විශාදය 2 - මානසික විසදුම් 6 ක්
මුලින්ම මගෙ කලින් ත්‍රෙඩ් එකට comment කරපු වගේම, මට ස්තූති කරලා PM කල අයටත් බොහෝම ස්තූතියි.
විශාදය පළමුවන පෝස්ට් එක බලපු නැති අය මෙතනින් බලන්න..
විශාදය - බලපාන ප්‍රධානතම කරුනු 6
මානසික රෝග පිලිබදව මම දාන ත්‍රෙඩ් ඔක්කොම #psychiatry dd කියන ටැග් එකෙන් බලන්න..
අද පෝස්ට් එකේ මම කත කරන්නේ අපි කොහොමද විශාදය පාලනය කරන්නේ කියල. අපි දන්නවා විශාදයට අපි බෙහෙත් වර්ග දෙනව, මම එවා ගැන්, බෙහෙත් කොතරම් දුරට බලපානවද කියන එක වෙනම පෝස්ට් එකකින් කතාකරන්නම්.
අද අපි බලමු අපි කොහොමද මෙයට එරෙහිව මනස හදාගන්නේ කියල ප්‍රධාන කරුනු 6ක් යටතේ.
විශාදයට එරෙහිව සටන් කිරීම උන හෙම්බිරිස්සාවක් සනීප කරනවා වගෙ පහසු දෙයක් නෙවේයි. අපි කියනවා වගෙ පහසු නැහැ විශාදය සමග සටන් කිරීම, කිරියේ ඉන්න මෙ තත්වයට මුහුන දුන්න අයට එක හොදට තේරෙනව ඇති. විශේෂයෙන් ලංකාව වගෙ රටක මිනිසුන් මානසික රෝග වලින් පෙලෙන්නන් ගැන හිතන, බලන විදිහ එක්ක එයින් ගොඩ ඒම ඉතා අසීරු දෙයක්.
අපි කාගෙන් ඇහුවත් අපි කියන්නේ "ඕක ඉතින් මහ ලෙඩක් නෙවේනේ, තමන්ම හිත හදාගෙන ගොඩ එන්න ඔනේ" කියලා තමයි. හැබැයි කවුරුත් ඒක කරන විදිහ කියන්නේ නැහැ.
මම මේ පෝස්ට් එකෙන් ඒ විදිහට මානසික තත්වය පුහුනු කරන විදිය ගැන මූලික කරුනු 6ක් යටතේ කතා කරනවා. පහසු නැහැ, නමුත් අමාරුවෙන් හෝ පුහුනු කරන්න උත්සහ කරන්න.
මේ සිතුවිලි විශාදය ඇත්තන් පමනක් නෙවේ, සෑම කෙනෙක්ම පුහුනු කරන්න. විශාදයෙන් බේරීමට එක උපයෝගී වේවි.
1. තමන් තමාටම වෛර කරගැනීම විසදුමක් නොවේ.
විශාදය මගින් අපගේ මොලය හුරු කරනවා අපටම වෛර කරගන්නට. ඒ අපට ආත්ම විශ්වසය නැති කිරීමෙන් හා අසීමිත නරක සිතුවිලි ඇති කිරීමෙන්.
ඔබට සතුටු වන්නට, හොද දෙවල් වන්නට උරුම නැහැ කියා ඔබ සිතන්නට ගන්නවා. ඒ නිසා තමන්ට නරකමයි සිදුවන්නේ කියන බීජය තමන්ම රෝපනය කරගන්නවා. ඔබ ඔබගේ හිත හදාගන්න උත්සහ කරනවා, "කරන්න දෙයක් නැහැ මේ මගෙ ලැබීම" කියලා.
එසේනම් මෙයට විසදුම කුමක්ද?? විසදුමනම් වෙන කාටත් ආදරය කිරීමට පෙර තමන් තමන්ට ආදරේ කරන්න,
මේ දේ එක රැයෙන් කරන්න බැරි බව ඇත්ත. නමුත් අපිට පුහුනු කරන්න පුලුවන්.
හැම දිනයකම තමන් ගැන තමාගේ හිතින්ම අගය කරගන්න වෙලවක් දාගන්න. සමහරවිට තමන් ජීවිතේ වැරදි කරල ඇති. ඒ නිසා කලකිරීමක් ඇති. නමුත් කලකිරීම විසදුමක් නොවේයි.
තමන්, තමන් ගැන කැමති එක ගුනාන්ගයක් අදුරගන්න. (උදාහරනයක් ගමු - තමන් කැමතියි කියල හිතමු මිනිසුන්ට උදව් කරන්න, එහෙනම් ඒ ගුනය ගැන හිතන්න.) මම මෙන්න මෙහෙම කෙනෙක් කියන දේ හිතන්න. කෙටියෙන් කිව්වොත් තමුන්ගේ හොද අදුරගන්න. ඒ අතරම ඔබ ජීවිතයේ ලබා තියෙන සාර්ථකත්වයන් ගැන හිතන්න.(මහ ලොකු දෙවල් නෙවේයි.) මෙයට දවසේ පොඩි වෙලවක් වැය කලාට කමක් නැ.
කෙටිම අදහස නම් තමුන් කවුද කියල අදුරගන්න. වර්තමාන තමන් අදුනා නොගෙන අනාගතේ ගැන සිතන්න අපිට අමාරුයි නේද?
2. පරිපූර්නත්වයට පෙර ප්‍රගතිය ගැන සිතන්න.
අපි කතාවට කියන දෙයක් තමයි "No one is perfect - කිසිම කෙනෙක් පරිපූර්න නැහැ" කියන දෙය. නමුත් අපි හැමෝම හදන්නේ පරිපූර්න වෙන්න.
නමුත් හිතන්න, ජීවිතයෙ ප්‍රගතියක් නොලබා එක පාරම අපිට පුලුවන්ද පරිපූර්න වෙන්න. බෑ. පරිපූර්නත්වය කියන්නේ ප්‍රගතීන් කිහිපයක එකතුවක්.
පරිපූර්නත්වය කරා එක වරම යන්නට ගොස්, අප එක් මොහොතක අසාර්තක වුවහොත්, අපිට කොතරම් පීඩනයක් ඇති වනවාද? අප නැවතත් හිටපු තැනටම එනවා. අවසානයේ හිටපු තැනිනුත් පහලට ගොස් විශාදය වැනි තත්වයකට මුහුන දීමට සිදු වෙන්වා.
ඉතින් ඒ කියන්නේ පරිපූර්න වෙන්න උත්සය කරන්න එපා කියලද? නෑ...
හිතන්න ඔබට පඩිපෙල් 1000ක් නගින්න තියනවා. ඔබ එකවරම මේ පඩි 1000 නගින්න හැදුවොත් පුලුවන්ද? නමුත් හිතන්න ඔබ පඩි 100ක් මුලින් නගිනවා, එතන පොඩ්ඩක් විවේක ගන්න, එ විදිහට පඩි 100 ගානෙ පඩි 1000 නගින්න. ඔන්න අපි පොඩි පොඩි කඩඉම් තියගෙන ප්‍රගතියක් ලැබුවා. දැන් පඩි 1000 නැග්ගහම ඔබ දකිනවා තවත් පඩි 1000 තිබෙනවා. නමුත් ඔබ දැන් කලබල වෙන්නේ නැහැ. මොකද ඔබ දැන් ක්‍රමය අදුරගෙන තියෙන්නේ. ඔන්න පරිපූර්නත්වයක් කර යන්නට ඔබ දැන් සූදානම්.
ඔබ එක් අවස්තාවක තබාගන්නා ඉලක්කය ඔබගේ ජීවිතයේ අවසාන ඉලක්කය නොවේ. එය ඒ අවස්තවට ඔබට ගැලපෙන දෙයයි. නමුත් ඒ ඉලක්කයට එකවරම ඔබ ලගා වෙන්නට උත්සහ කලොත් ඔබ මගදීම නවතිනු ඇත, ඉලක්කයට ලග වුවද එතනින් එහට හිතන්නට බැරි තරමටම ඔබ හෙම්බත් වෙලා.
එනම් මේ ඉලක්ක අතර කඩඉම් තබාගන්න.
දැන් බලමු කඩයිම් තබාගැනීම මානසිකව බලපාන හැටි.
ඔබ එක් ඉලක්කයකට කඩඉම් 10ක් තබා ගත්තා යැයි සිතන්න. ඔබ කඩඉමෙන් කඩඉම සාර්තකව ලගාවෙවී යන්වා, හිතන්න 5 වන කඩඉම ඔබ අසාර්තක වෙන්ව,, නමුත් ඔබට දුකක් ඇතිවෙන්නේ නැහැ, මොකද ඔබ කඩඉම් 4ක් අවසන්, දැන් පටන්ගන්න තියෙන්නේ ඔබට එ අසර්තක උන කඩඉමෙ සිට, මුල ඉදන් සිට නොවේ. මෙ ආකාරයට ඔබට මානසිකව ඇතිවන ආතතිය අඩු වෙන්වා.
එහෙනම් මේ ක්‍රමය පුහුනු කර බලන්න, ජීවිත්යේ කුඩාම ඉලක්ක වලදී පවා.
3. ඔබට ආදරය, සෙනෙහස ලැබිය යුතු බව සිහියේ තබාගන්න.
අපි මානසික රෝගී තත්ව වලින් පෙලෙන විට අපි වැඩියෙන් ආදරය, සෙනෙහස බලාපොරොත්තු වෙනවා, නමුත් අපිට ඔවුන්ගෙන් ලැබෙන ආදරය, සෙනෙහසෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ, නමුත් ඔවුන් වැඩිපුර ආදරය දක්වන විට අප සිතන්නේ ඔවුන් අපට අනුකම්පා කරනවා කියයි, එයටද අප කැමති නැහැ.
අවසානයේ සිදුවන්නේ අපි ඔවුන්ව ඉවතට තල්ලු කර දැමීමයි, දැන් අපිට තව තවත් පාලුව තනිකම දැනෙනවා.
නමුත් සෑමවිටම සිතන්න, අපට ආදරය, සෙනෙහස අවශ්‍යයි, අපට තනියම ජීවත් වෙන්නට බැහැ. නමුත් අධික ආදරය, සෙනෙහසක් බලාපොරොත්තු නොවන්නට හිත පුහුනු කරගන්න.
4. ක්ෂනික හැගීම් නොසලක හරින්න එපා.
අපි ජීවත් වන කාර්යබහුල සමාජ තත්වයත් එක්කම අපි අපගේ හිතට එක සමහර පොඩි සිතුවිලි අමතක කර දමනවා.නමුත් ඔබ නොදැනුවත්වම මෙම සිතුවිලි අපගේ යටිසිතෙහි (Subconscious mind) තැන්පත් වනවා. කාලයක් තිස්සේ මේ විදිහට නොසලක හරින සිතුවිලි තැන්පත් වෙල අපට දරාගන්නට බැරි මට්ටමේ සිතුවිල්ලක් බවට මෙය පත් වෙන්න පුලුවන්.
උදාහරනයක් විදිහට, ඔබට දැනෙන වෛරය, තරහව, සැකය, තනිකම මෙ දෙවල් කාලයක් තිස්සේ යටිසිතෙහි වැඩෙන්නට පුලුවන්. නමුත් අපිට මේ හැගීම් ඇතිවන මොහොතෙම අපි එයට පිලියම් සෙව්වොත් අපිට එය විසදගැනීම ඉතම පහසු වෙන්වා. අපි කතාවට කියනවනේ "නියපොතෙන් කඩන්න පුලුවන් දේ පොරොවෙන් කපන්න තියන්න එපා" කියල.
5. තමන්ව අන්යන් සමග සන්සන්දනය කිරීම නවතන්න.
අපි ගොඩක් වෙලාවට අපේ සාර්ථකත්වය මනින්නේ වෙනත් අය සමග සංසන්දනය කරලා.
වෙනත් අයෙකුට සාපෙක්ශව තමුන් සාර්ථකයි කිය සංසන්දනය කරන්නටත් පුලුවන්, නැතිනම් තමුන් අසාර්ථකයි කියල සිතන්නත් පුලුවන්. නමුත් මේ දෙවිදිහම තමන්ට හොදක් නම් කරන්නේ නැහැ.
උදාහරන කීපයක් බලමු...
මුලින් තමන් සාර්තකයි කියල මුල කරගන්න අවස්තා දෙකක් බලමු.
1. හිතන්න තමුන් තමුන්ගේ බිරිද/ සැමියා සමග නිතරම රන්ඩු වෙන්වා, ගහගන්නවා, නමුත් ඔබ ඔබව සසදනවා ඔබගේ දික්කසාද වූ මිත්‍රය සමග "මොක උනත් අපි උන් වගෙ උනේ නැ, අපි එකට ඉන්නවනේ" කියල.
2. තමන් විභාගෙකට මුහුන දීල ඔබ විශයන් දෙකක් අසමත් වෙන්වා, නමුත් ඔබ බලනව ඔබගේ අම්මා නිතරම "අරකා වගෙ වෙන්න" කියලා තමන්ට ආදර්ශෙට ගන්න කියන ඔබට වඩා දක්ශ යැයි ඔබ සිත සිටින, අල්ලපු ගෙදර කොල්ලාගෙ ප්‍රතිපල ඔබ බලනවා, වෙලවට ඔහු එකක් අසමත්... ඉතින් ඔබ කුමක්ද සිතන්නේ??? අර අච්චර දක්ශ අල්ලපු ගෙදර එකත් එකක් ෆේල්, මම ඌට වඩ තව එකනෙ ෆේල්, ඉතින් මොකො වෙන්නේ..
දැන් බලමු තමන් අසාර්තකයි කියල සිතන.
1. හිතන්න තමුන් අල්ලපු වත්තේ තියෙන තට්ටු දෙකේ ගෙදරත්, බෙන්Z කාර් එක දිහ බලලා හිතන්ව, අපිට කවද ඔහොම වෙන්න ලැබෙයිද?, අපි කොච්චර අසාර්තකයිද?
2. ඒ වගෙම ඒ බෙන්Z කාර් එකක් තියගෙන තට්ටු දෙකෙ ඉන්න පුද්ගලයා ඔබ දිහ බලලා හිතන්ව " අරුන්ගේ ලමයි කොච්චර හොදයිද, හොදට ඉගෙනගන්නවා, අපෙ එව්වො හදාගන්න බැරි උනානෙ ඔය වගේ".
ඔන්න ඔය විදිහට මෙ සංසන්දනය චක්‍රයක් වගේ. ඔබ සාර්ථකයි කිය දකින පුද්ගලයම, ඔබව ඔහුට වඩා සාර්තක කෙනෙකු විදිහට දකිනවා.
එහෙනම් මේ සාර්තකත්වය තමාට පොදු දෙයක් කරගන්න, තමාගෙ මට්ටමෙ හැටියට සාර්තකත්වය හදාගන්න, තමාගේ ඉලක්ක තමා නිර්මානය කරගන්න, එමගින් තමන්ට හිමි, තමන්ගේ සාර්තකත්වයක් කරා ලගාවන්න, එයින් සතුටු වන්න. සාර්තකත්වය සාපෙක්ෂව සසදන්න ගන්නා මොහොතේ පටන් දැනෙන්නේ දුකක්, ආතතියක් පමනයි.
6. ඔබ ගැන නරකට වඩා හොද තිබෙනවා. එය දකින්න.
අපි පලමු කරුනෙන් කතා කල ඔබගේ හොද දකින්න කියල, මෙතනදී අපි කරන්නේ ඔබ තුල නරකට වඩා හොද තිබෙනවා කියන දේ හදුනාගැනීමයි. ඔබ කරනා වරදවල් කිහිපයකින් ඔබව අර්ථ දැක්වෙන්නෙ නැහැ. තමන් තුල නරකට වඩා හොද දැකීම විශාදයෙන් ගොඩ ඒමට මහත් සේ ඉවහල් වෙන්වා.
අදට එපමනයි. මානසික රෝග වලින් ගොඩ ආපු අය ඕනෑ තරම් අති මේකෙ. ඒ අයගෙ අත්දැකීම් හා අදහස් එකතු කරන්වන්ම් ගොඩාක් හොදයි.
මෙකට ලැබෙන කොමෙන්ට් අනුව ඊලග පොස්ට් එක දාන්නම්, මගේ ඊලග පොස්ට් එකෙන් මම විශාදයෙන් ශරීරයට ඇතිවන බලපෑමත්, වෙනත් රෝග විශාදය ඇතිවීමට බලපාන ආකාරයත් ගැන කතා කරනවා. (My next thread - විශාදය 3 - ශරීරයට බලපෑම.)
හොදනම් රෙප් එකක් දීල යන්න.
ස්තූතියි... සුබ දවසක්
Sources - Ideapod, WebMD, AmericanPsychiatryjournal

My Previous threads
විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6.
ව්‍යායාම තුලින් මානසික සුවය.....
EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))
Mental Illnesses - Don't GiveUP... Be strong.
මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).
10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.
STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම.