good thread............shall we share the knowledge. Any analysis about world market price of crude oil











going down
වැඩි උනොත්
* බේකරි නිෂ්පාදන වැඩි වෙනවා
* අවම ගාස්තුව ඇතුළු බස් ගාස්තු වැඩි වෙනවා
* අනෙකුත් ඒවත් මිල ඉහල යාමට ඉඩ තියෙනවා මොකද කලින් වැඩි කිරීමේදී සමහර ඒවා මිල වැඩි කරේ නැති හින්ද (ටැක්සි ගාස්තු ..)
අඩු උනොත්
* තෙල් මිල අඩු වෙනවා

ඇමෙරිකා සම්බාධක නිසා තෙල් මිල වැඩිවිය හැකි බව අගමැති කියයි
ඇමෙරිකාව ඉරාන රාජ්‍යයට එරෙහිව යොදවන සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී තෙල් මිල වැඩිවිය හැකි යැයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය
‘‘ගිය වසරට වඩා මෙම වසර අවසානයේ අපේ රටට විදේශ විනිමය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඇමෙරිකාව ඉරානයට එරෙහිව යොදවන සම්බාධක නිසා ඊළඟ මාස කිහිපයේදී තෙල් මිල වෙනස් වීමට ඉඩ තිබෙනවා. එසේ තෙල්
මිල වැඩි වුණොත් අපට ඊට මුහුණ දීමට සිදුවෙනවා.
ඇමෙරිකාව සහ චීනය අතර ඇති බදු අර්බුදයන් අපට බලපානවා.හෙට අනිද්දා ඇතිවන තත්ත්වය ගැන කියන්න බැහැ.අපි තෙල් මිලදී
ගන්නේ ඉරානයෙන්.මේ තෙල් මිල වැඩිවීම කෙටිකාලීනව තිබුනොත් හොඳයි. අපටත් යම් සීමාවක් තිබෙනවා.‘‘ යැයි අගමැතිවරයා කීය.
Lankadeepa
මෙම මාසයේදී ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. ඉන්ධන මිල තීරණය කරනු ලබන කමිටුව සිකුරාදා (10) රැස්වීමට නියමිතයි.
ඉන්ධන මිල ගණනය කරනු ලබන මිල සුත්‍රය ඉකුත් ජුලි 10 වෙනිදා හදුන්වා දෙනු ලැබූවා.
ජුලි මාසයේදී ජාත්‍යන්තර වෙළදපලේ ඉන්ධන මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇති බැවින් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියි.
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් වන මිල සුත්‍ර කමිටුව සෑම මාසයකම 10 වෙනිදා රැස්විමට තිරණය කර තිබේ.