මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න
ක්‍රිෂාන් එරන්දකයන්ගේ අපුරු ගීතයක් තමයි " මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න ". මේ අපූරු ගීතයේ අරුතය වන්නේ,
මේ නිහඬ බව බිදින්න
මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න //
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න //
මට ආදරේ ඇයි
එක වරක් කියන්න
මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න
" මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න " මේ පද පේලිය ඉතාම කෙටියි සහ ඉතාම සරලයි. මෙය බොහොම නිදහසේ ලියපු ගීතයක් . පළමු පද පේලි අසන ගීතය රස වින්දින්නන්නට හිතා ගන්නට බැහැ මේ මොකක් ද කියන්නේ කියලා. හැබැයි උපකල්පනය කරනවා මේ ඉන්නේ පිරිමියෙක් බව. ඔහුගේ ආරාධනාවක් තිබෙනවා දැන් අපි ගොඩක් වෙලා නිහඬව හිටියා. ඔබ ගොඩක් වෙලා නිහඬව ඉන්නවා. ඉතින් මොනවා හරි කියන්න. ඇය සිනා සෙන්නේ නෙත් අගින්. ඔබ දැක ඇති නෙත් අගින් සිනා සෙන කාන්තාවෝ. ඉතින් ඔහු ඉල්ලීමක් කරනවා නෙත් අගින් හිනාවෙලා මොනවහරි කියන්න කියලා.
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න //
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න
දැන් මේ ගීතය වෙනත් අතකට කැරකෙනවා. " ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න " මේ තරුණිය ඔහුගේ නොවෙයි. ඔහුගේම නොවන බව පැහැදිලි වෙනවා මට හිතන්නට බැහැ ඔබ මගෙමයි කියලා. ඔබ මට අයිති නැහැ. " ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න " ඔහුට තව දුරටත් සුසුම් හෙලන්න බැහැ. දැන් අපිට හිතෙනවා ඔහු කවුද ? ඇය කවුද ? ඇය ඔහුගේ කවුද ? ඔහු ඇයගේ කවුද ? කියන දේ අතර අපි අතරමන් වෙනවා මේ ගීතය රස විඳිනකොට.
දැන් පැහැදිලියි ඔවුන් පෙම්වතුන් පෙම්වතියන් තමයි. හැබැයි හදවතින් බැඳුනු පෙම්වතුන්. නමුත් ඇගේ පහස ලබා ගැනීමට ආ මේ තරුණයා මේ තරුණියට පෙම් කරනවා. ඒ නිසා තමයි කියන්නේ මොනවා හරි කියන්න. දෙදෙනාගේ අවසන් හෝරාව එළඹෙන්නේ ඔවුන්ගේ වෙන්වීමයි.
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න //
මට ආදරේ ඇයි
එක වරක් කියන්න
මෙය ගලා ගෙන යන්නේ පුදුම සුන්දර ආකාරයකට. " දැන් ලඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න " මේ තරුණයා රාත්‍රිය ගත කරන්නේ ඔහු ඉන්නේ ඔහුට අයිති නැති කෙනෙක් එක්ක. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් පැමිණ ඇත්තේ රාත්‍රිය ගත කිරීමට බවයි. දෙවන පද මාලාවෙන් ඔහු පවසනවා ඔබ මට අයිති නැහැ යනුවෙන්.
දැන් මේ තුන්වන පද මාලාවෙන් කියන්නේ ඉර නැගෙන්නට ලඟයි. ඒ හින්දා තව එක පාරක් හරි මාව සිඹින්න. මව සිපගන්න. හැබැයි තව එක පාරක් හෝ ඔබ මට කියන්න මට ආදරෙයිද කියලා. මෙතන තියෙන්නේ සුන්දර ප්‍රේමයක්. අපට කියන්න පුළුවන් ගණිකාවක් ආශ්‍රය කරපු ගැනුම්කරුවෙක් කියන දෙයක් විදිහට. තව කෙනෙක්ට කියන්න පුළුවන් ගෙවල් වලට හොරෙන් තරුණියගේ කාමරයට පැනපු තරුණයෙක් කියපු දෙයක් විදිහට. තවත් කෙනෙක්ට කියන්නට පුළුවන් අසල්වැසි නිවසකට පැනපු තරුණයෙක් කියන දෙයක් විදිහට.
source http://thewoman.lk/song-malli/
ගණිකාවක් සමග රැයක් ගතකල කොල්ලෙක්ට ඇය ගැන ආදරයක් හිතිලා

Attachments
Last edited:
රයිට්