මෙහෙම නොවුනා නම් තමා පුදුමේ. මේ ලැබෙන්නේ මීට වසර පහකට පමණ ඉහතදී අපේ ක්‍රිකට් වල සිදුවුණු දේවල ප්‍රතිඵල. අද කණ්ඩායමේ ඉන්න බහුතරයක් First Class මට්ටමේ දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ මිස ජාත්‍යන්තර අත්දැකීම් ඇති අය නෙමේ. යන්තම් හරි එහෙම අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ඉන්නවනම් ඒ ස්ථිරව එක දිගට ක්‍රීඩා කළ කෙනෙක් නෙවේ.මේවාට වගකියන්න ඕනේ අද ඉන්න පාලකයෝ ,නිලධාරීන් නෙමේ මීට වසර 5කට කලින් හිටපු අය .
දැන්වත් අපි මේ ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයන්,ලාබාල ක්‍රීඩකයන් ඇතුළු 20ක වත් සංචිතයකට කණ්ඩායමේ ස්ථාවර වෙන්න දීලා ,ක්‍රිකට් වලට දේශපාලන අත පෙවීම් නවත්වල අළුතින්ම 2025ට නායකයෙක් තෝරාගෙන සැලසුමක් ඇතුව වැඩකලොත් 2025දී අඩුතරමේ Super 4 ඇතුලට හරි විස්වාසයකින් එන්න පුළුවන්. 2025 වත් වෙනකන් ක්‍රීඩා කරන්න බැරි දක්ෂතාත් ඉහලම මට්ටමේ නැති ජේෂ්ඨ ක්රීඩකයෝගැන අපිට දෙවරක් හිතන්න වෙනවා රට වෙනුවෙන්.
එදාට මේ නිලධාරීන් නැති වෙයි ඒත් ඔවුන්ගේ ප්‍රතිඵලය රටට ලැබේවි .එහෙං නැත්නම් අනිත් ක්‍රීඩා වලට වෙලා තියන දේම ක්‍රිකට් වලටත් වේවි.