Nissan Tiida 2007 ද? Toyota Vios 2005 ද? Honda Fit Aria 2007 ද? වඩා හොඳ. මම නම් කැමති සිඩෑන් එකකට. මම ගනන් හදල තියන විදියට මම අවුරුද්දට 15000KM විතර දුවනව. අවුරුදු දෙකක් දුවන්නයි මගේ ටාගට් එක (30000Km). Fit Aria තෙල් වැඩ කරනව හොඳයි කියල ගොඩක් අය කියනව. Vios ත් ඒවගේම තෙල් වැඩ කරනව කියල සමහර ත්රෙඩ් වල තිබ්බ. ඒත් මම Tiida එකට පොඩ්ඩක් කැමතියි. Fuel Consumption ගැන හිතන්නෙ නැතුවම නෙමෙයි. ඒත් මම ගණන් හදල බැලුවාම, Fit Aria එකෙයි Vios එකෙයි ලීටරේට 15Kmpl ඇවරේජ් දුවනවන්ම්, Tiida දුවන්නේ ඇවරේජ් 10Kmpl නම් අවුරුදු දෙකට තෙල් වලින් ඉතුරු වෙන්නෙ 170000Rs ක් වගේ ගානක්. රිසේල් කරද්දි ඒ ගාන අල්ලන්න පුලුවන්නම් මම කැමතියි Tiida එකකට යන්න. ඒත් මම Tiida ගැන වැඩිය දන්නෙ නෑ. මේ තුනේ කොම්පැරිසන් එකක් දන්න පුලුවන්නම් මචන්ල ලොකු හෙල්ප් එකක්. මම මේ වහාන වලින් ගිහින් තියෙන්නෙ Vios එකේ විතරයි. ඒ නිසා ලොකු අයිඩියා එකක් නෑ.
