත් වටේටම බෙදල දාන්න පුලුවන් . ගෙදර හදාගෙන ගෙදරම උයාගෙන කනව .ආයෙ ආණ්ඩුවෙ ඇටේ එනකන් ඉන්නෙ නෑ 

පොඩි විස්තරයක් තියනව කැමති උන් කියෝල බලපන්
ඉතා දුර්ලභ වී වර්ගයක් වන ස්වයංජාත ඇල් හාල් නැමැත් වී වගාව ගැනයි මේ. කොළඹ මහ රෝහලේ සේවය කරන වෛද්‍ය වී.පී ගමගේ මහතාගේ ගෙවත්තේ මම කාලයක් වැඩ කළා. ඒ දවස්වල දොස්තර මහත්තයා තායිලන්තයෙන් ගෙනාපු වී ඇට තුනක් මට දුන්නා. මම ඒ වී ඇට තුන මල් පොච්චියක තවන් කළා. පැළ දෙකක් දොස්තර මහත්තයාගේ වත්තේ සිටව්වා. එක පැළයක් බලංගොඩ මගේ වත්තේ සිටෙව්වා. දොස්තර මහත්තයාගේ වත්තේ හිටවපු පැළ දෙක මැරුණා. මගේ පැළය හරි ගියා. ඒ අනුව ඒ පැළයෙන් සහල් කිලෝ හතක් පමණ හදා ගන්න පුළුවන් වුණා. මම ගමේ අයට ඒ වී වලින් ඇට බෙදා දුන්නා. ඉතිරි ටික නැවත වගා කළා. ඒ අනුව මේ වන විට මගේ ගෙවත්තේ ස්වයංජාත ඇල් හාල් ගස් දහසකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. දැන් ඒවා පීදෙන්නට පටන් අරන්.
මේවා කුඹුර්වල වගා කරන්න බැහැ. ගොඩ තමයි වගා කරන්නේ. එතරම් වතුර අවශ්‍ය නැහැ. මාස හයකින් පසුව අස්වැන්න ලබා ගැනීමට හැකි වී තිබෙනවා. පළම් අස්වැන්නේන් පසුව නැවත කීප අවස්ථාවක් අස්වැන්න නෙළීමට මේ වී වර්ගයෙන් හැකියාව තිබෙනවා.
මෙම සහල් වකුගඩු අමාරුවට දියවැඩියා රෝගයට හොඳයි කියලා ආයුර්වේද වෛද්‍යවරුන් කියනවා. අපි පත් කන විදියට මෙම වී වර්ගයේ බත් කන්න බැහැ. කුඩා ප්‍රමාණයක් ගත්තහම බඩ පිරෙනවා. අද පත් උයන්න ඕනිනම හාල් කලින් දවසේ පෙගෙන්න දාන්න ඕන.
මම කැවැතියි මේ වී වර්ගය ප්‍රදේශවෙ ගොවීන් අතර බෙදලා දෙන්. හැබැයි මෙය සතුන්ගෙන් හා වෙනත් සතුරු බලවේගවලින් බේරා ගන්න ඕනි. ඒ සඳහා රජය මැදිහත් වෙනවා නම ලොකු උද්ව්වක්. දැනටමත් රුපියල් දසදහසක් විතර වෙනවා කියලා දැනගන්නට ලැබී තිබෙනවා. වෙළෙඳ ආයතන කිහිපයක් මේ සහල් මගෙන් ඉල්ලා තිබෙනවා. මේ කටයුතු සඳහා මගේ බිරිඳ වන එම්.ඩබ්ලිව්. සුමනලතා මහත්මිය මහත් සේ උදව් කරනවා. මම රැකියාව වශයෙන් පෙදරේරුවෙක්. ඊට අමතරව තමයි මේ ගොවිතැන් කටයුතු සිදු කරන්නේ. මේ ස්වයාංජාත වී වර්ගය අඩි පහළොවකට ආසන්න උසින් යුක්තයි. ඒ වගේම එක පැළයකින් පැළ විස්සක් තිහක් පඳුරු ගහනවා. මේ වී වර්ගයේ ආම්භය බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වූ බවයි ඉතිහාස කතාවල සඳහන් වන්නේ.

Last edited: