Toyota vitz 2016 මගේ අත්දැකීම් review

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Toyota vitz 2016 මගේ අත්දැකීම් review


    7f18a14f3aa17d95de9a9d70484af746_600.gif


    ඔන්න විට්ස් එක අරගෙන මාස දෙකකටත් කිට්ටුයි..දැන් ඉතින් මේ වාහනේ ගැන..හොද නරක ටිකක් කියන්න තරම් මටත් දැනුමක් තියනවා කියලා හිතනවා...දුර ගමන් කිහිපයකුත් ගියා..

    මම ගත්තේ 2016 ටොයෝටා විට්ස් JEWELLA කියන ග්‍රේඩ් එක..සේෆ්ටි.පුශ්ස්ටාට්.අනම් මනම් ඔක්කොම තියන එකක්..මම මේ නූලෙදී මේ වාහනේ පාවිච්චි කරන අය නොකියන ප්‍රායෝගික භාවිතයේදී දකින්න ලැබෙන මේ වාහනේ හොද නරක ටිකක් කියන්නයි බලාපොරොත්තු වෙන්නේ.. ඒක නිසා විට්ස් ගන්න ඉන්න අයට මේ නූල ප්‍රයොජනවන් වෙයි..වාහනේ ගැන මූලික දැනුමක් ලබාගන්න ඕනි අය අපේ GTRZ අයියගේ විට්ස් REVIEW එක බලන්න...

    හොදයි..එහෙනම් අපි පටන් ගමු..2015/2016/2017/2018 කොයි විට්ස් එකටත් මම මේ කියන කාරනා ගොඩක් පොදුයි..මම දැන් කියන්න යන්නේ මගේ 2016 විට්ස් එක ගැන..ගන්නකොට 40000KM දුවලා තිබ්බේ ජපානේ..හොද සහ අඩුපාඩු එකටම කියන්නම්...

    මුලින්ම කියන්න ඕනි මේ විට්ස් එක සස්පෙන්ශන් සහ සැපපහසුව හොදටම හොදයි..මමත් ගන්න කලින් පොඩි කාර් එකක් නිසා ලොකු සැපපහසුවක් තියෙයි කියලා හිතුවේ නැ..නමුත් පදිනකොට තේරුනා ගොඩක් සැපපහසුයි කියන එක..වලවල්වල එහෙම වැටෙනකොට දැනෙනවා ගොඩක් අඩුයි..දුර ගමනක් ගියත් ඇගට අමාරු නැහැ..මට හිතෙන විදියනම් සැපපහසුව අතින් ටොයෝටා ප්‍රෙමියෝ එක තරම්ම තියනවා කියලයි..(මට හිතෙන විදිය හොදේ)
    මම ප්‍රෙමියෝ ප්‍රියස් දෙකම ඩ්‍රයිව් කරලා තියනවා...ප්‍රියස් එක තරම්ම නම් සැප නැහැ...නමුත් හිතුවාට වඩා ලොකු සැපපහසුවක් තියනවා..
    අනික පවර්ස්ටියරින් එහෙම නිකම් චීස් කපනවා වගේ දැනෙන්නෙවත් නැ ...මාර පහසුයි...

    ඊලගට තෙල් කෙරුවාව..දුර යද්දී එකදිගට 100ටම පාගලා යනවනම් තෙල් 20ක් අනිවා කරනවා..එකදිගට 60/70වගේ අල්ලගෙන යනවනම් තෙල් 22ක් කරනවා..ටවුන් එකේ හෙවි ට්‍රැෆික් එකේ 15/16ක් කරනවා...මේ කිවුවේ මම ඩ්‍රයිව් කරන විදිය අනුව..මේක එක එක්කනා ඩ්‍රයිව් කරන විදිය අනුව වෙනස් වෙන්න පුලුවන්..මෙච්චර තෙල් කරන්නේ නැ කියල කවුරුහරි කියනවනම් එයාලා ඉක්මනට එන්ජින් ටියුනප් එකක් කරගන්න...මම මීටරෙන් වගේම..ප්‍රායෝගිකවත් චෙක් කරලයි මේ කියන්නේ...

    හොදට ඉඩකඩ තියනවා..ඉස්සරහ පස්ස වගේම බැගේජ් දාන කොටසෙත්...නමුත් පිටිපස්සේ සීට් එකේ යන අයටනම් දුර ගමනක් යද්දී හරිම අමාරුයි..කිසිම පහසුවක් නැ..සීට් එක තියෙන්නේ මෝල් ගහ ගිල්ලා වගේ කෙලින්..ඉස්සරහ යන දෙන්නට සුර සැප...පිටිපස්සේ යන උන්ට අපා දුක වගේ සීන් එකක් තියෙන්නේ...මොකද මේක ගොඩක්ම ඉස්සරහ දෙන්නට සහ බැගේජ් කොටසට ඉඩ අරන් තියෙන්නේ පිටිපස්සේ සීට් එකට කුඩම්මාගේ සැලකිල්ලක් කරලා..පොඩි ලමයෙකුට වගේනම් අවුලක් නැ..මම කියන්නේ ඉඩ ඇති ඕනි කෙනෙකුට..සැපපහසුව මදි....අනික ඒසී එක උනත් දාපුවම පිටිපස්සේ සීට් එකට කූල් එක එන්නේ නැ හරියට..ගොඩක් වැඩිකලොත් ඉස්සරහ දෙන්නට සීතල වැඩි...ඒක නිසා අම්මයි තාත්තයි ඉස්සරහ වාඩිවෙලා පොඩි ලමයි දෙන්නෙක් පිටිපස්සේ යනවනම් වගේ අවුලක් නැ..තමන්ගේ පවුලේ ආදරණීය කෙනෙක් නිතර තමන් එක්ක දුර ගමන් යනවනම් එයාට පිටිපස්සේ සීට් එකේ යන්න වෙනවනම් වැඩේ ටිකක් විතර අවුල්...දුර ගමන් එක දිගට පැය තුන විතර ඒවා අමාරු..ලග ලග නම් අවුලක් නැ..(මමත් අම්මයි නෝනයි එක්ක ආරුගම්බේ ගිහින්.නෝනා පිටිපස්සේ සීට් එකේ ගිහින් බැරිම තැන කොන්දට අමාරු නිසා කොට්ටයක් දාලා හරහට හේත්තු වෙලා ආවේ)

    ඩැශ් බෝර්ඩ් එක ස්ටියරින් එක එහෙමත් පොඩ්ඩක් චීප් ප්ලාස්ටික් තියෙන්නේ...ඒවානම් ඉතින් මේ ගනන් වලට සාදාරනයි...මොකෝ අපි මේවගෙන් බෙන්ස් වල ඩැශ් බෝඩ් බලාපොරොත්තු වෙන්නයැ...

    ඊලගට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නම් පට්ට...ලේසියෙන් යට වදින්නේ නැ..වාහනේ දිග අඩු නිසා වෙන්න ඇති යට වැදිල්ලක් ගැනනම් හිතන්නවත් ඕනි නැ..සෙඩාන් කාර් එහෙම දාන්න බැරි ගොඩක් වලවල් වලින් අවුලක් නැතුව දාන්න පුලුවන්..

    ඊලගට ඔක්කොම විට්ස් වල ලොකුම අවුල...එන්ජින් එකනම් දෙදරනවා පුතෝ...පොඩි වයිබ්‍රේශන් එකක් තියනවා...වෙලාවකට පොඩිත් නැ..අනික වෙන වාහනේකට ඉස්සර කරන්න පාගද්දී එන්ජිම හරි සද්දයි..ජීවිතේ පලමු වතාවට මේකක් පදින කෙනෙකුට නම් මේක ලොකු අවුලක් තේරෙන්නේ නැහැ..නමුත් වෙන 4 සිලින්ඩර් වාහන ගොඩක් පැදපු කෙනෙකුට නම් මේක අවුල්.හොදට තේරෙනවා වෙනස.මේක ලෙඩක් නෙමෙයි..සිලින්ඩර් තුනේ එන්ජිමක් නිසයි මේ හැටි..මේක අපේ GTRZ අයියගේ REVIEW එකෙත් කියනවා...පාගලා ඉස්සර කරන වෙලාවට එහෙම හොදට ඇහෙනවා එන්ජින් එකේ සද්දේ...නිකම් ඔය ප්‍රියස් එහෙම වගේ කනට ඇහෙන්නේ නැති ගානට නැහැ..අනික චාටර්ම සීන් එක කොලබ එහෙම ට්‍රැෆික් කලර්ලයිට් එකක ඉදලා එකපාරට පාගලා යද්දී එන්ජින් එක කැ ගහන්නේ කැත විදියට..පාගන්නත් එපා වෙනවා ඒ සද්දේ නිසා..මේක තේරෙන්නේ 4 සිලින්ඩර් වාහන ගොඩක් පැදපු අයට..

    මේ වාහනේ හයිවේ එකේ 100 සහ ඊට වඩා වේගෙන් යනකොට නම් ටිකක් කොන්ට්‍රෝල් මදි වගේ ගතියක් තියනවා..හයියෙන් හුලන් පාරක් එද්දී වාහනේ පැද්දෙනවා වගේ ගතියක් අතට දැනෙනවා හයිවේ එකේ 100ට යද්දී.මේ වාහනේ බර අඩු නිසාද මොකද්ද හේතුව කියන්නනම් තේරෙන්නේ නැ.හුලන් කපාගෙන හයිවේ එකේ සීයට යද්දී ලොකු හුලගක් ආවොත් පැත්තකට අදින්න හදනවා වගේ ගතියක් අතට ‍යන්තමට දැනෙනවා..ගොඩක් බර ලොකු වාහනවල නම් 150ට ගියත් දැනෙන්නෙවත් නැනේ..මේකේ ඒ සෙල්ලම් බැ...ලන්කාවේ ඉතින් උපරිම යන්න පුලුවන් 100නිසා මේක අවුලක් නැ..නිතර 100 සහ ඉන් එහාට පාගන්නනම් මම මේ වාහනේ රෙකමදාරු කරන්නේ නැහැ..

    1000CC කියලා කිසිම අවුලක් නැහැ..හොද පිකප් එකක් තියනවා.ඕනිම වාහනේකට ටක් ටක් ගාලා ඉස්සරකරලා යන්න හොද බලයක් තියනව.ඕනි කන්දක් ටක් ගාලා අදිනවා.පාරෙ ගාට ගාට ඉන්න අය එක්ක හුරතල් නැතුව ඉක්මනට ඉස්සර කරලා අපේ ගමන යන්න පුලුවන්.එන්ජිම 1000CC කියලා තේරෙන්නේ නැහැ.අනික බ්‍රේක් එහෙම සුපිරි වගේම හොද HANDALING AND CONTROL එකක් තියනවා.එක තැන කපන්න පුලුවන් ගින්දර වගේ..තුන් හතර දෙනෙක් දාලා උනත් හොදට අදිනවා...

    නඩත්තුවත් හරිම පහසුයි සහ වියදම් අඩුයි..ෆුල් සින්තටික් එන්ජින් ඔයිල් දැම්මම කිලෝමීටර් 10000කට සැරයක් සර්විස් කරාම ඇති..

    දැනට කියන්න මතක් වෙන්නේ මෙච්චරයි...අවසානයේ කියන්න තියෙන්නේ..සමස්තයක් වශයෙන් ටොයෝටා විට්ස් කියන්නේ හොද වාහනයක්..ලොකු ලොකු සෙල්ලම්..ලොකු ලොකු සැප බලන අයටනම් හරියන්නේ නැ..නෝමල් තමන්ගේ ගමන් බිමන් ටික කරගන්න අයට හොදටම හොදයි..මේක ජපානේ ගෙවල්වල ගැනු ශොපින්ග් යන්න හදාගත්තු එකක්..ලන්කාවේ මේ බදු ගහලා ලොකු ගානක් උනාට..ඒක මතක තියාගෙන..අඩු වියදමකින් සැපපහසුව ගමනක් යන්න වාහනයක් ඕනිනම් දෙතුන් දෙනෙක් ඉන්න පවුලකට.මේක හොදටම හොදයි..


    ස්තුතියි .....






     
    Last edited:

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    ෆුල් සින්තටික් එන්ජින් ඔයිල් දැම්මම කිලෝමීටර් 10000කට සැරයක් සර්විස් කරාම ඇති--- Not Recommended machan.. mokada lankawe petrol wala sulfer % eka wadiy (Octane 95 too).
    ෆුල් සින්තටික් eka design karala tynne sulfer adu petrol walata.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ෆුල් සින්තටික් එන්ජින් ඔයිල් දැම්මම කිලෝමීටර් 10000කට සැරයක් සර්විස් කරාම ඇති--- Not Recommended machan.. mokada lankawe petrol wala sulfer % eka wadiy (Octane 95 too).
    ෆුල් සින්තටික් eka design karala tynne sulfer adu petrol walata.

    ටොයෝටා ලන්කා එකේ එහෙමත් ෆුල් සින්තටික් ඔයිල් දානවා මචන්..මම ඔහොම එකක් අහලනම් නැ කලින්..
     

    Interruption

    Member
    Jan 28, 2018
    24
    4
    0

    7f18a14f3aa17d95de9a9d70484af746_600.gif




    මම ගත්තේ 2016 ටොයෝටා විට්ස් JEWELLA කියන ග්‍රේඩ් එක..




    පස්සේ ගත්තේ විට්ස් එකක්..2015 unregistered ..දැන් ඉතින් බොනට් එක ඇරලා බලන්නවත් ඕනි නැ මාස ගානකට..අනික සර්විස් 10000km වලට සැරයයි(full synthetic engine oil)..



    heavy traffic එකේ 16+
    Normal traffic එකේ 18+
    දුර 60ට වගේ පාගලා යද්දී 22 අනිවා කරනවා
    දුර 100ට වගේ පාගලා යද්දී 20

    විට්ස් jewela 2015 safety එකක් තියෙන්නේ.






    එලකිරියේ ගොඩක් යාලුවොන්ගේ උපදෙස් අරන් ඔන්න ඊයේ 2015 ටොයෝටා විට්ස් එකේ jewela එකක් ගෙනාවා..





    :confused:
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ela ela
    niyameta kiyala thiyenawa

    10000 kata parak service karana seen eka tikak pahadili karapan bun
    cinthatik oil kiyanne mokadda,
     
    • Like
    Reactions: SAN_APIIT