භාවනාව

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙඩිටේශන් සෙන්ටර් එකක ගිහින් භාවනාව පුරුදු උන කවුරු හරි ඉන්නවද බන් පොඩ්ඩක් විස්තර දැනගන්න ඕන

    :):)
    සතියක් 2ක් හිටපු අය කවුද ඉන්නේ :dull::dull:

    කොහොමද වැඩසටහන අන්තිමට හම්බුන ප්‍රතිපල කොහොමද හිත පාලනය කරගන්න පුලුවන් ද මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් දාන්න

    ගියපු කෙනෙක් නම් කිවුව හරිම හොදයි කියල :dull::dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය එක එක සෙන්ටර් පස්සේ යන් නෑතුව මේ හාමුදුරුවරුන්ගෙන් බණ අහලා භාවනා කොලානම් හරි :)

    hqdefault.jpg

    maxresdefault.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය එක එක සෙන්ටර් පස්සේ යන් නෑතුව මේ හාමුදුරුවරුන්ගෙන් බණ අහලා භාවනා කොලානම් හරි :)

    hqdefault.jpg

    maxresdefault.jpg

    Samatha Badra Hamudurwo da :lol::lol:

    Mata Pissu na Yako Asawak Awa ewage phone balu internet na lu :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,436
    113
    උබට සති දෙකකින් නම් බැරි වෙයි. ඔය සති දෙකේ දේවල් තියෙන්නෙ කාලා බීලා විනෝද වෙලා වැඩි වෙච්ච උන්ට පොඩි ධර්මානුකූල චේන්ග් එහෙකට විතරයි. උබට දෙයක් කරගන්න ඕන නම් ආරන්‍යවාසි ස්වාමින්වහන්සේ නමකගෙන් කමටහන් අරගෙන ගෙදර පුළුවන් විදිහකට කරන්න පටන් ගන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙඩිටේශන් සෙන්ටර් එකක ගිහින් භාවනාව පුරුදු උන කවුරු හරි ඉන්නවද බන් පොඩ්ඩක් විස්තර දැනගන්න ඕන

    :):)
    සතියක් 2ක් හිටපු අය කවුද ඉන්නේ :dull::dull:

    කොහොමද වැඩසටහන අන්තිමට හම්බුන ප්‍රතිපල කොහොමද හිත පාලනය කරගන්න පුලුවන් ද මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් දාන්න

    ගියපු කෙනෙක් නම් කිවුව හරිම හොදයි කියල :dull::dull:
    මීතිරිගල නිස්සරණ වනයට යන්න. උඩ ඊරියගම ධම්මජීව හාමුදුරුවන්ගෙ වැඩසටහන්කට සම්බන්ද වෙන්න.Nissarana.lk ගිහින් retreat schedule එක බලලා පුලුවන් එකකට join වෙන්න. සතිය, සති 2 එව තියෙනවා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බොහොම හොඳ අදහසක්. මීතිරිගල නිස්සරණ ආරන්‍ය තමා දැනට හොඳම. තවතියෙන්නෙ කඳුබොඩ. එහෙනම්, මම වතාවල් කීපයක්ම ගිහින් තියනව 10-14 දවස්. කඳුබොඩ කරන්නෙ පිමබීම හැකිලීම ප්‍රමුඛව සතිපට්ටානෙ. දවසට පැය 8 විතර වාඩිවෙලා භාවනාව. පැය 4ක් විතර සක්මන් භාවනාව. 9.30-10 නිදාගෙන උදේ 4ට නැගිටිනව. හැමවෙලේම සිහියෙන් ඉන්න ඕන, සුදු අඳින්න ඕන.කතාබහ බෑ (නිවැරදිව කීවොත් හරියට කරන කෙනාට අනවශ්‍ය කතා කරන්න හිතෙන්නෙ නෑ)

    නිස්සරණ වනයෙත් වගේම තමා නමුත් කමටහන් පොදුවෙ දෙන්නෙ කියල ආරංචියි. කඳුබොඩ ට වඩා පහසුකම් තියනව. ධම්මජීව හාමුදුරුවො බොහොම හොඳ ස්වාමීන් වහන්සෙ නමක්.

    ගියොත් කියන විදිහට කරන්න ලොකු උත්සාහයක් ගන්න. මුලු ජීවිතේටම වටිනව ඒ කැපවීම.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    උබට සති දෙකකින් නම් බැරි වෙයි. ඔය සති දෙකේ දේවල් තියෙන්නෙ කාලා බීලා විනෝද වෙලා වැඩි වෙච්ච උන්ට පොඩි ධර්මානුකූල චේන්ග් එහෙකට විතරයි. උබට දෙයක් කරගන්න ඕන නම් ආරන්‍යවාසි ස්වාමින්වහන්සේ නමකගෙන් කමටහන් අරගෙන ගෙදර පුළුවන් විදිහකට කරන්න පටන් ගන්න.

    නා උයනේ ආරණ්‍යට යන්න නැවතිලා ඉදලම භාවනා කරන්නම පුලුවන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උබට සති දෙකකින් නම් බැරි වෙයි. ඔය සති දෙකේ දේවල් තියෙන්නෙ කාලා බීලා විනෝද වෙලා වැඩි වෙච්ච උන්ට පොඩි ධර්මානුකූල චේන්ග් එහෙකට විතරයි. උබට දෙයක් කරගන්න ඕන නම් ආරන්‍යවාසි ස්වාමින්වහන්සේ නමකගෙන් කමටහන් අරගෙන ගෙදර පුළුවන් විදිහකට කරන්න පටන් ගන්න.

    මුලදිම "සතිය" කියන්නෙ මොකද්ද කියල හඳුනගන්න ඕනේ. ඒකට ගෙදර ඉඳන් කිරීම තරමක අමාරුයි. අනික බුදුහාමුදුරුවො ඇප වෙනව සතිපට්ඨාන සූත්‍රය අන්තිමට මේ ආකාරයට නිවැරදිව කරන කෙන ඉතා ඉක්මනින් අනාගාමී හෝ වෙනව කියල. අපේ තියන දුර්වලතාවය නිවැරදි සතිය නොමැතිකම. සිහිය, ඉරියව්ව, නිවැරදි මෙනෙහි කිරීම. ඔය තුන හදාගන්න නේවාසික වීම හොඳයි. වටේ අය භාවනා කරනකොට නිකං ඉන්න හිතෙන්නෑ. බැරිබැරිගාතෙ හරි කරනව
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බොහොම හොඳ අදහසක්. මීතිරිගල නිස්සරණ ආරන්‍ය තමා දැනට හොඳම. තවතියෙන්නෙ කඳුබොඩ. එහෙනම්, මම වතාවල් කීපයක්ම ගිහින් තියනව 10-14 දවස්. කඳුබොඩ කරන්නෙ පිමබීම හැකිලීම ප්‍රමුඛව සතිපට්ටානෙ. දවසට පැය 8 විතර වාඩිවෙලා භාවනාව. පැය 4ක් විතර සක්මන් භාවනාව. 9.30-10 නිදාගෙන උදේ 4ට නැගිටිනව. හැමවෙලේම සිහියෙන් ඉන්න ඕන, සුදු අඳින්න ඕන.කතාබහ බෑ (නිවැරදිව කීවොත් හරියට කරන කෙනාට අනවශ්‍ය කතා කරන්න හිතෙන්නෙ නෑ)

    නිස්සරණ වනයෙත් වගේම තමා නමුත් කමටහන් පොදුවෙ දෙන්නෙ කියල ආරංචියි. කඳුබොඩ ට වඩා පහසුකම් තියනව. ධම්මජීව හාමුදුරුවො බොහොම හොඳ ස්වාමීන් වහන්සෙ නමක්.

    ගියොත් කියන විදිහට කරන්න ලොකු උත්සාහයක් ගන්න. මුලු ජීවිතේටම වටිනව ඒ කැපවීම.

    images

    ඔවා ඔක්කොම ත්‍රිපිටකය විකුර්තියට තෙරුම් ගත් බුද්දගොෂ හාමුදුරුවන්ගේ භාවනා. ඔවා ජයින හින්දු භාවනා .. නියම ධර්මය දේශනා කරන්නේ වලස්මුල්ලේ හාමුදුරුවුවො තමා..නියම බෞද්ද භාවනා හෙලිපෙහෙලි කරලා දුන්නේ උන්වහන්සේ..මෙවන් ආර්යන්වහන්සේලාට අපහාස කරලා ආර්යෝපවාදය කරගන්න එපා.(බනින අයටයි කිව්වේ ):rolleyes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    images

    ඔවා ඔක්කොම ත්‍රිපිටකය විකුර්තියට තෙරුම් ගත් බුද්දගොෂ හාමුදුරුවන්ගේ භාවනා. ඔවා ජයින හින්දු භාවනා .. නියම ධර්මය දේශනා කරන්නේ වලස්මුල්ලේ හාමුදුරුවුවො තමා..නියම බෞද්ද භාවනා හෙලිපෙහෙලි කරලා දුන්නේ උන්වහන්සේ..මෙවන් ආර්යන්වහන්සේලාට අපහාස කරලා ආර්යෝපවාදය කරගන්න එපා.(බනින අයටයි කිව්වේ ):rolleyes:
    වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ ත් අසරණයි .පස්සෙන් දුවන එහෙය්යෝ ටික ඊටත් වඩා අසරණයි ....
    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,436
    113
    නා උයනේ ආරණ්‍යට යන්න නැවතිලා ඉදලම භාවනා කරන්නම පුලුවන්.

    නාඋයන ගොඩක් හොඳ තැනක් වගේම හොඳ ගෝලයො ටිකක් හදලා තියෙනවා. බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළේ, ආ‍රණ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලනෙ. ගිහි අපිට ආරණ්‍ය රුක්මුල් හීනයක් වගේ බන්. අපිට ප්‍රායෝගික තැන ගෙදරයි. හැබැයි මුල් කාලෙදි ස්ටාර්ට් එකක් විදිහට අර වගේ තැනකින් පටන් ගන්න එක හොඳයි තමයි.

    මුලදිම "සතිය" කියන්නෙ මොකද්ද කියල හඳුනගන්න ඕනේ. ඒකට ගෙදර ඉඳන් කිරීම තරමක අමාරුයි. අනික බුදුහාමුදුරුවො ඇප වෙනව සතිපට්ඨාන සූත්‍රය අන්තිමට මේ ආකාරයට නිවැරදිව කරන කෙන ඉතා ඉක්මනින් අනාගාමී හෝ වෙනව කියල. අපේ තියන දුර්වලතාවය නිවැරදි සතිය නොමැතිකම. සිහිය, ඉරියව්ව, නිවැරදි මෙනෙහි කිරීම. ඔය තුන හදාගන්න නේවාසික වීම හොඳයි. වටේ අය භාවනා කරනකොට නිකං ඉන්න හිතෙන්නෑ. බැරිබැරිගාතෙ හරි කරනව

    වටේ අය බලාගෙන ඉන්නකොට ඇති වෙන අපහසුතත් නැතුවාම නෙවේ. වටේ ඉන්න අයට පේන්න කරනවට වඩා. භාවනාව තමන්ට කොච්චර වැදගත්ද? භාවනාවට තමන්ගෙ හිතේ ඉඩ දීලා තියෙන තැන අනුව තමයි ප්‍රතිපල ලැබෙන්නෙ.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    aranniyaka thamai machan kolaba kittuwa ennawanam thalagala aranniya try karapan mage yaluwekge amma kenek sathiyaka bawana wadasatahanakata giya eke
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වටේ අය බලාගෙන ඉන්නකොට ඇති වෙන අපහසුතත් නැතුවාම නෙවේ. වටේ ඉන්න අයට පේන්න කරනවට වඩා. භාවනාව තමන්ට කොච්චර වැදගත්ද? භාවනාවට තමන්ගෙ හිතේ ඉඩ දීලා තියෙන තැන අනුව තමයි ප්‍රතිපල ලැබෙන්නෙ.

    වටේ අය බලපු දෙන්. අපි යන්නෙම ශ්‍රද්ධාව මුල්කරගෙන නෙ. ඔය කියන අත්දැකීම මට හොඳට තියනව. මම කොට්ට දෙකක් නමල ඒකෙ වාඩිවෙලා දනිස් දෙකටත් කොට්ට තියන් තමා මුලදි බාවනා කලේ. පටන්ගත්තෙත් කඳුබොඩින්මයි. ඒ කරලත් විනාඩි 20යි පුලුවන්. මටනම් කවුරුත් හිනාවුනාද කියන්න දන්නෑ මොකද මම ඒව ගැන හිතන්න ගියේ නෑ. සංසාර දුකත් එක්ක ඔය වගේ දෙවල් නොහිතිය යුතු කාරනා. යුද්ද කරන්න ලේසියි සමත විපස්සනා කරන්න ඊට අමාරුයි. එහෙම බැලුවම භාවනා කරන්න මුල් අඩිය තියන මනුශ්‍යය නොකරන අයට වඩා ඉදිරියෙන්.

    තවත් කෙනෙක් ඉන්නකොට එයා භාවනා කරද්දි නිකන් ඉන්න හිතෙන්නෙ නෑ. පේන්න කරනව නෙමෙයි තව අය විරිය කරනව දකිනකොට විරියකරන්න කැමැත්තක් තදබල උවමනාවන් ඇතිවෙනව. කඳුබොඩ යෝගී කුටි වල ඉන්නව මංගල කියල ස්වාමීන්වහන්සේ නමක්. උන්වහන්සෙ භාවනා කරන විදිහ දැක්කොත් ඔය අදහස මැකිල යයි. අනික තමන්ට වඩා වැඩිමහල් වියපත් මිනිස්සු දානෙ දීල පිරිකර දීල වැඳල ගියාම ඒක මතක්වෙනකොට භාවනා නොකර ඉන්න හිතෙන්නෙ නැහැ. මේ මිනිස්සු මගෙ අම්ම තාත්තත් නෙමෙයි, නෑදෑයොත් නෙමෙයි, නමුත් මට සිවුපසය දීල වැඳලත් යන්නෙ. ඒ අයට නැති ආධ්‍යාත්මික දියුණුවක් අපිතුල තියනව කියන මතය/විශ්වාසය නිසා. ඒ නිසා මම කොහොමහරි මේක කරන්න ඕන කියන උවමනාවත් එනව. තනිවම කරන්න අවශ්‍යනම් නිවාඩු මාස දිගු නිවාඩු මග ඇරල යන්න. නැතිනම් නිස්සරනවනයෙ යෝගි කුටිවලට යන්න. මුලදි සතිය කියන්නෙ මොකද්ද කියන එක පැහැදිලිව දැනගැනීම අත්‍යවශ්‍යයි.
     
    Last edited:
    • Like
    Reactions: netsurfer