පාරවල් 100

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ දැඩිව කළකිරුණු එජාප ඇමති පාරවල් 100ක වැඩ වහා නවතා දමයි​


    16427686_1333712286649581_2067024164467403306_n.jpg


    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුනෑගල දිස්ත්‍රික්කයේ ලද ප්‍රතිඵලය පිළිබඳ ඇතිවූ කළකිරීම නිසා මෙම වසර තුළ සෑදිමට ඇස්තමේන්තුගත කළ මහාමාර්ග 100ක පමණ වැඩ අවලංගු කළ බව ප්‍රහාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

    ‘‘කුරුණෑගල මැතිවරණ කොට්ඨාශේ කෝටි 500ක සංවර්ධන කටයුතු වෙනවා.ලක්ෂ පනස්දාහක.මං හිතන්නේ ඉතිහාසේ පළවෙනි වතාවට ලක්ෂ පනස්දාහක වැඩකටයුතු සිද්ධවෙන්නේ කුරුණෑගල ආසනය තුළ.ඉතිං එහෙම තියෙද්දි පසුගියදා ජනතාව අපිට කළගුණ සලකපු හැටි හොඳම දැක්කා.හැබැයි නගරේ ජනතාව නම් එහෙම නෑ.

    නමුත් ප්‍රතිඵලය බලපුවාම අපිට සන්තෝස වෙන්න විදියක් නෑ . අපිට කළකරිම තමයි තිබෙන්නේ.මම පාරවල් 100ක් හදන්න ඇස්තමේන්තු කරලා තිබුණා මේ අවුරුද්දේ හදන්න. ඒ පාරවල් 100ම මං කැන්සල් කළා අලුතෙන් ආපු මන්ත්‍රීවරුන්ට කියලා පුලුවන් නම් කරගන්න කියලා
    ‘‘
    :sorry::sorry:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :lol::lol::lol::lol::lol::lol: අලුතෙන් ආපු මන්ත්‍රීවරුන්ට කියලා පුලුවන් නම් කරගන්න :lol::lol::lol:

    moda pakek
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කතාව සාදාරනයි.. මුන්ට මම ඕවා කරනකොට ගෙදරට ගිහින් කිව්වා, ප්‍රතිපාදනේ ලක්ෂ 5ක් නම් 4ක මාකටින් දාලා 1ක වැඩ කරපන් කියලා. ඇහුවේ නැනේ.. ඉතින් මිනිස්සු දන්නේ නැ කරපුවා. කටවුට් පොස්ටර දෙක තුනක් ගහලා කොහෙද බන් ලංකාවේ මිනිස්සු අතරට යන්නේ.. සමෘද්දිය වගේ දෙන්න ඕනා. බෙදන එකාට ලක්ෂ 5යි.. සමෘද්දීලාබියෝන්ට බෙදන්නෙම ලක්ෂ 2යි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,948
    67,208
    113
    Ara duminda silva sahanadara bednawa wagene denn one.ethakota tamai minissu denganne.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතාව සාදාරනයි.. මුන්ට මම ඕවා කරනකොට ගෙදරට ගිහින් කිව්වා, ප්‍රතිපාදනේ ලක්ෂ 5ක් නම් 4ක මාකටින් දාලා 1ක වැඩ කරපන් කියලා. ඇහුවේ නැනේ.. ඉතින් මිනිස්සු දන්නේ නැ කරපුවා. කටවුට් පොස්ටර දෙක තුනක් ගහලා කොහෙද බන් ලංකාවේ මිනිස්සු අතරට යන්නේ.. සමෘද්දිය වගේ දෙන්න ඕනා. බෙදන එකාට ලක්ෂ 5යි.. සමෘද්දීලාබියෝන්ට බෙදන්නෙම ලක්ෂ 2යි..

    පලයන් ගොබිලෝ පව් නොදී..... මේ අවුරුදු 3 ට රටට කෙලවිලා තියෙන්නේ නන්නත්තාර වෙන්න ආර්ථික සැලැස්මක් නැති කමින්..... ඒවට තමයි මිනිස්සු සාධාරනේ ඉෂ්ඨ කරල තියෙන්නේ....
    27331660_2034448563478015_2295064425424664757_n.png