හැමෝම බැදුන්කර හොරු, මන්ත්‍රීලාගේ හොර මැර ගැන කථා කලාට රාජ්‍ය නිළදාරින් නිත්‍යානූකූල විධියට හොරා කන ලංකාවේ අපේ බදු සල්ලි ගැන කථා කරන් නෑනේ. රාජ්‍ය ආයතන වල වයස මත තමයි නිළධාරින් ඉහල පුටු වලට යන්නේ. හැමෝටම අධ්‍යාපන සුදුසුකම් තිබුණට පරිපාලන හැකියාව, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව නෑ. ඒ නිසා මහා පරිමාණ ව්‍යාපෘති වලදී විශාල ජාතික ධනස්කන්දයක් දුර්වල තීරණ නිසා විනාශවෙනවා. මේ කියන්නේ හොරා කෑම නිසා නොවෙයි නිළධාරින්ගේ දුර්වල කළමණාකරණය නිසා.
හොරා කෑම ගත්තොත් ඔය ටෙන්ඩර් වලින් ගේන බඩු වලින් සීයයට කීයක් හරියට ප්‍රයෝජනයට ගන්නවද? ටෙන්ඩර් පටිපාටිය හරියට තිතට යනවා ඒත් ගේන බඩු වැඩක් නෑ. වෛද්‍ය සැපයුම් ගත්තොත් කල් ඉකුත්වීම නිසා හෝ නියමිත තත්වයට නැති නිසා කෝටි කීයක බේත් විනාශ කරනවද?
විදුලිබල මණ්ඩලයේ දැන් පවතින එක් වෘත්තීය සමිතියක අකුරට වැඩ ගැන කවුද හරියට දන්නේ? ඔය පිටට පේන ඉල්ලීමමද යටින් ඉල්ලන්නේ? නෑ.
PUCSL එක විදුලිබල මණ්ඩලයට ඕන හැටියට පාලනය කර ගැනීම තමයි ඔය වෘත්තීය ක්‍රියා මාර්ගයේ අරමුණ. හැම අතින්ම විනාශ වන්නේ අපේ බදු සල්ලි.