ඇමතිගේ හයිය පෙන්වා හෝටලය කුඩු කළ තුන්දෙනෙක් අල්ලයි
අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ආධාරකරුවන් යැයි කියා ගන්නා මැර පිරිසක් පුත්තලම ආනමඩුව ප්‍රදේශයේ හෝටලයකට පහර දී විනාශ කර තිබෙන බවට පුවතක් වාර්තා වෙනවා.
ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හෝටලයකට කඩා වැදී ඇති මැර පිරිස පසුගිය 18 වැනිදා රාත්‍රීයේ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. එයට හේතුව වී තිබෙන්නේ අමාත්‍යවරයාගේ ආධාරකරුවන් වන මෙම මැර පිරිසට එම හෝටලයෙන් නොමිලේ ආහාර පාන ලබා නොදීමයි. අමාත්‍යවරයාගේ බලය භාවිතා කරමින් මෙම මැර පිරිස වසරක් තිස්සේ එම හෝටලයෙන් ණයට ආහාර පාන ලබාගෙන තිබෙන අතර එම මුදල් ඉල්ලූ පසු මෙම පහර දීම සිදු කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරය සදහා කඩු සහ පොළු භාවිතා කර ඇති බව හෝටලයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා වල සටහන් වේ. ප්‍රහාරයට පැමිණි කණ්ඩායමේ නායකයා ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවෙකු බවත්, ඔහු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ලවා සිය හෝටලය විනාශ කරවන බවට තර්ජනය කළ බවත් හෝටලයේ හිමිකරු මාධ්‍යයට පවසනවා.
ප්‍රහාරයෙන් තම හෝටලයට රුපියල් ලක්ෂ 20 ක පමණ අලාභයක් සිදුවී ඇති බව හෝටලයේ හිමිකරු පවසනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්බන්ධ මැර පිරිසෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිදෙනෙක් පමණි. ඊයේ රාත්‍රීයේ (19) එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පහරදීම ආරක්ෂිත කැමරා වල සටහන් වූ හැටි,
Last edited:


අනිවා ලන්කාවෙනේ 

