ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..

    අපි ගොඩක් දෙනෙක් වාද විවාද කරගන්න මාතෘකාවක් නේ "මරණය" සහ "පරපණ නැසීම" හෙවත් සතෙක් මරණ එකේ කර්ම විපාකය ලැබෙන විදිහ. මටත් ඔය ප්‍රශ්න ගණනාවම තිබුනා. අහම්බෙන් වගේ කියවන්න ලැබුනා රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ "බෞද්ධයාගේ අත්පොත" කියන පොත. ඉතින් මගේ හිතේ තිබුන ගොඩක් සැක සංකා නැති කරන්න ඒ පොත වටිනා දහම් පඩුරක් උනා.. මං වගේම බුදුදහමේ එන යම් යම් කරුණු ගැන සැකයන් තියෙනවා නම් මේ පොත අනිවා කියවන්න.


    සම්පූර්ණ පොත මෙතනින් බාගන්න පුළුවන්.


    බෞද්ධයාගේ අත්පොත



    ගොඩක් දෙනෙක් බාගත්තත් කියවන්න කම්මැලි නිසා මං පහලින් දාන්නම් මේ පොතේ මට ප්‍රයෝජන උන කරුණු කීපයක්.


    1. අපි ඇවිදිනකොට පයට පෑගෙන සත්තු මැරෙනකොට අපිට ප්‍රාණගාත අකුසල් වෙනවද?


    [FONT=&quot]යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]2. Doctors ල අතින් ශල්‍යකර්ම වලදී මැරෙන ලෙඩ්ඩු නිසා ඔවුන්ට අකුසල් වෙනවද?[/FONT]

    [FONT=&quot][FONT=&quot]සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.[/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot]3. අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක් වෙනුවට වෙන කෙනෙක්/සතෙක් අපේ ක්‍රියාව නිසා මැරුනොත් අකුසල් වෙනවද?[/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි.( එය මිනිසුන්ටද පොදුය)[/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]4. ජනාධිපති සිරිසේන එල්ලුම්ගහ ක්‍රියාත්මක කලොත්, පොරට ප්‍රාණගාත අකුසල් වෙනවද? :D
    [/FONT][/FONT][/FONT]


    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඔව්.
    [/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සයම, ජානාධිපතිගේ නියෝගයට ඇතුලත් වේ. එනම් උදාහරණයක් ලෙස, අසවල් තැනැත්තා, අසවල් වෙලාවට, අසවල් ස්ථානයෙදී ගෙල සිර කොට එල්ලා මරණ ලෙස නියෝග කරමි, කිව්ව ගමන් අර ක්‍රියා 6 ම සම්පූර්ණ වෙනවා. ඉතින් පම්පෝරි ගැහුවට සිරා ඇතුළු හැම ජනාධිපති කෙනෙක්ම ඕක කරන්න බය ඒකයි.[/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot](නමුත් ඒ පුද්ගලයා එල්ලා මරණ නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකෙ කුසල්/අකුසල් ගැන මෙතන කියවෙන්නේ නෑ)[/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]5. මා පියන් මැරීම.[/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ.[/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot]යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි. මව හෝ පියා මරන්නට සිතා රාත්‍රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මයක් නොවේ. මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මේ ඒලක චතුෂ්කය යි.[/FONT]
    [FONT=&quot]රාත්‍රී කාලයේ දී සොරෙකැ යි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මේ චෞර චතුෂ්කය යි.[/FONT]
    [FONT=&quot]යුද්ධයක දී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්‍යයන්ට පහර දුන් කල්හි පියා පලායෙති’ යි සිතා අන්‍යයන්ට පහර දෙන කල්හි, පියාට පහර වැදී මළේ ද එයින් ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි. සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරකුට විද්ද කල්හි, හීය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්‍ය්‍ය කර්මය වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. යම් කිසිවකු පිදුරු යට සැඟ වී සිටින බව දැන ඔහු මරමි යි පිදුරු ගොඩට ඇන්න කල්හි පියා හෝ මව එහි සිට මළේ වේ නම් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු වේ.[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]6. [/FONT][FONT=&quot]දුකින් මිදවීමට මැරීම[/FONT]

    [FONT=&quot][FONT=&quot]සමහරු දුක් විඳින සතුන් දුකින් මිදවීමට ය කියා මරා දමත්. එයින් පවක් නො වෙතියි ද ඔවුහු සිතති. අවීචි මහා නරකයෙහි දුක් විඳින සත්ත්වයෝ පවා මරණයට බිය වෙති. සත්ත්වයාහට ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැත. ඔහුට එය නැතිවීමට වඩා මහත් අන් දුකක් ද නැත. එ බැවින් නිදහස් කිරීමටය කියා සතකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කර දීමකි. එ බැවින් එය පාපයකි.[/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot]මෙය මිනිසුන්ටද අදාලවේ. කොමා එකක ඉන්න මනුස්සයෙක්ගෙන් ඒ යන්ත්‍ර ගලවාදැමීම පාපයකි.[/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot]7. අලියෙක් මැරීමයි කූබියෙක් මැරීමයි සමානද?[/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]මරනු ලබන සත්ත්වයන් ගුණයෙන් සම වූ කල්හි මහා ශරීර ඇති සත්ත්වයා මැරීම මහා සාවද්‍ය වේ. මහා ශරීර ඇති සත්ත්වයකු මැරීමට මහත් උපක්‍ර‍මයක් කළ යුතු බැවිනි. උපක්‍ර‍මය අල්ප වන බැවින් කුඩා ශරීරය ඇති සතා මැරීම අල්ප සාවද්‍ය ය. මැරීමෙහි දී ඇති වන ක්‍රෝධය මහත් වන කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ක්‍රෝධය මඳ ක්හි අල්ප සාවද්‍ය වේ. මහාසාවද්‍ය කර්මය මහා විපාක ඇත්තේ ය. අල්පසාවද්‍ය කර්මය අල්ප විපාක ඇත්තේ ය.[/FONT][/FONT][/FONT]


    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ප්‍රාණඝාත කර්ම සියල්ල ම එකිනෙකට සමාන වන්නේ නොවේ. මරනු ලබන සත්ත්වයන්ගේ ගුණාගුණවල සැටියට ද මැරීමට කරන උපක්‍ර‍මයන්ගේ සැටියට ද ක්ලේශයන්ගේ සැටියට ද ඒවායේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කියනු ලැබේ. මරනු ලබන සත්ත්වයා ගුණවතකු වූ කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ගුණහීනයන් මැරීම අල්පසාවද්‍ය වේ. මාපියන්ගේ හා රහතුන්ගේ ගුණ ඉතා බොහෝ ය. එබැවින් මා පියන් මැරීම හා රහතුන් මැරීම ආනන්තර්‍ය්‍ය කර්‍මය වේ. ආනන්තර්‍ය්‍ය කර්මය කල්පයක් නරකයෙහි දුක් විඳීමට හේතු වන්නකි.[/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]වීපාකය...
    [/FONT][/FONT][/FONT][/FONT]


    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]​
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකේ සමහර දේවල් තව ටිකක් පැහැදිලි කරන්න ඕනි. ඒ කියන්නේ සමහර ක්‍රියා වලින් ප්‍රාණ ඝාත අකුසලය සිදු නොවුනට වෙනින් අකුසලයක් සිදු වෙනවා. සමහර විට ප්‍රාණ ඝාත අකුසලය සිදුනොවුනත් සත්ව හිංසාව නිසා, ක්‍රෝධය නිසා රැස්වන අකුසල් සිදුවනවා.

    එව්වා ගැන සැළකීලීමත් වන්න.
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Kusal akusal gana hitana widiya anuwa thamai godakma wenne. para pana nasanna hituwath pawak neda.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    (නමුත් ඒ පුද්ගලයා එල්ලා මරණ නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකෙ කුසල්/අකුසල් ගැන මෙතන කියවෙන්නේ නෑ)


    My3 ta marana daduwama kriyathmaka karanna kiyana. E theeranayata ekanga wena minissuntath paw pirenawa neda?
     
    • Like
    Reactions: Sai_baba

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    අඩෝ සුදු වෑන් වලින් අරන් ගිහින් මැරුවොත් පව්ද? :oo:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ සමහර දේවල් තව ටිකක් පැහැදිලි කරන්න ඕනි. ඒ කියන්නේ සමහර ක්‍රියා වලින් ප්‍රාණ ඝාත අකුසලය සිදු නොවුනට වෙනින් අකුසලයක් සිදු වෙනවා. සමහර විට ප්‍රාණ ඝාත අකුසලය සිදුනොවුනත් සත්ව හිංසාව නිසා, ක්‍රෝධය නිසා රැස්වන අකුසල් සිදුවනවා.

    එව්වා ගැන සැළකීලීමත් වන්න.
    හරියට හරි මචන්.. මෙතන කියල තියෙන්නේ ප්‍රාණගාත අකුසලයක් වෙනවද නැද්ද කියන කාරණය විතරයි. සතෙක් මරණ සිතුවිල්ලක් ආවත් ඇති, ඒ අකුසල් චෛතිසික පරම්පරා ගණනාවක් තප්පර කීපයක් ඇතුලත ඇති වෙන්න. ඉතින් ඒවයෙන් ලැබෙන විපාක වෙනස්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට එක්නැලිගොඩ මරවපු එකාට මොකද වෙන්නෙ? දිව්‍යලෝකෙ යනවද?:P


    එක්නැලිගොඩ කියන සිංහල කොටියා මැරුවා කියල ඔයා හරියටම දන්නවා නම් CID එකට ගිහින් සාක්ෂි දීලා අත්අඩංගුවට ගන්න උදවු වෙන්න. මොකද ඒ LTTE කාඩරයා දැනට ඉන්නේ අතුරුදහන් වුනු ලැයිස්තුවේ..:D

    සමහර විට තාජුදිනුත් ඒකට සම්බන්ධ ද දන්නේ නෑ.. :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Kusal akusal gana hitana widiya anuwa thamai godakma wenne. para pana nasanna hituwath pawak neda.


    හිතන එක පවා අකුසල චිත්තයක් මචන්. නමුත් මෙතන කියල තියෙන්නේ පොදුවේ අකුසලකර්ම සිදු වෙන විදිහ නෙමෙයි. ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ ගැන විතරයි..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    (නමුත් ඒ පුද්ගලයා එල්ලා මරණ නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකෙ කුසල්/අකුසල් ගැන මෙතන කියවෙන්නේ නෑ)

    My3 ta marana daduwama kriyathmaka karanna kiyana. E theeranayata ekanga wena minissuntath paw pirenawa neda?


    මරන්න අනුබල දෙන එක ගැන විග්‍රහය මෙන්න..


    [FONT=&quot]වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සය ඇණවීම සම්බන්ධයෙන් දත යුතු ය.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](1) [/FONT][FONT=&quot]වස්තුව[/FONT][FONT=&quot] යනු මරනු ලබන තැනැත්තා ය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්ත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම්, අණ ලැබූ තැනැත්තා විසින් නො වරදවා ඒ සත්ත්වයා ම මැරුව හොත් අණ කළා වූ ද මැරුවා වූ ද දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්ත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදු වේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](2) [/FONT][FONT=&quot]කාලය[/FONT][FONT=&quot] යනු රාත්‍රී කාල දිවා කාලාදිය ය. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේ දී මරන්නට අණ කල කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුව හොත් කර්මය මැරූ තැනැත්තාට ම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වේලාවේ ම මැරුව හොත් දෙදෙනාට ම පාපය වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](3) [/FONT][FONT=&quot]අවකාශය [/FONT][FONT=&quot]යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්ත්වයකු මරන්නට අණ කළ කල්හි, අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැන ම සිටින සත්ත්වයා මැරුව හොත් දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්ත්වයකු මැරුව හොත් මැරූ තැනැත්තාට ම කර්මය හිමි වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](4) [/FONT][FONT=&quot]ආයුධය [/FONT][FONT=&quot]යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය ය. අණ කරන්නා පිහියකින් ඇණ මරන්නට නියම කළ කල්හි, අණ ලැබූ තැනැත්තා එසේම කළ හොත් දෙදෙනාට ම කර්මය හිමි වේ. අන් ක්‍ර‍මයකින් මැරුවහොත් අණ කළ තැනැත්තා මිදේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](5) [/FONT][FONT=&quot]ඉරියවුව [/FONT][FONT=&quot]යනු මරනු ලබන සත්ත්වයා සිටින ඉරියවුව ය. නිදා සිටිය දී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්ත්වයා ගමන් කරද්දී මැරුව හොත් අණ කළ තැනැත්තා මිදේ. නිදා සිටියදී ම මැරුව හොත් මරවන මරන දෙදෙනාට ම කර්මය හිමි වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](6) [/FONT][FONT=&quot]ක්‍රියා විශේෂය [/FONT][FONT=&quot]යනු මරනු සඳහා කරන උපක්‍ර‍මය යි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ ම කළ හොත් මරවන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. අන් ක්‍ර‍මයකින් මැරුව හොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමි වේ.[/FONT]
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට එක්නැලිගොඩ මරවපු එකාට මොකද වෙන්නෙ? දිව්‍යලෝකෙ යනවද?:P


    බොරු දාන්න කලින් මේ පොත කියවල ඉදපන්.. බොරු post දාන එකේ විපාක පහල තියෙනවා, කියවපන්..


    මුසාවාදා කර්මය සිදු වීම..



    [FONT=&quot]දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්‍ර‍වෘත්ති පත්‍ර‍ සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.[/FONT]

    [FONT=&quot][FONT=&quot]අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ.[/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි.
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](1) කියන කරුණ බොරුවක් වීම ය.
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](2) අනුන් රවටන අදහස ය
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](3) ඇඟවීමේ උත්සාහය ය
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.[/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT]


    [FONT=&quot]බොරු කීමේ විපාක[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    topkollek ට නම් අන්තිමට කියල තියෙන දේ ගැන බය වෙන්න දෙයක් නෑ.. මොකද ඉතින් කොල්ලොම දෙන්නෙක් මොනවා කලත් දරුවෝ හැදෙන්නේ නෑ නේ..:yes:
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][/FONT] [/FONT][/FONT]
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට එක්නැලිගොඩ මරවපු එකාට මොකද වෙන්නෙ? දිව්‍යලෝකෙ යනවද?:P


    එක්නැලිගොඩගේ පුල්ලි එලියට - කොටි ඔත්තුකරුවකුගේ හඬපටයක්‌ යුද හමුදාව සීඅයිඩියට භාර දෙයි


    ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය සඳහා රහස්‌ පොලිසිය ඉල්ලා සිටි සහයෝගයට අනුව තමන් භාරයේ තිබූ, ඉකුත් වන්නි මානුෂීය මෙහෙයුම සමයේ එල්ටීටීඊයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති ත්‍රස්‌තවාදියකුගේ හඬ පටයක්‌ රහස්‌ පොලිසියට භාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

    කොළඹ පදිංචිව සිටි සිංහල කොටියකු වූ ප්‍රදීප් රංජිත් නමැති මෙම ත්‍රස්‌තවාදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදේශගත වන අවස්‌ථාවකදී ගමන් ගන්නා ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ලකර ජනපති ඝාතනය කිරීමට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සමඟ සැලසුම් කරනු අයුරු මෙම හඬ පටයේ ඇතුළත් බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මාවිල්ආරුවෙන් ඇරඹි නැගෙනහිර යුද මෙහෙයුමෙන් පසු දියත් කළ වන්නි අවසන් මානුෂීය මෙහෙයුම සමයේ පී. රංජිත් නමැති මෙම ත්‍රස්‌තවාදියා එල්ටීටීඊ බුද්ධි අංශ නායකයන් සමග සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා ඝාතනයට මෙසේ සැලසුම් කර ඇත.ඒ දිනවල ව්‍යාජ කොටි බුද්ධි සේවයක්‌ ආරම්භ කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක කර තිබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමට අනුව පී. රංජිත් නමැති ත්‍රස්‌තවාදියා හිටපු ජනාධිපතිවරයා ඝාතනයට එල්ටීටීඊය සමඟ සිදු කළ කථා බහ පටිගත කිරීමට හැකි වී ඇත.

    වන්නි මානුෂීය මෙහෙයුමටත් පෙර සිටි මෙකී සිංහල කොටියා ඒටීටීඊයේ සාම්පූර් බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ තවේන්ද්‍රන් සමග සබඳතා පවත්වා තිබූ අතර පසුව රංජිත් නොදැනුවත්වම තවේන්ද්‍රන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ඔත්තුකරුවකු බවට පත්ව ඇත.හිටපු ජනාධිපතිවරයා ඝාතනයට ඔහු කරන ලද සැලසුම පටිගත කිරීමට යුද හමුදා බුද්ධි අංශ සමත්වී ඇත්තේ හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධ වූ තවේන්ද්‍රන් කරනු ලැබූ අනාවරණයන් අනුවය. පී. රංජිත් නමැති ත්‍රස්‌තවාදියා තවෙන්ද්‍රන් හමුදාව හා සම්බන්ධ වීමෙන් පසුවද ඒ බවක්‌ නොදැන දකුණේ කටයුතු හා ප්‍රභූ ඉලක්‌ක පිළිබඳ ඔහුට එත්තු සපයමින් දිගින් දිගටම සබඳතා පවත්වා ඇත.

    source www.sathhanda.com/2016/01/blog-post_268.html

    අවුරුදු 30 ක යුද්දෙකින් පස්සේ කොලබ එක බෝම්බයක් වත් පිපුරුනේ නැත්තේ, ගෝටා ගේ සුපිරි මොලයෙන් දුන්න මේ වගේ බුද්ධි අංශ මෙහෙයුම් නිසා...




    :sorry:
     
    • Like
    Reactions: බෙන් 10