ඩොලරයේ අගය ඉහළ යනවා කියන්නේ ඇඟලුම් ක්ෂේත්රයේ ලාබ වැඩි වෙනවා කියන එකයි. ලාබ වැඩි වෙද්දී නිෂ්පාදනය ඉහළ යනවා. ශ්රමයට තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා, ශ්රමයට ලැබෙන ප්‍රතිලාභත් වැඩි වෙනවා.
තේ කර්මාන්තය කියන්නෙත් මේ වගේම කාන්තා ශ්‍රමය බහුලව යොදා ගැනෙන තවත් කර්මාන්තයක්. තේ කර්මාන්තයේ නියැලෙන අය ඉන්නේ සමාජ ධුරාවලියේ තවත් පහළින්. ඩොලරය ඉහළ යද්දී ඒ අයටත් වාසියි.
මේ වන විට ලංකාවේ සෑහෙන පිරිසක් සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයේ රැකියා වල නිරතව ඉන්නවා. ඩොලරය ඉහළ යනවා කියන්නේ සංචාරක මග පෙන්වන්නට, හෝටල් සේවකයින්ට වගේ අයට ටිප් එකක් විදිහට ලැබෙන ඩොලර් එකකට වුවත් වැඩි මුදලක් ලැබෙනවා කියන එකයි. සංචාරක හෝටල් විසින් අය කරන ගාස්තුව ඩොලර් වලින් ඒ මට්ටමේම තියා ගත්තොත් වැඩි රුපියල් ප්‍රමාණයක් ඔවුන්ට ලැබී ලාබ ඉහළ යනවා. රුපියල් වලින් ඒ මට්ටමේම තියාගත්තොත් ඉල්ලුම වැඩි වන නිසා ඒත් ලාබ වැඩි වෙනවා.
රුපියල් අවප්‍රමාණය වන කොට ලංකාවේ ගොඩක් අයට වාසි තිබුණත්, එසේ වාසි ලබන වැඩි දෙනෙක් ලංකාවේ දේශපාලන බලය නැති, හඬක් නැති අයයි. නමුත්, ඩොලර් එකකට වැඩිපුර රුපියල් ගෙවන්න වීම ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ දේශපාලන බලය තිබෙන මධ්‍යම පාංතිකයින්ට. සමාජ ජාලා වල සක්‍රියව ඉන්නෙත්, මගේ මිතුරන් අතර ඉන්නේත්, මේ බ්ලොග් එක කියවන්නේත් ඒ කණ්ඩායමේ සිටින අයයි. ලංකාවේ "පොදු ජනතා හඬ" ලෙස හැම විටම වාගේ ඉස්මතු වෙන්නේ මේ කණ්ඩායමේ හඬයි.
ඔය මධ්‍යම පාංතික සමාජ ස්ථරයේ ඉන්න හැමෝම නොවුනත් ගොඩක් අය සෘජුව "නිෂ්පාදනයකට" දායක නොවන එක්කෝ රජයේ රැකියාවක නිරත, එසේ නැත්නම් සේවා අංශයේ රැකියාවක නිරත අයයි. සේවා අංශයේ රැකියා කරන අයත් කරන්නේ නිෂ්පාදනයක් තමයි. මම ඔවුන්ව කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, මේ කරුණේදී ඔවුන් හිතන ආකාරයේ වෙනසක් තිබෙනවා.
හැකි තරම් අඩු මිලට ලෝකයේ කොහෙන් හෝ තමන්ට අවශ්‍ය හොඳම බඩු මිල දී ගැනීමේ "උණ" තියෙන්නේ ඔය අන්තිමට කී සමාජ ස්ථරයටයි. ඒ නිසා ඩොලරය ඉහළ යාම ඔවුන්ට ලොකු ප්‍රශ්නයක්. ඔය පවුල් වලත් කවුරු හෝ සාමාජිකයෙක් බොහෝ විට විදේශගතව සිටිනවා. නමුත් ඒ වැඩි වශයෙන්ම බටහිර රටවල. ඒ අයත් ලංකාවට මුදල් එවනවා තමයි. නමුත්, මේ කියන පවුල් ජීවත් වෙන්නේ ඒ විදිහට ලැබෙන මුදල් වලින් නෙමෙයි.

Mehema Economics Ape kale thwune na