Whiskey madam යකා_නටයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    අත්තනගල්ල කමිටුවේදී චන්ද‍්‍රිකා යකා නටයි.. බැණ වැදී මාධ්‍යවේදීන් පන්නා දමයි..[Video]


    අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සම සභාපතිත්වයෙන් යුක්තව රැස්වූ අවස්ථාවේ එය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය.

    අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට සංවර්ධන කමිටු රැස්වීම ආවරණය නොකර පිටවන්නැයි හිටපු ජනාධිපතිනිය පැවසීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය.

    එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ තමනට ප්‍රාදේශීය ලේකම් වරයා විසින් කරන ලද ආරාධනාවක් අනුව පැමිණි බවත් ඔහු විසින්ම ආපසු යන්නට කියන්නේ නම් පිටව යන්න සූදානම් බවත්ය.
    මෙහිදී අසරණ තත්ත්වයට පත් ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථානයෙන් ඉවත්ව යන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.

    ඒ සමගම අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේ මෙම ස්ථානයට අනවසරයෙන් පැමිණි පුද්ගලයන් ද බොහෝ සිටින බවත් ඔවුන් ඉවත් කල යුතු බවත්ය.

    එම පිරිස ඉවත් කිරීමත් සමග සභාව උණුසුම් තත්ත්වයකට පත්විය.

    හිටපු ජනාධිපතිනිය මෙම අවස්ථාවේ ඉතාමත් කෝපසහගත හැසිරෙන ආකාරයක් පෙනෙන්නට තිබින.

    බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුව වන අත්තනගල්ල ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධුරයද හොබවන හිටපු ජනාධිපතිවරිය විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයේ ගෙන් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුනද පොහොට්ටුව ජයගත් අතර ශ‍්‍රීලනිපය තුන්වැනි තැනට පත්විය.


     
    • Like
    Reactions: CONCORDE777

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපෝ කුඩු නාලිකාවෙන් නේ ඇවිල්ලා තියෙනේ. අයියෝ මේ වගේ දෙකයි පනහේ මාධ්‍ය ආයතන .
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් හොදටම පිස්සුව තද වෙලා වගේ.....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,864
    9,615
    113
    අපෝ කුඩු නාලිකාවෙන් නේ ඇවිල්ලා තියෙනේ. අයියෝ මේ වගේ දෙකයි පනහේ මාධ්‍ය ආයතන .

    ehenam enna kiwwe moko?anika ahune nadda kiwwa media 4k lu.:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපෝ කුඩු නාලිකාවෙන් නේ ඇවිල්ලා තියෙනේ. අයියෝ මේ වගේ දෙකයි පනහේ මාධ්‍ය ආයතන .

    26.gif


    හික්... හිකිස්... ඉතිං බන් බලය තියන වෙලාවෙ ඒවයෙ ලයිසම කැන්සල් කොරන්නෙ නැත්තෙ මොකෝ ආයිබෝං....

    ආ වැරදුනා... ඒවට කුඩු චෝදනා දැම්මොත් අර සතොසෙන් අහුවුන කන්ටේනරෙටත් දාන්න වෙනවනේ... හොඃ.... හොඃ....හොඃ .....
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,655
    7,998
    113
    Kotahena
    26.gif


    හික්... හිකිස්... ඉතිං බන් බලය තියන වෙලාවෙ ඒවයෙ ලයිසම කැන්සල් කොරන්නෙ නැත්තෙ මොකෝ ආයිබෝං....

    ආ වැරදුනා... ඒවට කුඩු චෝදනා දැම්මොත් අර සතොසෙන් අහුවුන කන්ටේනරෙටත් දාන්න වෙනවනේ... හොඃ.... හොඃ....හොඃ .....
    :lol::lol::lol::lol: අන්නේකයි. ඕන වෙලාවට කුඩු. අනික් වෙලාවට මාද්‍ය. කන්න ගිහාම කබරගොයා තලගොයා වෙනව වගේ :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    දෙරණයි හිරුයි කියන්නේ ලංකාවේ තියෙන වලං හෝදන company දෙකක්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    කතාවට අදාල නොවුනත් චන්ද්‍රිකාට තාම හොද අතම විශ්වාසයක් තියෙනවා