'The One' Colombo 1 sqft ලක්ෂ_7යි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,971
    113
    වර්ග අඩියක් ලක්ෂ 7 සිට ඉහළට – කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා “The One“

    The-One-Ritz-Carlton.jpg

    කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව එහි පාර්ශවකාර සමාගමක් වන The One Transworks (Pvt) Ltd හි ඇලෙක්ස් ලොවෙල් පවසයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    අක්කර 4.3 ක් පුරා විහිදුනු අති සුඛෝපභෝගී, සුපිරිතම ආගන්තුක සත්කාරයක් සහිත, අදහාගත නොහැකි පරිසරයක පිහිටි අපූර්වතම භෝජන අත්දැකීමක් ලබා දෙන කුළුණු තුනකින් සමන්විත සුපිරි තරු පහේ හෝටලයක්, අති සුඛෝපභෝගී සිල්ලර වෙළෙඳ සංකීර්ණයක්, ව්‍යාපාරික වාතාවරණයන්ට වඩාත් හොඳින් ගැලපෙන වාණිජ කාර්යාල සංකීර්ණයක් මෙන්ම ඉතාමත් අලංකාරව නිම වුණු සුපිරි නිවාස 638 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ද මගින් නාගරික සංවර්ධනයේ හැරවුම සනිටුහන් කරන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම වඩාත් අපේක්ෂා සහගත සංවර්ධන ව්‍යාපෘතියකි.

    ඩොලර් මිලියන 500 ක් ඉක්මවන ආයෝජනයක් වන මෙය සෘජුවම රැකියා 3,000 ක් පමණ උත්පාදනය කරනු ලබන බව ව්‍යාපෘති කොටස්කරුවන් පවසයි.

    The One ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එහි පළමු අදියරෙහි කටයුතු 2021 දෙසැම්බර් මස වන විට අවසන් වීමට නියමිතය.

    මෙම සංකීර්ණයේ ඉදිවන නිවාස වර්ග අඩි 1,700 සිට වර්ග අඩි 4,000 දක්වා ප්‍රමාණවලින් වන අතර ඒවා නිදන කාමර දෙකේ සිට හතර දක්වා තෝරා ගත හැකි මාදිලිවලින් යුක්ත ඒවා වේ. මෙම නිවාස අලෙවි කරන මිල වර්ග අඩියන් ඇමරිකානු ඩොලර් 4500 සිට වේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත් ලක්ෂය ඉක්මවනු ඇත.

    The One ව්‍යාපෘතියේ ඉදිකෙරෙන සුපිරි තරු පහේ හෝටලය කාමර 473 කින් යුක්ත වේ.

    IMG_4006.jpg

    adaderana-biz-logo.png
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඉතින් ඒ කාලේ අපේ මුත්තල, සීයල ඔය පැති වලින් කීය කීය හරි දීල ඉඩමක් අරන් දාල තිබුන නං :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔන්න ඉතින් ඒ කාලේ අපේ මුත්තල, සීයල ඔය පැති වලින් කීය කීය හරි දීල ඉඩමක් අරන් දාල තිබුන නං :no:

    කොලොම්පූර් නෙවෙයි කොහේ උනත් පාර දෙපැත්තෙ ඉඩම් අරන් දාල තිබ්බනම් පරම්පරා ගානකට ඇතිවෙන්ඩ හොයන්ඩ පුලුවන්..නුවරත් සමහර තැන්වල සල්ලි තිබ්බට ගන්ඩ ඉඩම් නෑ :(:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොලොම්පූර් නෙවෙයි කොහේ උනත් පාර දෙපැත්තෙ ඉඩම් අරන් දාල තිබ්බනම් පරම්පරා ගානකට ඇතිවෙන්ඩ හොයන්ඩ පුලුවන්..නුවරත් සමහර තැන්වල සල්ලි තිබ්බට ගන්ඩ ඉඩම් නෑ :(:baffled:
    ඔව් පාරවල් අයිනේ ඉඩන් නෑ බේතකටවත් හොයාගන්න :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔන්න ඉතින් ඒ කාලේ අපේ මුත්තල, සීයල ඔය පැති වලින් කීය කීය හරි දීල ඉඩමක් අරන් දාල තිබුන නං :no:
    ගමේ සීය කෙනෙක්ට කොලඹ කුරුදු වත්තෙ අක්කරයක් තිබිල. ගොන් කරත්තෙන් යන්න දුර නිසා විකුනල දාල රුපියල් 50 කට. 1930 ගණන් වල...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝරිසාදයා;22987301 said:
    ගමේ සීය කෙනෙක්ට කොලඹ කුරුදු වත්තෙ අක්කරයක් තිබිල. ගොන් කරත්තෙන් යන්න දුර නිසා විකුනල දාල රුපියල් 50 කට. 1930 ගණන් වල...
    ඒ කාලේ නිකන් වී ගෝනියට ගොන් බානට හිලව්වට ඉඩන් හුවමාරු වෙන්න ඇති. කවුද දන්නේ මෙහෙම වෙයි කියල.

    දැන් උනත් තියෙන ඉඩන් මලාට විකුනන්න හොඳ නෑ :yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඒ කාලේ නිකන් වී ගෝනියට ගොන් බානට හිලව්වට ඉඩන් හුවමාරු වෙන්න ඇති. කවුද දන්නේ මෙහෙම වෙයි කියල.

    දැන් උනත් තියෙන ඉඩන් මලාට විකුනන්න හොඳ නෑ :yes:

    ඔව් බන්. දඩ මස් ගාතෙකට අක්කර 4.x ගානක ඉඩමක් දීල තිබ්බ. :baffled: 70s වල. අපේ ආතෙක් ට :rofl::rofl: