සුද්දන් සමූලඝාතනය කල පෙල පොතෙන් සැඟවූ යු&#3503

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    සුද්දන් සමූලඝාතනය කල පෙල පොතෙන් සැඟවූ යු&#3503

    සුවිශේෂී යුධ ජයග්‍රහනයක අමතක වූ සැමරුමක්---215 වන සමරුව​

    1803 පෙබරවාරි මාසයේදී මහනුවර අල්ලා ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදාවන්ට නගරය​,කඩවත් සතර සහ ගඟවට කෝරලය අත්පත් කරගැනීමට උපක්‍රමශීලී ලෙස ඉඩ දී,ඔවුන් පලවා හැරීමේ ජනතා සංග්‍රාමය අපේ හමුදාවන් විසින් දිනා ගෙන බ්‍රිතාන්‍ය හමුදා සුදු කොඩි ඔසවා යටත් වූ බව බොහෝ දෙනකු නොදන්නේ එම පරාජය අපගේ ඉතිහාසය ඉගෙනගන්නා පාසල් පොත්වලට ඇතුලත් නොකර සිටීමට බ්‍රිතාන්‍ය පාලකයන් ඉතා සූක්ශම ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
    මහනුවර නගරය අත් පත් කර ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදා සමග මුහුනට මුහුන දී සටන් කරනු වෙනුවට ඔවුන් ප්රයෝගයෙන් ඉදිරියට ඒමට සලස්වා පසුව තමනට අභිරුචි අවස්ස්ථාවකදී පහරදී පරාජය කිරීමේ යුධ සැලැස්ම සකස් කර තිබෙන්නේ පිලිමතලාවේ මහ අධිකාරම් තුමා සහ ඇහැලේපොල දෙවැනි අධිකාරම් තුමා විසිනි.බ්‍රිතාන්‍ය ආක්‍රමනය ඉදිරියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා යාම මීට හේතුව විය​.ආක්‍රමනික බ්‍රිතාන්‍ය හමුදාවට කිසිදු පැහැදිලි සතුරු ක්‍රියාවක නිරත නොවී ඔවුන් රැවටූ පිලිමතලාවේ අධිකාරම් තුමා බ්‍රිතන්‍ය හමුදා ප්‍රධානියා සමඟ සාකඡ්ඡා පැවැත්වීම සඳහා ඇහැලේ පොල අධිකාරම් යෙදවීය​.මේ ක්‍රියාව සිංහල හමුදාවන්වල දුර්වලතාවයක් ලෙස හුවා දැක්වීමට මේ දෙපල සමත්වූ නිසා බ්‍රිතාන්‍ය හමුදාවඞෙන් කොටසක් ඉවත්කර ගැනීමට පවා ආන්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

    නමුත්,අප්‍රේල් මස තද වර්ශා සමයත් සමගින් කුඩා කන්ඩායම් ලෙසින් පැමිනි සිංහල ගරිල්ලා කන්ඩායම් අතරමගදී හමුවන සුදු ජාතිකයන් සහ ඔවුඞේ කුලී සෙබලුන් ඝාතනයට ලක් කරමින් පීඩනයක් ඇති කිරීම මේ ජනතා සටනේ මූලික වැඩ කොටස විය​. මෙසේ මානසිකව දුර්වල වී සිටි ආක්‍රමනික හමුදා සෙබලුන් වැසි සමයත් සමගින් අසනීපයන්ටත් ගොදුරු වෙමින් කායිකවද දුර්වල වී තිබේ.බ්‍රිතාන්‍ය හමුදා පැමිනීමට ප්‍රඨමයෙන් නිවෙස් වල වහ​ලවල් ඉවත්කර​,පලතුරු ගස් හැර සියලු ආහාර භෝග විනාශ කර නගරය​,ගඞවට කෝරලය සහ කඩවත් හතර උප්ක්‍රමශීලීලෙස අත් හැර ගිය ජනතාව 1803 ජූනි මස 23 දින​,වැසිබර හවස් යාමයේදී එක්වරම යලි තම නිවෙස් කරා පැමිනෙන අයුරු දුටු බ්‍රිතාන්‍ය හමුදාවේ මහනුවර අනදෙන නිලධාරී මේජර් ඩේවි (Major Davy) තැතිගත් අතර ඔහු තම කාර්‍ය සටහන් වල ලියා තිබෙන්නේ "යක්ශයාගේ හෝරාව එලඹෙන"(The devils hour is approaching) බවය​.ඔහු සිතූ පරිදිම එදින අඳුර වැටීමත් සමගින් ගරිල්ලා ඒකක හෙවත් කුඩා කන්ඩායම් තම මෙහෙයුම් තීව්‍ර කල අතර රාට්‍රියේදී ප්‍රධාන පාබල හමුදාව බ්‍රිතාන්‍ය හමුදා සමග සටන් බිමට එලඹී තිබේ.පසුදින​,එනම් ජූනි 24 වන දින මධ්‍යයනය වන විට තවදුරටත් සටන් කල නොහැකි බව තේරුම්ගත් බ්‍රිතාන්‍ය හමුදාවන් එදින ප.ව. 3.00 පමන මහනුවර නගරයේදී සුදු කොඩි ඔසවා අපේ හමුදාවන්ට යටත් වී තිබේ.

    යටත්වූ සතුරන්ට ගෞරවාන්විතව සලකා තිබෙන අපේ හමුදා ඔවුන් සතු බඩුබාහිරාදිය රැගෙන 26 දින උදයේදී කටුගස්තොට පරනගංතොටින් මහවැලි නදියෙන් අනිත් පසට ගොස් ආපසු යාඅමට අවසර දී තිබේ.නමුත්,26 උදේ කාරලයේදී එක්වූ බ්‍රිතාන්‍ය හමුදා කන්ඩායම සිංහල හමුදාවන්ට ප්‍රති-ප්‍රහාරයක් සැලසුම් කල නමුත්,එවැනි තත්වයක් බලාපොරොත්තුවෙන් සැඞවී සිටි හමුදා ඛන්ඩයන් අතින් ඔවුන් විනාශ වී බ්‍රිතාන්‍ය හමුදා නායක මේජර් ඩේවි,ඒ අසල තිබූ බෝ ගසක බෙනයක සැඟවී දිවිබේරාගෙන තිබේ.මහනුවර මහ නගර සභාව විසින් 1906 දී මේ බෝගස ඩාවිගේ බෝ ගස ලෙසින් සහ ඒ අසල මාර්ගය ඩේවි පාර(Davy Road) (වර්තමානයේදී වැරදීමකින් දේවි පාර ලෙස හඳුන්වන පාර​) සහ මේ බෝගසට නුදුරින් බ්‍රිතාන්‍ය හමුදා සමූලඝාතනය වූ (massacred) ස්ථානය​ ලෙස දක්වන ගල්-පුවරුවක් සවි කිරීමටද කටයුතු කර තිබේ.මෙම සටන්වල අවසන් සටන සිදුවූ තැන කුඩා කඳු ගැටයක් මත තිබූ බෝගස තවමත් පවතින අතර අතීත වාර්තා සටහනකින් ලබාගත් එම ගසේ රුවක්( Etching) සහ මීට වසර කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක්ද මේ සමඟ දක්වා තිබේ.
    මේ වටිනා සමරු වෘක්ශය පරිසර අමාත්‍යාංශය විසින් පල කල සමරු වෘක්ශ ග්‍රන්ථයේ දක්වා තිබේ.
    මේ ජනතා සටන නිසාවූ ආසන්නම ප්‍රතිඵලය නම්,ආක්‍රමනයෙන් නොවෙ ප්‍රයෝගයෙන් අප රට යටත් කලයුතු බව බ්‍රිතාන්‍යයන් තීරනය කිරීම විය​.එමෙන්ම​,සාර්ථකව යුධ ජයග්‍රහන කල සියලු සෙන්පතියන්ට අත්වූ සෝචනීය ඉරනම පිලිමතලාවේ මහ අධිකාරම් තුමාට සහ ඇහැලේපොල දෙවැනි අධිකාරම් තුමාට හිමි විය​.

    මෙම සුවිශේශී ජයග්‍රහනයේ 210 සංවත්සරය සමරා 2013 වසරේදී ජාතික මට්ටමින් යමක් කිරීමට මමත්,තවත් පිරිසකුක් ගත් උත්සාහයන් සියල්ල ව්‍යාර්ථ වී ගිය අතර ඉන් පසු එවැන්නක් ගැන මැදිහත්වීමට මාහට නොසිතුනේ එම අවස්ථාවේ ඇතිවූ බලවල් කලකිරීමයි.
    නමුත්,ඉතා ඉහල සංග්‍රාමික ක්‍රමෝපායන් අනුගමනය කරමින් ලබා තිබෙන මේ සුවිශේශී ජයග්‍රහනය අමතක වීමට ඉඩ නොදී සමාජ ජාලයන් ඔස්සේ මතක්කරදීමට මේ එම වසරේ සිට කටයුතු කලෙමි.මේ එහි පස්වන පුද්ගලික සමරුව වේ.

    35118946_2193834173990198_2905592147937853440_n.jpg


    36003046_2193834503990165_732091314635538432_n.jpg


    පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන
    මේ මනුස්සයා පරිසරය වෙනුවෙන් සෑහෙන්න සේවාවක් කරන කෙනෙක් විශේෂයෙන් නීතිමය පැත්තෙන්.


    උපුටා ගැනීම සුවිශේෂී යුධ ජයග්‍රහනයක අමතක වූ සැමරුමක්---215 වන සමරුව​
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක


    හොද ලිපියක්
    අපිතෙක්ක බෙදාගත්තට බොහෝම ස්තුතියි


    අඩෝ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .


    .


    මරු ඈ

    නියමයි.



    Thanks +++
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එක දාලා දවසකටත් වැඩි.
    views 430.comment 18.
    මේ වගේ ත්‍රෙඩ් එකකට මීට වඩා වටිනාකමක් ලැබෙන්න ඕනේ නැද්ද ? :confused: