බයි_ජනතාව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරියේ බයි ජනතාව කොතරම් කෑගැහුවත් අපේ රජු ජවිපෙ 20 ට සහය දෙන බවට පවසයි.. ත්‍රෙඩ් දාල මහන්සිත් ඇතිනේ බොමුද සිතල වතුර වීදුරුවක්?:P

     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    රජු, රනිල් , සිරිසේන කවුරු කලත් මේ වැරද්දක් නේද කරන්නේ.... ?
    ඇයි JVP එක මෙහම දේකට මුල පිරුවේ.
    :rolleyes::rolleyes::confused::sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    රජු, රනිල් , සිරිසේන කවුරු කලත් මේ වැරද්දක් නේද කරන්නේ.... ?
    ඇයි JVP එක මෙහම දේකට මුල පිරුවේ.
    :rolleyes::rolleyes::confused::sorry:

    Muge wahal kama balapanko.mama daapu video eken passe muta pissu thada wela.:rofl:mu dan kiyanna hadanne mahindaya ehemai apith whema unahama moko kiyala.kunu jepi logic.:rofl:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රජු, රනිල් , සිරිසේන කවුරු කලත් මේ වැරද්දක් නේද කරන්නේ.... ?
    ඇයි JVP එක මෙහම දේකට මුල පිරුවේ.
    :rolleyes::rolleyes::confused::sorry:
    එතකොට හරි දෙයක් කරන එකෙක්වත් නැද්ද බන්?
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    41788425_10210860611906368_9189219255780900864_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Muge wahal kama balapanko.mama daapu video eken passe muta pissu thada wela.:rofl:mu dan kiyanna hadanne mahindaya ehemai apith whema unahama moko kiyala.kunu jepi logic.:rofl:
    අයියෝ බයියෝ කියල දාපු ගමන් දුවගෙන එන්න එපා මිනිහෝ...ජොබ් එකක් හොයාගනින්කෝ :P:P



     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    අයියෝ බයියෝ කියල දාපු ගමන් දුවගෙන එන්න එපා මිනිහෝ...ජොබ් එකක් හොයාගනින්කෝ :P:P



    attachment.php




    ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර මාස 6 ක් තුළ විෂය භාර ඇමැති ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතුය. ජවිපෙ ආණ්ඩුවේම කොටසක් බැවින් මාස 6 ක් තුළ නොව සති 2 ක් තුළ අදාළ ඇමැතිවරයා/වරිය ඒ පිළිබඳව කටයුතු කිරීමට ඉඩ තිබේ. ඉන්පසු එය කැබිනට් මණ්ඩලය අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක. ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කළ යුතුයි, යන මුවාවෙන් හෙතෙම මෙම යෝජනාවට කාරක සභා අවස්ථාවේදී අනෙකුත් අනේකවිධ, එනම් ආණ්ඩුකාරවරයා මහඇමැතිගේ කැමැත්ත අනුව පත් කිරීම, සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම යනාදී සියලූම අගයන් එක්කොට තුනෙන් දෙකෙන් සම්මත කර ගැනීමට උත්සාහ කරනු ඇත. එසේ තුනෙන් දෙකෙන් සම්මත වුවහොත් ජනමත විචාරණයකින් තොරව රට ස්වාධීන පළාත් රාජ්‍යයන් 9 ට බෙදෙන අන්දම අප මීට පෙර මෙම පුවත්පත මගින්ම පෙන්වාදී ඇත. ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් මන්තී‍්‍රවරයා ළඟදීත් කියා සිටියේ ඔවුනට ‘‘ඒකීය’’ නම හෝ ‘‘ෆෙඩරල්’’ නම හෝ අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ පූර්ණ බලතල පමණක් බවත් ය. දැන් මේ සිදුවන්න යන්නේද එයයි. මෙම ලිපියෙන් ජනතාවට දන්වා සිටීමට අදහස් කරන්නේ වර්තමාන ජවිපෙ නායකයන් රට බෙදන නින්දිත කුමන්ත‍්‍රණයට දේශද්‍රෝහීන් ලෙස හවුල් වී ඇති අන්දමය. ඒ බව ජනතා විමුක්ති පාක්‍ෂිකයන් ද නොදන්නා බවට කිසිදු සැකයක් නැත.

    එදා ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන් දහස් ගණනක් දිවි පි¥ ඉන්දියාව විසින් අප වෙත බලෙන් පැටවූ 13 වැනි සංශෝධනයට විරුද්ධවය. එම 13 වැනි සංශෝධනයෙන් අපේ රට යම්කිසි ආකාරයකින් පෙඩරල් වුවද, එය මුළුමනින්ම පෙඩරල් වීම වළක්වාලීමට යම් යම් බාධක ඇතුළත් කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට හැකි වූයේද එම ජනතා විමුක්ති පෙරමුණේ බලවත් විරෝධය පෙන්වාලමින්ය. අද වර්තමාන ජ.වි.පෙ. පාලකයන් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා කිරීමට යන්නේ ජේ. ආර්. ජයවර්ධන විසින් දමා ඇති එම ‘‘බාධක’’ ඉවත් කිරීමය. එවිට රට මුළුමනින්ම පෙඩරල් වීම වැළැක්විය නොහේ. එසේ නම් මෙම ජ.වි.පෙ. පාලකයන් අද කිරීමට යන්නේ එදා 13 ට විරුද්ධව තම වටිනා ජීවිත බිලිඳුන් දහස් ගණන් තරුණ / තරුණියන්ව නින්දිත අයුරින් පාවාදීම නොවේ ද? සැප්තැම්බර් 5 වැනිදා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් රජයට විරුද්ධව කොළඹට ඇදෙන බවත්, එදින බොහෝවිට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ නොසිටින බව සමස්ත

    ජනතාවගේම අවධානය එදින එම උද්ඝෝෂණ කි‍්‍රයාවලියට බවත් සියල්ලන්ම දැනසිටි කරුණකි. ජවිපෙ මෙම අතිශය සංවේදී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ද සැප්. 5 වැනිදාය.

    වර්තමාන ජනපති බලයට පත් වූ විගස එනම් 2015 වර්ෂයේ පෙබරවාරි 10 වැනි දින, උතුරු පළාත් සභාවේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති විසින්, ඉතා කුප‍්‍රකට යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී. එහි අඩංගු කරුණු කිහිපයක් ඉතා සැකෙවින් මෙසේය.
    මෙතෙක් පැවැති සියලූම ලංකා රජයන් ඉතා සැලසුම් සහගත ලෙස දෙමළ ජනතාව සමූල ඝාතනයට ලක් කරමින් සිටී.
    සියලූම රජයන් දෙමළ ජනතාවගේ මානව හිමිකම් සැලසුම් සහගත ලෙස උල්ලංඝනය කරමින් සිටි අතර එහි කූටප‍්‍රාප්තිය වූයේ 2009 වර්ෂයේදීය.
    රජයේ අනුග‍්‍රහයෙන් දෙමළ ජනතාවට ලිංගික හිංසා සිදුවූ අතර සංස්කෘතිමය, භාෂාමය වශයෙන් ද ඔවුන්ට එරෙහිව විනාශකාරී ප‍්‍රතිපත්තීන් ගෙන යමින් තිබේ.
    දේශීය අධිකරණය කෙරේ කිසිදු විශ්වාසයක් නොමැති හෙයින් හමුදාව විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික යුද අධිකරණයට යොමු කළ යුතුය.
    එජා සංගමයේ මහලේකම්ගේ දරුස්මාන් වාර්තාවේ ද ගෝඨාභය රාජපක්‍ෂ සුදු වෑන්වලින් පැහැරගෙන යෑම සඳහන් කොට තිබේ. එවන් පැහැර ගෙන යෑම් සහ සරණාගත කඳවුරුවලදී ලංකා හමුදාව මගින් එහි සිටි කාන්තාවන්ට ලිංගික අපරාධ කර ඇති හෙයින් එයින් දෙමළ ජනතාව දැඩි මානසික පීඩනයට ලක්ව ඇත.
    මධ්‍යම පළාතේ දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් වඳ භාවයට පත්කොට තිබේ. 2007 වර්ෂයේදී ද ඇමරිකානු තානාපති කාර්යාලය විසින් දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් ගබ්සා කර ඇති බවට සඳහන් කොට තිබේ. උතුරේ හමුදා සාමාජිකයන් නිසා දෙමළ කාන්තාවන් නිරතුරුවම ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානමට ලක්ව තිබේ.
    උතුරු පළාත් සභාව මෙම යෝජනාව අනුමත කරගත් පසු,

    අද වනතුරු, වරින්වර දෙමළ ජනතාවට වන අසාධාරණය සහ හමුදා ආක‍්‍රමණයන්්/ යුද අපරාධ සම්බන්ධ යෝජනා සම්මත කර ගනිමින් සිටී. මෙම යෝජනා කිසිවක් රජය විසින් ප‍්‍රතික්‍ෂේප කොට නොමැත. පළාත් සභාවක් මගින් සම්මත කර ගන්නා යෝජනාවන්ට රජය නිල වශයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ නැත්නම්, එසේ නැත්නම් පාර්ලිමේන්තුවේ හෝ එයට විරුද්ධව මතයක් ප‍්‍රකාශ නොකරන්නේ නම් එය පිළිගත්තා සේ සැලකේ. එසේ නම් ඉහත සඳහන් සියලූම දෑ වර්තමාන රජය විසින් වක‍්‍රව නොව සෘජුව පිළිගෙන තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය විසින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කරන කොන්දේසිවලින් එකක් වනුයේ එම පළාතේ ජීවත් වන ජනතාව, වසර ගණනක් තිස්සේ, නොකඩවා ලිංගික හා අනෙකුත් වධහිංසා, හිරිහැරවලට භාජනය වීමය. උතුරු පළාතේ විග්නේශ්වරන් එම කොන්දේසිය දැනටමත් සපුරා ඇත්තේ එසේය. එයට අපේ යහපාලන අඥාන පාලකයන් දායක වී ඇත්තේ මෙසේය.

    ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, පෙර සඳහන් කළ පරිදි, 13 වැනි සංශෝධනයට අන්තර්ගතකොට ඇති ‘බාධක’ වලින් සමහරක් වනුයේ ජනපතිගේ විධායක බලය පාවිච්චි කරන ආණ්ඩුකාරවරයාගේ තනතුර සහ සමගාමී ලැයිස්තුවයි. උදාහරණයක් ලෙස උතුරේ මහඇමැති රටට ‘‘අහිතකර’ නීතියක් ගෙන ආවොත් ආණ්ඩුකාරවරයාට ‘‘ජනපති විධායක බලය’’ පාවිච්චි කරමි. එය හරවා හැරිය හැක. එසේ ම සමගාමී ලැයිස්තුවේ තිබෙන, පරිසරය, ඓතිහාසික නටබුන්, උසස් අධ්‍යාපනය, විවාහ/ උප්පැන්න යනාදී විෂයයන් 36 ක් සම්බන්ධයෙන් නීති සෑදීමට පළාත් සභාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුය. ජනපතිගේ විධායක බලය අහෝසි වුවහොත් ආණ්ඩුකාරවරයාට ප‍්‍රධාන ඇමැති අභිබවා යෑමට බලයක් නොලැබේ. තවද ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ තිබෙන්නේ ආණ්ඩුකාරවරයා ප‍්‍රධාන ඇමැතිගේ කැමැත්ත අනුව පත් කළ යුතු බවය. මේ කරුණු දෙක එසේ වුවහොත් උතුරේ ප‍්‍රධාන ඇමැතිවරයාට ලැබෙන ‘බලය’ කොපමණ දැයි ඔබට සිතා ගත හැකිය. උතුරේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති දැනටමත් උතුරේ බුදුපිළිම ඉවත් කළ යුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි යයි. නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීමට තවමත් තහංචි පනවමින් සිටී. උතුරේ සිංහලයාට ජීවත් වීමේ අයිතියක් නැතැයි ප‍්‍රසිද්ධියේ කියයි. උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කළ යුතු යැයි දිනපතා මොරදෙයි. ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් මේ කිරීමට හදන්නේ එවන් වූ විග්නේශ්වරන්ට උතුරේ නීති සෑදීම සම්බන්ධයෙන් පූර්ණ බලතල ලබාදීමය. ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ අඩංගු අනෙක් වැදගත්ම නිර්දේශය නම් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමය. එම කරුණු දෙක සම්බන්ධ බලය විග්නේශ්වරන්ට ලබා දුනහොත් උතුරේ සිදුවන්නේ කුමක්දැයි ජනතාවට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවේ.

    ජවිපෙ ගෙන එන මෙම ව්‍යවස්ථා සංශෝධන පනතට කාරක සභා අවස්ථාවේදී පෙර කී, නොකී සංශෝධන ගණනාවක් එකතු වනු ඇත. ප‍්‍රාදේශීය සභා පනතේ කාන්තා නියෝජනය කියමින් ගෙන ආ යෝජනාව අවසානයේ පාර්ලිමේන්තුවේ සම්මත වනවිට මුලින් නොතිබූ යෝජනා 323 අඩංගුව තිබූ බැව් සියල්ලන්ම දනී. මෙම පනතට ද සිදුවන්නේ එයමය. එවිට රට බෙදන, බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් තෘප්තිමත් කරන,

    ‘‘ඒකීය’’ නාමය යටතේ රට මුළුමනින්ම පෙඩරල් කරන සංශෝධන ගණනාවක් සමග මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත තුනෙන් දෙකින් සම්මත කර ගැනීමට මොවුන් උත්සාහ කර ඇත. ජවිපෙ නායකයන් ජනතාවට කොලේ වසා එසේ කිරීමට තැත් කරන්නේ විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන ‘‘ආකර්ෂණීය’ සටන් පාඨය ගෙන එසේ 2/3 න් එය සම්මත වූවා යැයි සිතමු. එවිට වන්නේ කුමක්ද?

    මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විගස උතුරු පළාත් සභාව (උදාහරණයක් ලෙස) තමන්ට අවශ්‍ය ජාතිවාදී නීති සියල්ලක්ම සම්මත කරගනු ඇත. එසේ ම පොලිස් බලතල සහ ඉඩම් බලතල වැනි සංවේදී බලතල කි‍්‍රයාත්මක කරනට සැරසෙන විට අනිවාර්යයෙන් එයට දකුණේ විරෝධය හට ගෙන ඇත. ‘‘ඊළම ලබා ගැනීම සඳහා තමන්ගේම ජනතාව සහ නායකයන් මරා දැමූ ප‍්‍රභාකරන් ‘‘වීරයෙක්’ යැයි උදම් අනන විග්නේශ්වරන්ට හමුදා සාමාජිකයන් පිටතින් ජාතිවාදී කෝලාහලයක් වුවද ආරම්භ කිරීමට හැකියාවක් තිබේ. එවිට ලෝකයාට පෙන්වන්නේ තමන්ට පාර්ලිමේන්තුවෙන් ලබා දුන් ‘‘බලය’’ පාවිච්චි කිරීමට ‘‘සිංහල’’ ජනතාව එරෙහි වන බව සහ එයට එරෙහිව ‘‘දෙමළ’ ජනතාව ඝාතනය කරන බවය. එ.ජා.සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය මගින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් යනුවෙන් නම් කිරීමට අවශ්‍ය වන තවත් වැදගත් කොන්දේසියක් වනුයේ එම ජන කොට්ඨාසයට දී ඇති බලය පාවිච්චි කිරීමට ඉඩ නොදීමය. විග්නේශ්වරන් ඉතා සූක්‍ෂම ලෙස එම කොන්දේසිය සපුරා ගැනීමට යන්නේ එලෙසිනි. අපේ ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එයට උඩගෙඩි දෙන්නේ මේ අයුරිනි.

    වෙනම රාජ්‍යයක් හෙවත් ‘‘ඊළමක්’’ සඳහා වන අනෙකුත් කොන්දේසි නම් එම පළාතේ වෙනම ජන කොට්ඨාසයක් විසීමය. උතුරේ ජීවත් වූ සිංහල/ මුස්ලිම් ජනයා අමු අමුවේ ඝාතනය කොට පලවා හැර ජනවාර්ගික ශුද්ධයක් කළේ ප‍්‍රභාකරන්ය. ඉන්පසු එහි ජීවත් වූ සිංහල/මුස්ලිම් වැසියන්ට නැවත එහි පදිංචියට ඉඩ නොදෙන්නේ විග්නේශ්වරන් ය. උතුරේ 99.9% ක් දෙමළ ජනතාව පමණක් ජීවත් වන්නේය යන අවශ්‍යතාව ද බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් සපුරා ඇත්තේ එසේය.

    එසේ නම් ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එක්ව දියත් කරන්නා වූ මෙම දේශද්‍රෝහී කුමන්ත‍්‍රණය හමුවේ රටේ ජනතාව කළ යුත්තේ කුමක්ද? අප විසින් කළ යුත්තේ කෙසේ හෝ මෙම ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වීම වැළැක්වීමය. දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ 69 ක් පමණ සිටී. එසේනම් තව මන්තී‍්‍රවරුන් 7 දෙනෙක් නොවරදවාම මෙයට විරුද්ධ නොවන බව අප තහවුරු කර ගත යුතුය. තමාගේ පළාතේ මන්තී‍්‍රවරයාට කරුණු පහදා ඔහුට මෙයට පක්‍ෂව ඡුන්්දය දීමෙන් වළක්වාලිය යුතුය. අද වන විට මූල්‍යමය අතින් ඉතාම ශක්තිසම්පන්න බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දෙන සෑම මන්තී‍්‍රවරයකුටම රුපියල් මිලියන 300 බැගින් (එනම් ඩොලර් මිලියන 2 බැගින්) දීමට සූදානම්ව සිටින බව ආරංචි මාර්ග පවසයි. වසරකට ඩොලර් මිලියන 400 ක ආදායමක් ඇති ඔවුනට එය ඉතා සුළු දෙයකි. එසේ නම් මෙම ව්‍යවස්ථාව සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දෙන සෑම මන්තී‍්‍රවරයෙක් ම මුදලට තම මාතෘභූමිය පාවා දෙන්නෙකි. ඔහුගේ බිරිඳ, දූ පුතුන් මවුපිය ඥාතීන් සියල්ලන්ම මාතෘභූමිය පාවා දුන් කෙනකුගේ ඥාතීන් බවට පත් වේ. කරුණු එසේ බැවින් එම ඥාතීන්ගේ ද යුතුකම සහ වගකීම වනුයේ තම මන්තී‍්‍ර ඥාතිවරයා එම නින්දිත කි‍්‍රයාවෙන් වළකාලීමය.

    කවුරු කෙසේ රට බෙදීමට වෑයම් කළත් දේශපේ‍්‍රමී ජනතාව සහ රණවිරුවන් එය දිවි පුදා හෝ වළකාලනු ඇත. එම ව්‍යායාමයේ දේශද්‍රෝහීන් කවුරුන්දැයි ජනතාවට තේරුම් යනු ඇත. එවන් වූ දේශද්‍රෝහීන්ට සහ එම පරම්පරාවට ස්වභාවධර්මය විසින්ම දඬුවම් දෙනු ඇත. මන්ද රට ආරක්‍ෂා කිරීමට වසර දහස් ගණනක් තිස්සේ දිවි පිදූ වීරයන්ගේ අනුහසට ස්වභාවධර්මයා ද සවන් දෙන බැවිනි.

    රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

    යුතුකම සංවාද කවය
    yuthukama.com





    23755555_1649604585104457_566576648743536221_n.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    අයියෝ බයියෝ කියල දාපු ගමන් දුවගෙන එන්න එපා මිනිහෝ...ජොබ් එකක් හොයාගනින්කෝ :P:P



    උබේ කරුමක්කාරකමට උබ ත්‍රෙඩ් දාන වෙලාවට මම ඔන්ලයින්.ඒකට ඉතින් මම මොනා කරන්නද ජෙප්පෝ.:lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබේ කරුමක්කාරකමට උබ ත්‍රෙඩ් දාන වෙලාවට මම ඔන්ලයින්.ඒකට ඉතින් මම මොනා කරන්නද ජෙප්පෝ.:lol:
    කීප් බම්පින්.:cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113

    මේ රටේ තියෙන්නෙ අවස්තාවාදි දේශපාලනය මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනය නෙවේ. විධායක ජනදිපති ධූරයට එරෙහිව මැතිනිලා ඉස්සර පස් නොකාපු එක විතරයි. චන්ද්‍රිකා අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒත් කරේ නෑ මොකද තමන්ගෙ පක්ශෙට දිනන්න පුලුවන් නිසා. මහින්ද අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒතෙර් කරේ නෑ. මෛත්‍රී කටින් කියන් ආවෙ අහෝසි කරනවයි කියලා. ඒත් පොතේ තියෙනව විදිහට ඒ වගන්ති වලට අත තියන්නෙත් නෑයි කියලා කියන්නෙ. කොහොම හරි මිනිහා තටු ටිකක් කැපුවා. හැබැයි දැන් මිනිහා අහෝසි කරන්න කැමති නෑ. හැබැයි බොරුවට රඟනවා අහෝසි කරන්න ඔනේ කිය කිය. දැන් මහින්ද කැමති අහෝසි කරනවට. මොකද මිනිහට ආයිත් ජනාදිපති වෙන්න බෑනේ. ඒ නිසා අහෝසි කරන්න කියනව. හැබැයි එයාගේ කාලෙදි කරේ නෑ. එජාපය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට ජනාධිපති වෙන්න බැරි නිසයි. ඉස්සර පක්ශයි. ජවිපෙ එදා ඉඳන් විරුද්ධ ඒ අයට බැරි නිසයි.

    දැන් උබලට තේරෙන්න ඕන උබලා ඔය රෙදි නැතුව කඩේ යන්නෙ මොන වගෙ අවසථාවාදියො ටිකකටද කියලා.

    ඇත්ත තත්වෙ කියපු නිසා උබලා සේරම එකතුවෙලා දැන් මට ගහයි. ඒවා නොදැන නෙවේ මම මේවා කිව්වෙ. උබලා මේවට එකඟ නොවුනත් මොන වගෙ සර්පයො ටිකක්ද කියල වත් අඩුම ගානේ දැනගෙන ඉන්න එක වටිනව
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර

    මේ රටේ තියෙන්නෙ අවස්තාවාදි දේශපාලනය මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනය නෙවේ. විධායක ජනදිපති ධූරයට එරෙහිව මැතිනිලා ඉස්සර පස් නොකාපු එක විතරයි. චන්ද්‍රිකා අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒත් කරේ නෑ මොකද තමන්ගෙ පක්ශෙට දිනන්න පුලුවන් නිසා. මහින්ද අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒතෙර් කරේ නෑ. මෛත්‍රී කටින් කියන් ආවෙ අහෝසි කරනවයි කියලා. ඒත් පොතේ තියෙනව විදිහට ඒ වගන්ති වලට අත තියන්නෙත් නෑයි කියලා කියන්නෙ. කොහොම හරි මිනිහා තටු ටිකක් කැපුවා. හැබැයි දැන් මිනිහා අහෝසි කරන්න කැමති නෑ. හැබැයි බොරුවට රඟනවා අහෝසි කරන්න ඔනේ කිය කිය. දැන් මහින්ද කැමති අහෝසි කරනවට. මොකද මිනිහට ආයිත් ජනාදිපති වෙන්න බෑනේ. ඒ නිසා අහෝසි කරන්න කියනව. හැබැයි එයාගේ කාලෙදි කරේ නෑ. එජාපය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට ජනාධිපති වෙන්න බැරි නිසයි. ඉස්සර පක්ශයි. ජවිපෙ එදා ඉඳන් විරුද්ධ ඒ අයට බැරි නිසයි.

    දැන් උබලට තේරෙන්න ඕන උබලා ඔය රෙදි නැතුව කඩේ යන්නෙ මොන වගෙ අවසථාවාදියො ටිකකටද කියලා.

    ඇත්ත තත්වෙ කියපු නිසා උබලා සේරම එකතුවෙලා දැන් මට ගහයි. ඒවා නොදැන නෙවේ මම මේවා කිව්වෙ. උබලා මේවට එකඟ නොවුනත් මොන වගෙ සර්පයො ටිකක්ද කියල වත් අඩුම ගානේ දැනගෙන ඉන්න එක වටිනව


    Atta ban. Mokaa awat ekai. Ekama pawul set ekak.