මම බන් ලයිසන් ගන්න යන්න හැදුවේ මේ මාසේ ඒක මට හිතුන නිසයි යන්න හැදුවේ කොහොම හරි ඊයේ මට තාත්තා කිව්වා ලයිසන් ගන්න යන්න කියලා, අද අයියාත් කිව්වා, මේකයි සීන් එක මට දැන් එහෙම යන්න කියපු නිසා යන්න හිතෙන්නෙ නෑ මට ඒක නිකන් මදි පුංචි කමක් කියලා හිතෙන්නේ , එයාලා දැනන් හිටියේ නෑ මම යන්න හිටියේ කියලා, දැන් මට යන්න ඕනි කමක් තිබ්බත් යන්න හිතෙන්නෑ මට හිතෙනවා එතකොට ඒගොල්ලෝ හිතයි කියලා ඒගොල්ලෝ ගහන ගහන පදේට මම නටනවා කියලා, මට ඉස්සර ඉඳලම මේ සීන් එක තිබ්බා අම්මා තාත්තා වුණත් තෝරපු ඇදුිම මම ගත්තේ නෑ, එයලා මාව ක්ලාස් වලට දාන්න හදනකොට මම ගියේ වෙන ක්ලාස් වලට, මට කවුරු හරි කියන දේකට අවනත වෙන්න වෙනවා කියන්නේ ඒක වහකනවා වගේ වැඩක්, ඇයි බන් ඒ?


