බුදු දහම ගැන ගැටළුවක්
මුලින්ම කියන්න ඕනේ මම හොඳ බෞද්ධයෙක්. මේක මගේ atheist එහෙම නැත්නම් නිරාගමික යාලුවෙක් මාත් එක්ක බුද්ධ ධර්මය ගැන තර්ක කරනකොට මගෙන් අහපු ප්‍රශ්නයක්. මම මේකට උත්තරයක් දෙන්න හරියට දන්නේ නැති නිසා මෙතන අහන්නේ.
බුදුන් වහන්සේ බුදු වෙන්න සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා තියෙනවානේ. ඒ කාලයේ බෝධිසත්වයන් කුමක් හෝ භවයක ඉපදුනාම තමන් බුද්ධත්වය ලබා ගන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් කියලා ඒ භවයේදී දැන ගත්තේ කොහොමද? කිසියම් දෙවි කෙනෙක් ඇවිත් දැනුම් දුන්නද? (එහෙම එකක් නම් අහලා නෑ). නැත්නම් තමන්ට පෙර ආත්ම භාවයන් මතක තිබුනද? (පුබ්බේ නිවාසානුස්සති ඥානය). තමන් දැනට සම්පූර්ණ කරපු පාරමී ධර්ම සහ තව දුරටත් සම්පූර්ණ කල යුතු පාරමී ධර්ම ගැන ඒ එක් එක් භවයන්වලදී දැන ගත්තේ කෙසේද?