ස්වයංජාත වී ඇට ටිකක් හම්බුනා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්වයංජාත වී ඇට ටිකක් හම්බුනා

    අමාරුවෙන් ස්වයංජාත වී ඇට ටිකක් හොයාගත්ත මචන් . :love::love::love: පැල උනොත් වටේටම බෙදල දාන්න පුලුවන් . ගෙදර හදාගෙන ගෙදරම උයාගෙන කනව .ආයෙ ආණ්ඩුවෙ ඇටේ එනකන් ඉන්නෙ නෑ :angry::angry::angry:

    පොඩි විස්තරයක් තියනව කැමති උන් කියෝල බලපන්



    ඉතා දුර්ලභ වී වර්ගයක් වන ස්වයංජාත ඇල් හාල් නැමැත් වී වගාව ගැනයි මේ. කොළඹ මහ රෝහලේ සේවය කරන වෛද්‍ය වී.පී ගමගේ මහතාගේ ගෙවත්තේ මම කාලයක් වැඩ කළා. ඒ දවස්වල දොස්තර මහත්තයා තායිලන්තයෙන් ගෙනාපු වී ඇට තුනක් මට දුන්නා. මම ඒ වී ඇට තුන මල් පොච්චියක තවන් කළා. පැළ දෙකක් දොස්තර මහත්තයාගේ වත්තේ සිටව්වා. එක පැළයක් බලංගොඩ මගේ වත්තේ සිටෙව්වා. ‍දොස්තර මහත්තයාගේ වත්තේ හිටවපු පැළ දෙක මැරුණා. මගේ පැළය හරි ගියා. ඒ අනුව ඒ පැළයෙන් සහල් කිලෝ හතක් පමණ හදා ගන්න පුළුවන් වුණා. මම ගමේ අයට ඒ වී වලින් ඇට බෙදා දුන්නා. ඉතිරි ටික නැවත වගා කළා. ඒ අනුව මේ වන විට මගේ ගෙවත්තේ ස්වයංජාත ඇල් හාල් ගස් දහසකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. දැන් ඒවා පීදෙන්නට පටන් අරන්.

    මේවා කුඹුර්වල වගා කරන්න බැහැ. ගොඩ තමයි වගා කරන්නේ. එතරම් වතුර අවශ්‍ය නැහැ. මාස හයකින් පසුව අස්වැන්න ලබා ගැනීමට හැකි වී තිබෙනවා. පළම් අස්වැන්නේන් පසුව නැවත කීප අවස්ථාවක් අස්වැන්න නෙළීමට මේ වී වර්ගයෙන් හැකියාව තිබෙනවා.
    මෙම සහල් වකුගඩු අමාරුවට දියවැඩියා රෝගයට හොඳයි කියලා ආයුර්වේද වෛද්‍යවරුන් කියනවා. අපි පත් කන විදියට මෙම වී වර්ගයේ බත් කන්න බැහැ. කුඩා ප්‍රමාණයක් ගත්තහම බඩ පිරෙනවා. අද පත් උයන්න ඕනිනම හාල් කලින් දවසේ පෙගෙන්න දාන්න ඕන.


    මම කැවැතියි මේ වී වර්ගය ප්‍රදේශවෙ ගොවීන් අතර බෙදලා දෙන්. හැබැයි මෙය සතුන්ගෙන් හා වෙනත් සතුරු බලවේගවලින් බේරා ගන්න ඕනි. ඒ සඳහා රජය මැදිහත් වෙනවා නම ලොකු උද්ව්වක්. දැනටමත් රුපියල් දසදහසක් විතර වෙනවා කියලා දැනගන්නට ලැබී තිබෙනවා. වෙළෙඳ ආයතන කිහිපයක් මේ සහල් මගෙන් ඉල්ලා තිබෙනවා. මේ කටයුතු සඳහා මගේ බිරිඳ වන එම්.ඩබ්ලිව්. සුමනලතා මහත්මිය මහත් සේ උදව් කරනවා. මම රැකියාව වශයෙන් පෙදරේරුවෙක්. ඊට අමතරව තමයි මේ ගොවිතැන් කටයුතු සිදු කරන්නේ. මේ ස්වයාංජාත වී වර්ගය අඩි පහළොවකට ආසන්න උසින් යුක්තයි. ඒ වගේම එක පැළයකින් පැළ විස්සක් තිහක් පඳුරු ගහනවා. මේ වී වර්ගයේ ආම්භය බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වූ බවයි ඉතිහාස කතාවල සඳහන් වන්නේ.
     
    Last edited:

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මම පැල කලා මචෝ නිකංම පැල උනා
    පැල ගොඩක් තියනවා
    වටේම වවන අයට මම නිකං දෙන්වා මට
    වැඩියි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඕව සෝගම්
    ඕව අප්‍රිකාවේ වවන්නේ හරක්ක්ට කන්න
    එක නිසා අවුලක් නෑ බෙදාගෙන කාපල්ලා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඕව සෝගම්
    ඕව අප්‍රිකාවේ වවන්නේ හරක්ක්ට කන්න
    එක නිසා අවුලක් නෑ බෙදාගෙන කාපල්ලා

    පුලුවන්නම් සිරිකොතටත් ටිකක් යවපල්ලා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම පැල කලා මචෝ නිකංම පැල උනා
    පැල ගොඩක් තියනවා
    වටේම වවන අයට මම නිකං දෙන්වා මට
    වැඩියි.

    උබ කාල බැලුවද . sorghum නම් නෙමෙයි කියල ශුවර් . මන් ගෙනාපු එක තනිකර වී කරල වගේමයි . ගස් දෙක නම් එකම වගේ :baffled::baffled:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕව සෝගම්
    ඕව අප්‍රිකාවේ වවන්නේ හරක්ක්ට කන්න
    එක නිසා අවුලක් නෑ බෙදාගෙන කාපල්ලා

    ow ban sougam

    irigu jathiyak
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වවල කන එක හොඳයි මචන්ල. ඒත් නොදන්න දෙයක් තමන්ගෙ ප්‍රධාන ආහාරෙ හැටියට ගන්න එක ටිකක අවුල් නේද (මේක ගැන විස්තරයක් කිරියෙ කවුරැවත් හරියට දන් නැ කියල reply වලින් පේන නිසා)