මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ දැඩිව කළකිරුණු එජාප ඇමති පාරවල් 100ක වැඩ වහා නවතා දමයි
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුනෑගල දිස්ත්‍රික්කයේ ලද ප්‍රතිඵලය පිළිබඳ ඇතිවූ කළකිරීම නිසා මෙම වසර තුළ සෑදිමට ඇස්තමේන්තුගත කළ මහාමාර්ග 100ක පමණ වැඩ අවලංගු කළ බව ප්රහාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
‘‘කුරුණෑගල මැතිවරණ කොට්ඨාශේ කෝටි 500ක සංවර්ධන කටයුතු වෙනවා.ලක්ෂ පනස්දාහක.මං හිතන්නේ ඉතිහාසේ පළවෙනි වතාවට ලක්ෂ පනස්දාහක වැඩකටයුතු සිද්ධවෙන්නේ කුරුණෑගල ආසනය තුළ.ඉතිං එහෙම තියෙද්දි පසුගියදා ජනතාව අපිට කළගුණ සලකපු හැටි හොඳම දැක්කා.හැබැයි නගරේ ජනතාව නම් එහෙම නෑ.
නමුත් ප්‍රතිඵලය බලපුවාම අපිට සන්තෝස වෙන්න විදියක් නෑ . අපිට කළකරිම තමයි තිබෙන්නේ.මම පාරවල් 100ක් හදන්න ඇස්තමේන්තු කරලා තිබුණා මේ අවුරුද්දේ හදන්න. ඒ පාරවල් 100ම මං කැන්සල් කළා අලුතෙන් ආපු මන්ත්‍රීවරුන්ට කියලා පුලුවන් නම් කරගන්න කියලා‘‘

Last edited:

