'මම බඳිනවා... ඔයාට කියන්න හිතුනා ඒ බව..'
සෑහෙන කාලෙකින් x ගෙන් ආපු ඒ එස් එම් එස් එක මනුක ආයෙත් බැලුවා.කීවෙනි පාරටද මතක නෑ.. මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් හිතේ තෙරපෙන බව බොහොම තදට මනුකට දැනුනා.. ඒත් ඇයි..??
තමුන්ගෙ උණුහුමට ගුලිවෙලා නිදාගන ඉන්න බිරිඳගෙ නින්දට බාධාවක් නොවෙන්න මනුක හෙමින් නමුත් මහ ගැඹුරු හුස්මක් පිට කලා... නෑ... කිසි සැහැල්ලුවක් දැනෙන්නෑ...
සිගරට් එකක අවශ්‍යතාවය කොච්චර තදට දැනුනත් නැගිටලා යන්න කම්මැලියි.. ඇඟ හරි බරයි වගේ දැනුන නිසා ඇස් දෙක පියාගන නිදන්න උත්සාහයක් ගන්නකොට තමයි රූප පේලි පේලි මැවෙන්න ගත්තෙ.
නිකන් ආතල් එකට චැට් කරපු X මේ තරම් හිතට දැනෙන්න හේතුව මොකද්ද?
නිකන් ෆේස්බුක් චැට් එකක් මෙච්චර දුරක් යයි කියලා හිනෙන් වත් හිතුවෙ නෑ... ඒ චැට් එක කොච්චර දෙන්නව ලං කලාද? ඒ කියන්නෙ කොච්චර ම නං ලං කලාද? නිකමට වත් එහෙම වෙයි කියල දෙන්නම හිතුවද? ජීවිතේ මහ පුදුම දෙයක්...
කාලයක් තිබුනා දෙන්නම වැඩ ඇරිලා දුවගන එන්නෙ ස්කයිප් කෝල් එක ගැන බලාගෙන.වෙලාව හරියනකන් මනුක කෑල්ලට කෝල් එකක් අරන් නලවලා කරලා නිදි. X ආපු ගමන් නිදිමත කොහෙද නැතුව පැය ගානක් ස්කයිප් එකේ මොනවද නොකලෙ..
බීල බීලා වෙරිමරගාතෙ හිටියත් කතාව නැවතුනේ නෑ.. ඒ කියන්නෙ දෙන්නගෙන් කවුරු වෙරිපිට හිටියත්.
අවුරුදු ගණන් වැඩේ ඇදෙනකොට දෙන්නා ගැන නොදන්න දෙයක් දෙන්න අතරම තිබුනෙම නැති තරම්.. මනුක නොදැන හිටියෙ X එකපාර මනුක වගේම කීදෙනෙක්ව හැන්ඩල් කරනවාද? උන් කවුද කියන එක විතරයි. හැබැයි ඒ කවුද කියල මනුක කවදාවත් ඇහුවෙ නෑ... X කාගෙවත් විස්තරයක් මනුකට කිව්වෙත් නෑ. හැබැයි පත්තිනි වෙන්න උත්සාහ කලෙත් නෑ... අමුතුයි.. අමුතුම අමුතුයි
කාලෙක් තිබ්බා X පිස්සුවෙන් වාගෙ මනුක මත්තෙම නැහුනු.. ඒ කාලෙ අවටියෙල් වැඩත් ඔක්කොම වගේ නවත්තලා පූර්ණව මනුක වෙනුවෙන්ම වෙන් වෙලා හිටපු බව දැනගන හිටියත්, X සහ කෑල්ල අතරින් කෑල්ලව නිතරම උඩින් තියාගන්න මනුක වෙහෙසුනා... ඇත්තටම නිරායාසයෙන්ම ඒක උනා...
ඒ කාලෙ X ඇඬූ කන්දුලින් මනුකට ආදරෙයි කියපු හැටි....
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........
තාමත් ඇහෙනවා වගේ.. පපුව ඇතුලෙ ඇණුනු කටුවක් ගලවන්න වගේ මනුක පපුව අතගෑවා.. ඒත් තුවාලෙ පෑරෙනවා විතරයි.
එකපාරටම මහ ඉරිසියාවකින් තමුන්ව රත්වෙලා යනවා ලාවට දාපු දාඩිය පාරක් අස්සෙන්ම මනුකට දැණුනා...
'රට වටේ එක එකා එක්ක නිදාගත්තු බැල්ලි..!! කසාද බඳින්න... හෙහ්... පව් අර මිනිහා.. නිකන් කර ගහනවා.. ගොනා.."
මේ සිතුවිලි වලින් තව තවත් බර වැඩිවෙන බවක් මනුකට තදින්ම දැණුනා.. එක පාරටම බිරිඳ නින්දෙන්ම අතක් තමන්ගෙ බඩ උඩින් දානකොට මනුක ආයෙත් පියවි ලෝකෙට ආවා...
අඳුර අතරින් කණාමැදිරියො පියාඹනවා... වහලෙ මකුළුදැල් වල පැටලුණු කණාමැදිරියො එක තැන දඟලනවා... හැබැයි එතනම මිය යනවා.. දැල කඩාගන යන්න හයියක් තියන කණාමැදිරියා වේගෙන් වේගෙන් ඉවතට පියාඹනවා..
'මම තීරණය කලා මැරි කරන්න' මනුක කියපු වෙලාවෙ X නිකමට වත් කාවද කියලා ඇහුවෙ නෑ.. එයා දැනගන හිටියා ඒ එයා නෙමෙයි කියන්න. ලස්සනට හිනාවෙලා සුබ පැතුවා. ඒත් එක්කම වෙඩින් එකෙන් පස්සෙ අනන් මනන් ඔක්කොම නවත්තලා 'ඔයා දැන් බැඳපු මිනිහෙක්' කියලා මනුකට කිව්වෙ මොනතරම් සෙනෙහසින්ද?
X තවමත් මට ආදරෙයි.. මනුකට හිතුනෙ එහෙම.
ජීවිතේ අමාරු තැන් ආපුවාම තාත්තට කතා කරනවා වගේ මනුකත් එක්ක ඒ දේවල් කතා කරන්න විතරක් X පුරුදු වෙලා හිටියා. ඒ කතා බහත් ටික ටික අඩුවෙනකොට X කාත් එක්ක හරි සිරියස් සම්බන්ධයක් තියනවා කියලා දැණුනු වෙලෙත් මනුකට ඉරිසියාවක් දැනුනා.
තමුන්ට අයිති නැති උනත් වෙනකෙනෙකුට අයිති වෙන්න දෙන්න අමාරු ගතියක් දැණුනා...
දවසක් හදිසියෙන්ම කතාකරපු වෙලාවක මනුක මේ බව කෙලින්ම කිව්වා...
'මෝඩයා..'
X කිව්වෙ එච්චරයි.
හ්ම්ම්... මෝඩයා.... එයාට යන්න දෙන්න.. ආදරේ කරපු කිසිම දෙයක් බලෙන් අයිති කරගන්න හිතුවෙ නැති... තමන් වෙනුවෙන් කිසිමදාක පෙනී හිටියෙ නැති බොහොම විවෘත්තව තුරුම්පු කොල ඔක්කොම තියාගෙනත් සෙල්ලම විහින් පරාදවෙන්න තීරණය කරපු ඒ කෙල්ලට ඉරිසියා කරපු උඹ මෝඩයා තමා...
එයාට යන්න දෙන්න... ජීවිතේ පටන් ගන්න දෙන්න... ජීවිතේ රශ්මියෙන් පිච්චෙන වෙලාවක සිහිලැල් හෙවනක් වෙන්න... නිමක් නැති පාරදිගේ හෙමින් හෙමින් ජීවිතේ අහුලගෙන එයා යන හැටි බලාන ඉන්න.... සුබ මංගලම්..!!
මනුකට පොඩි සැහැල්ලු හුස්මක් පිට වුනා..
බිරිඳට තුරුල් වුනු මනුකගෙ සියුම් ගෙරවිලි නාදයක් හෙමින් හෙමින් වා තලයට එකතු වුනා....

Last edited:

)